(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, මහාබෝධි අග්‍රශාවක මහා විහාරාධිපති, සාංචි චේතියගිරි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ 74 වැනි ජන්ම දිනය වෙනුවෙන් අද (5) පෙරවරුවේ එම විහාරස්ථානය සහ අවට වැඩසටහනක් පැවැත්විණි.

පූජ්‍ය බානගල උපතිස්ස මාවත විවෘත කිරීම, සිරි දේවමිත්ත ධර්මපාල හිමියන්ගේ භෂ්මාවෂේෂ අනගාරික ධර්මපාල පිළිරුව අභියස තැන්පත් කිරීම සහ සැරියුත් මුගලන් රහතන් වහන්සේලාගේ ධාතු ප්‍රදර්ශනය කිරීම එම වැඩසටහන යටතේ ක්‍රියාත්මක විය.

එම අවස්ථාවට හිටපු ජනාධිපතිවරු වන මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු සහ ඉන්දීය මහාබෝධි විහාරස්ථානයේ දායකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)