(යොහාන් භාසුර)
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් ඊශ්‍රායලයේ රැකියා දීම සඳහා මුදල් ගත් පුද්ගලයෙක් අද (5) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා දීම සඳහා ගාල්ල, බූස්ස සහ වැලිගම යන ප්‍රදේශවල පදිංචි තරුණයන්ගෙන් සැකකරු රුපියල් ලක්ෂ 3 බැගින් මුදල් ලබාගෙන තිබූ බවත් එම කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ඔහු අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළේය.
ඊශ්‍රායල් රැකියා සඳහා කිසිඳු පුද්ගලයෙකුට මුදල් නොදෙන ලෙස අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශ අනුව අදාල පුද්ගලයා පිළිබඳව සැක සිතූ එම තරුණයන් කාර්යාංශය වෙත පැමිණිලි කළ බව කී එම කාර්යංශය අදාල පුද්ගලයා ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව ද සඳහන් කළේය.
සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය හෙට (6) වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ද කාර්යංශය කීය.
ඊශ්‍රායලයේ කෘෂි රැකියා ලබාගැනීම සඳහා මෙම සැකකරුට මුදල් ලබාදී ඇති තැනැත්තන් වේ නම් 0112864241 යන අංකය ඔස්සේ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි කරන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කම්කරු ඇමතිගේ ලේකම් යැයි කියා මුදල් වංචා කරලා
Kazi Shajahan Saturday, 06 January 2024 11:25 AM
මනුෂ කපටියාගේ උගුලට අහු උන අහිංසකයෙක්
Rata Perata Saturday, 06 January 2024 02:36 PM
ඇමති බබා .හැමදේම පොඩි මිනිහගෙන් නවතිනවා