
මියන්මාර හමුදා රජය එරට නිදහස් දිනය නිමිත්තෙන්, විදේශිකයන් 114 දෙනකු ඇතුළු සිරකරුවන් 9,652 දෙනකු, පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට තීරණය කර තිබේ.
මියන්මාර හමුදා රජය (ජුන්ටාව) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ,සෙසු රටවල් සමඟ සබඳතා පවත්වාගෙන යෑමේ අරමුණින් සහ මානුෂීය හේතූන් සැකිල්ලට ගනිමින්, විදේශීය සිරකරුවන් 114 දෙනාට සමාව දීමට තීරණය කළ බවය. නිදහස ලබන එම පිරිස මියන්මාරයෙන් පිටුවහල් කෙරෙනු ඇතැයි ද පැවැසෙයි.
රටේ බලය අල්ලා ගත් අවස්ථාවේදී, මියන්මාර හමුදා රජය අත්අඩංගුවට ගත් පිරිස අතරේ, එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ද සිටී. නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින සූ කීට මැතිවරණ වංචා සහ දූෂණ චෝදනා හේතුවෙන් වසර 27ක සිර දඬුවමක් හිමි වී ඇත. එල්ල වන සියලු චෝදනා සූ කී ප්‍රතික්ෂේප කර තිබේ. හමුදා රජය පවසන්නේ, ඇයට එරෙහිව තීන්දුවක් ලබා දීම සිදුවූයේ ස්වාධීන අධිකරණයක් යටතේ බවය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මියන්මාර නිදහස් දිනය දා සිරකරුවන් 9,652 කට නිදහස
බද්රානි Friday, 05 January 2024 04:18 PM
ලංකාව වගේම නොදියුණු මිලේච්ඡ මානසිකත්වයක් සහිත ජනතාවක් ජීවත් වෙන රටක් තමයි මියන්මාරය කියන්නේ... ජානවලම ලාංකිකයින්ට ඥාති සම්බන්ධතාවයක් තියනවා... බොරුවෙන් ලෝකයම රැවටූ අවුන් සාන් සුකීට සම්මානත් දීලා රැකබලා ගත්තු යුරෝපයට පිටුපෑ නිසා දැන් ඔවුන් හැරිලාවත් බලන්නේ නැහැ...