විදුලි සැරට විදුලි කාර්මිකයා බිලි මුන්දලම කිරීමට්ටාව ප්‍රාදේශයේ ව්‍යාපාරීකයකුගේ ඉල්ලීමට මාර්ගයෙ දිවෙන විදුලි රැහනකින් විදුලිය ලබා ගෙන විදුලි පහණක් සවිකිරීමට ගිය තරුණ විදුලි කාර්මිකයකු විදුලි සැර වැදිමේන් මරණයට පත්ව ඇති බව මුන්දලම පොලිසිය කියයි. 23 November 2023
හමුදාවේ විසි හත්දාහක් සේවය හැර ගිහින් යුද හමුදාවේ 27000 ක් පසුගිය වසර දෙකේදී සේවය අතහැර ගොස් ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය 23 November 2023
’’රට බංකොළොත් කෙරූ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න’’ රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසත්, ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් රට බංකොලොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවේදී අද (23) අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කළේය. 23 November 2023
හමුදා කඳවුරුවලට දේශපාලනය ගේන්න එපා හමුදා කඳවුරු ඇතුළට දේශපාලනය ගෙන ඒමෙන් වලකින්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2023
ස.තො. ස සුදු සීනී කිලෝවක් 275 ට ලංකා සතොස සුදු සීනි කිලෝව රුපියල් 275 බැගින් (පැවති පාලන මිලට) තව දුරටත් අලෙවි කරන බව ලංකා සතොස කළමණාකරුවෝ පවසති. 23 November 2023
ගුවන් තොටේ සිද්ධියක් ගැන අනුරගෙන් ප්‍රශ්නයක් ගුවන් තොටේ සිද්ධියක් ගැන අනුරගෙන් ප්‍රශ්නයක් (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න) ජාතික ජන බලවේගය සමග දේශපාලනය කිරීමේ වරදට නැගෙනහිර හිටපු ආඥාපති අරුණ ජයසේකර සහ ඔහුගේ බිරිඳ කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ගෙන ඔවුන් ළඟ මත්කුඩු ඇත්දැයි සෙවීම යුක්ති සහගත දැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රශ්න කළේය. හමුදා සේවයේ සිටින නිලධාරියකු දේශපාලනය නොකළ යුතුයි යන මතයේ තම පක්ෂයද සිටින බව පැවසූ දිසානායක මහතා විශ්ර 23 November 2023
මෙහෙම ආණ්ඩුගෙන යන්නේ කොහොමද? ව්‍යවස්ථාදායක සභාවේ සමහර සාමාජිකයන් වැඩ කටයුතු කඩාකප්පල් කරන්න ඇතුලෙන් ක්‍රියා කරනවා නම් පවතින ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැරි වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 November 2023
ව්‍යාපාරිකයාට පිහියෙන් ඇන රන් භාණ්ඩ කොල්ලකාලා පානදුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන ඔහුගේ දෑත් ගැටගසා බඩට පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව පානදුර දකුණ පොලිසිය පවසයි . 23 November 2023
සෞඛ්‍ය නිලධාරීන් මාරු කරන්න කාලය ඕනෑ විවිධ චෝදනා එල්ල වූ සහ එකම ස්ථානයේ දීර්ඝ කාලයක් සේවය කරන සෞඛ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම ගන්නා බවත් ඒ සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (23) පැවසීය. 23 November 2023
සිවිල් ආරක්ෂක බලකායට සොච්චම් වන්දි දී ගෙදර යවන්න හදනවා සිවිල් ආරක්ෂක බලකා භටයන්ට රුපියල් ලක්ෂ 30 බැගින් වන්දි දී ගෙදර යවන්න හදන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 November 2023
රජයේ රෝහල්වල සිරින්ජර හිඟයක් අනුමත කළ සිරින්ජර ටෙන්ඩරයකට අදාල සිරින්ජර තත්වයෙන් බාල වීම් හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය සැපයුම් අත්හිටුවීම හේතුවෙන් රට පුරා රජයේ රෝහල්වල සිරින්ජර හිඟයක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය සේවකයෝ පවසති. 23 November 2023
‘වෛද්‍යවරු විදේශගත වීම අඩු වෙලා’ වෛද්‍යවරු විදේශගත වීමේ සංඛ්‍යාව මේ වන විට අඩු වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (23) පැවසීය. 23 November 2023
වසර තුනකට පසු කාසල්රී වාන් දමයි ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශය වාන් දැමිමට ආරම්භ වි ඇති බව එම ජලාශය භාර ඉංජිනේවරුවරයා පැවසිය. 23 November 2023
කුල්ලෙන් පොල්ලෙන් නොදුන්න නම් රටේ තියෙන්නෙ කැලෑ නීතිය කුල්ලෙන් පොල්ලෙන්, වතුර බවුසරෙන් දෙන ක්‍රමය ඇති නොවුණා නම් රටේ අද රජ කරන්නේ කැලෑ නීතිය බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23)පැවසීය. 23 November 2023
