ක්‍රිකට් දියුණුවට පාර්ලිමේන්තු සංසදයක් ක්‍රීඩාවේ දියුණුව සඳහා පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය ලැබී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 November 2023
හොරා ගත් ලක්ෂ 50 රන් සමග හිටපු හමුදා සෙබළා මාට්ටු දිවා කාලයේ වසා තිබෙන නිවාසවලට ඇතුලු වී සොරාගත් රුපියල් ලක්ෂ පණහකට වැඩි වටිනාකමින් යුත් රත්‍රං භාණ්ඩ තොගයක් සමග යුද හමුදාවෙන් පලා ගිය සෙබළකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 22 November 2023
කැලේ කිතුල් මදින්න අවසර වනජීවී හා වන සංරක්ෂණ කලාප වල ඇති කිතුල් ගස් මැදීම සඳහා එම කර්මාන්තයේ යෙදෙන්නන්ට කැලයට ඇතුළුවීම සඳහා අවසර දීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟතාවය පළ කර ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 22 November 2023
ක්‍රිකට් සේවකයන්ට බෙදන්න දුන් ඩොලර් 55000 බහිරවයා ගිලලා ආසියා ක්‍රිකට් කවුන්සිලය සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් සිරාජ් මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගන සේවකයන්ට ලබා දීම සඳහා පරිත්‍යාග කළ ඩොලර් 55,000 ක මුදල තවමත් එම සේවකයන් වෙත ලබා දී නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය. 22 November 2023
ග්ලේන්ෆෝල් ඇල්ලත් නාය යයි පවතින අධික වර්ෂාව හේතුවෙන් ග්ලේන්ෆෝල් දිය ඇල්ල ආසන්නයේ ඉහල ප්‍රදේශයේ කොටසක් නායයාමකට ලක්ව තිබේ. 22 November 2023
ජනපති වැය ශීර්ෂ විවාදය අද ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය,උපරිමාධිකරණ වල විනිශ්චයකාරවරු ඇතුළු වැය ශීර්ෂ 25ක් පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී අද පැවැත්වේ. 22 November 2023
රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද( 22) පැවසීය. 22 November 2023
මැති සබේ කලබල කළ රාජ්‍ය ඇමැති සති දෙකක් ගෙදර ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත් හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. 22 November 2023
අධිවෙිගී මඟ ලෙඩ වෙයි :යුද හමුදාව කැඳවයි අධිවේගී මාර්ග පද්ධතිය පෞද්ගලික සමාගමකට ලබාදිම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අධිවෙිගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු හා කළමණාකරන කටයුතු අංශයේ සියලුම සේවකයන් ඊෙය් (22) අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණි අතර ඊෙය් (22) පෙරවරුවේ සිට ඒම රාජකාරී කටයුතු කිරීම සදහා යුද හමුදාව ෙයාදවා අැති අයුරු දක්නට ලැබිණ. 22 November 2023
උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් පාත් වෙයි උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල පස්කන්දක් අද (22) අලුයම කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 22 November 2023
හොර නෝට්ටු 65 සමග උපාධි අපේක්ෂකයා මාට්ටු රුපියල් 5000 හොර නෝට්ටු 65ක් සමග සරසවි බාහිර උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසි කියයි. 22 November 2023
පේරාදෙණියේ නාය යාමකින් අයෙක් මරුට පේරාදෙණිය නගරයේ සිදු වූ නාය යාමෙන් අතුරුදහන් වූ 68 හැවිරිදි පුද්ගලයාගේ මළසිරුර හමුවූ බව පොලිසිය කියයි. 22 November 2023
පස් කන්දක් නිසා බදුල්ල - කොළඹ මාර්ගය වැසේ බදුල්ල කොළඹ මාර්ගයට බෙලිහුල් ඔය,සීලෝගම දී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමලය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි පොලිසිය කියයි. 22 November 2023
වැස්ස අද සිට තවත් වර්ධනය වේ දිවයින පුරා පවතින වැසි තත්වය තවදුරටත් වර්ධනය වීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 November 2023
කඳුකර මාර්ග රැසක් අවහිර වේ තද වර්ෂාව සමඟ කඳුකර මාර්ග බොහොමයක ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ. එම්.එල්. උදය කුමාර මහතා පැවසීය. 22 November 2023
කෝටි 27ක කුඩු ගුවන්තොටෙන් අල්ලයි රේගු නිලධාරීන්ට ’’තුවා’’ ( Towel ) ලෙස පෙන්නා රුපියල් කෝටි විසි හතක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් පකිස්තානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අවදානම් කළමනාකරණ මූලධර්ම භාවිතා කරමින් අත් අඩංගුවට ගෙන තිබේ . 22 November 2023
ඊශ්‍රායලයේ කැමැත්ත තවම නෑ ඊශ්‍රායල හමාස් යුද ගැටුම් අවසන් කිරීමට, කටාර් රාජ්‍යය මැදිහත් වී සකස් කළ යෝජනාවට ගාසා තීරයේ හමාස් සංවිධානය කැමැත්ත පළ කර ඇති බවත්, ඊශ්‍රායලය ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමට නියමිත බවත් කටාර් විදේශ අමාත්‍ය මජිද් අල් අන්සාරි පවසයි. 22 November 2023