වලවේ ගඟ උතුරයි:පහත් බිම් යටවෙයි වලවේ ගඟ උතුරා යෑම හේතුවෙන් අද (23) අම්බලන්තොට ප්‍ර දේශයේ ගම් රැසක පහත් බිම් ජලයෙන් යටවී ඇති බව හම්බන්තොට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 23 November 2023
ඖෂධ හොරකමේ තෝරු මෝරු නිදැල්ලේ ඖෂධ වංචාවට සම්බන්ධ තෝරු මෝරු තවමත් නිදැල්ලේ සිටියදී ඊට සම්බන්ධ නැති කොහෙවත් යන පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද(23) පැවසීය. 23 November 2023
පොලිතින් සිද්ධියට විදුහල්පති මාරු දරුවන් පිරිසකට පොලිතීන් පත්තරබලහත්කාරයෙන් කැවූ බව පැවසෙන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ගම්පොල අධ්‍යාපන කාර්යාලයට මාරු කර යවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද ( 23 ) පැවසීය. 23 November 2023
කිරි අල රටින් ගෙන්වීම ගැන වාර්තාවක් ඉල්ලයි කිරි අල සහ එළවළු බෝග කිහිපයක් ආනයනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධව වාර්තාවක් දෙන්නැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 23 November 2023
ගම්පහට මහ ගංවතුර තත්වයක් පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (23) උදෑසන වනවිට අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. 23 November 2023
පැය 24කට පසු බදුල්ල - කොළඹ මාර්ගය ඇරේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ සීලෝගම ප්‍රදේශයට පස් කන්දක් සමග විශාල ගල් පර්වතයක් පෙරලීම වැසී ගිය මාර්ගය ඊයේ යළි විවෘත කළ බව පොලිසිය කියයි. 23 November 2023
අද සවසත් තද වැසි දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 November 2023
වවුනියාවේ වැව් 415 පිටාර ගලයි දින කිහිපයක් පුරාවට වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාවේ පිහිටි සම්පූරණ වැව් 639 න් වැව් 415 ක්ම මේ වන විට පිටාර ගලන බව වව්නියාව දිසාපති පී.ඒ. සරත්චන්ද්‍ර මහතා පවසා සිටියේය. 23 November 2023
ආණමඩුවත් යටවේ ආණමඩුවට ඇද හැළුන මහ වැස්සත් සමග ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග රැසක් යටවි යාමේන් ගමනා ගමනයට දැඩි බලපෑම් එල්ල වු බව ආණමඩුව පොලිසිය කියයි. 23 November 2023
අකුණේ කම්පනයෙන් පාසල් සිසුවා මරුට අගුරුවාතොට ගල්පාත ප්‍රදේශයේදී අකුණුසැර වැදීමක් සමග ඇතිවූ කම්පනයකින් පාසල් සිසුවකු මියගොස් ඇති බව අගුරුවාතොට පොලිසිය පවසයි . 23 November 2023
ඌව පරණගම පිරිසක් ඉවත් කරයි නාය යාමේ අවදානමක් මතුවී ඇති ඌවපරණගම ගලහගම වසමේ පදිංචි පවුල් දාහතරක පුද්ගලයන් හතළිස් දෙදෙනකු ආරක්ෂිත පියවරක් වශයෙන් පදිංචි ස්ථානවලින් වහාම ඉවත් කළ බව ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. 23 November 2023
ක්‍රිකට් සභාපති ඇමැතිට කළ තර්ජනයක් ගැන විමර්ශනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කරන ලදැයි කියන තර්ජනයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ අද (22) කරුණු වාර්තා කළේය. 22 November 2023
වික්ටෝරියා සේලය දිග හැරෙයි මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් වික්ටෝරියා ජලාශයේ වාන්දොරටු හයක් ඊයෙ 22 දි අලුයම 5.00 දක්වා කාලය තුල විවෘතවූ බව ජලාශය බාර ඉංජිනේරුවෝ පවසති. 22 November 2023
බදුල්ල - කොළඹ මාර්ගය තවමත් අවහිරයි බදුල්ල - කොළඹ මාර්ගය අවහිර කරමින් බලංගොඩ සීලෝගම ප්‍රදේශයට ඊයේ මධ්‍යම රාත්‍රීයේ කඩා වැටුණු පස් කන්ද සහිත කළුගල ඉවත් කටයුතු අච සවස ඇද හැළුණ මහා වර්ෂාව නිසා තාවකාලිකව නවතා දැමීමට සිදු වූ බව මාර්ග සංවර්ධන නිලධාරීහු පවසති. 22 November 2023
නාවලපිටියේ පාසලක විදුහල්පතිගෙන් සිසුන් පිරිසකට රජ දඬුවමක් නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් දිවා ආහාර පොලිතින්වල ඔතාගෙන පැමිණී බවට චෝදනා කරමින් එහි විදුහල්පතිවරයා එම පොලිතින් හා පත්තර පිටු සිසුනට කවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය කියයි. 22 November 2023
ජනපති වැය ශීර්ෂය සම්මතයි ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ වැඩි ඡන්ද 59කින් සම්මත විය. 22 November 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026