ඊශ්‍රායල සබඳතා නවත්වන්න දකුණු අප්‍රිකාව සූදානම් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කිරීමක් ලෙස, ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීමට දකුණු අප්‍රිකා ජනාපධිති සිරිල් රැම්පෝසාගේ රජය තීරණය කර තිබේ. 22 November 2023
ජනතාවට සහන නැති නිසා අයවැයට ඡන්දය දුන්නේ නෑ අයවැයෙන් ජනතාවට සහන නැති හෙයින් අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී තමා ඡන්දය දීමෙන් වැළකී සිටිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 21 November 2023
මෙහෙකාර සිසුවිය දූෂණය කළාට වසර 45 ක් හිරේ රෝගීව එක්තැන්ව සිටින සිය පියා රැකගැනීම සහ පවුල නඩත්තු කිරීමේ වගකීම මව මිය යෑමෙන් අනතුරුව කරට ගෙන නිවසක මෙහෙකාරකමට ගිය 17 වැරදි පාසල් සිසුවියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 45 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා දූෂණය කළ දැරිය ට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවීමට ද අද 21 නියම කළේය. 21 November 2023
කෝටි හයහමාරක මත්ද්‍රව්‍ය රේගුවෙන් අල්ලයි රුපියල් හය කෝටි හැට නව ලක්ෂ හතලිස් දහසක් වටිනා කොකේන් සහ මරිජුවානා මත්ද්‍රව්‍ය තොගයක් ඇමෙරිකාවේ සිට ගුවන් පාර්සල් තැපැල් ඔස්සේ කොළඹ පිහිටි මගී භාණ්ඩ නිශ්කාශන ආයතනය වෙත එවා තිබියදී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21) දින අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය . 21 November 2023
අයවැය වැඩි ඡන්ද 45 කින් සම්මතයි අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2024) දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය. 21 November 2023
මැතිවරණයකට බිලියන 10 ක් වෙන්වෙයි ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10 ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 21 November 2023
හමුදාව අධිවේගී රාජකාරියට බහියි අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීමට පිඹුරුපත් සැකසීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් අද (22) මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම ශ්‍රේණි වලට අයත් සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කිරීමත් සමගම එම රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා හමුදා නිලධාරීන් යෙදීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත 21 November 2023
මව් තුරුලෙන් පාසලට දැදුරුඔය පිටාරගැලීමෙන් රස්නායකපුර , පොළොන්තලාව සහ දිගිලිය යන ගම්මාන වල ජනතව තම එදිනෙදා අත්‍යාවශ්‍ය කටයුතු පවා ඉටුකර ගැනීමට නොහැකිව මහත් පීඩාවට පත්ව සිටිති. 21 November 2023
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලට ලෝක කුසලාන වරම් දකුණු අප්‍රිකාවට සත්කාරත්ව අද (21) හිමිවූ වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට දීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව එකඟ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පැවසීය. 21 November 2023
කලා වැවෙන් එතෙර වෙන්න ගිහින් අතරමං වූ අලියා බේරාගනී කලාවැව ජාතික උද්‍යා නය තුළ පිහිටි කලාවැවේ ජල මට්ටම ඉතා ඉහළ මට්ටමක පවතිද්දී කලාවැව තරණය කිරීමට ගිය දෙනෙත් අන්ධ වන අලියකු කලාවැව් දිය මත දී යායුතු මග සොයා ගත නොහැකිව අතරමංව සිටියදී බේරා ගැනීමට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු සමත්වූහ. 21 November 2023
කොටුව රෙජිස්ට්‍රාර්ගේ සිද්ධියට තවත් අයකු රිමාන්ඩ් කොටුව මහේසත්රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තවත් සැකකරුවකු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන තෙක් හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(21) නියෝග කළේය. 21 November 2023
ප්‍රමෝද්‍ය සඳුදා නැවත කැඳවයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් අද (21) පැය 5 ක ප්‍රකාශයක් සටහන් කරගත් බවත් ප්‍රකාශය වැඩිදුර ගැනීමට ලබන සඳුදා (27) වික්‍රමසිංහ මහතා නැවත කැඳවන බවත් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ උස්ස නිලධාරියෙක් අද පස්වරුවේ පැවසීය. 21 November 2023
සීනි පාලන මිල ගැසට්ටුව අදින් අවසන් සීනිවලට උපරිම මිල නියම කරමින් ඉනිකුත් කළ ගැසට් නිවේදනය අද (21) රාත්‍රී ඉවත් කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 21 November 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026