ගෝඨා ට වෙච්ච දේ රනිල්ට වෙන්න දෙන්නෙ නෑ ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙච්ච දේ රනිල් වික්‍රමසිංහ මහත්තයට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 19 June 2023
ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට සේන්දු වෙයි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘අයි.එන්.එස්. වැගිර්’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (19) පෙරවරුවේ සේදුන්විය. 19 June 2023
පාඩු ලබන ලංගම ඩිපෝ 40 ක් වැසීමේ අවදානමක ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) සතු පාඩු ලබන ඩිපෝ වසා දැමීමේ අවදානමක් ඇති බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 19 June 2023
මත්පැන් සමාගමකින් කෝටි 275 ක පොල්ලක් නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති සැර මත්පැන් නිෂ්පාදන සමාගමක් සුරාබදු දෙපාර්තමේන්තුවට 2022 වර්ෂයේදී රුපියල් කෝටි 275 ක පමණ බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 19 June 2023
රනිල් එක්ක 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකරනවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්ෂයේ බලාපොරොත්තු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව ඉටු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 19 June 2023
වද හිංසා දරා ගන්න බැරිව සිසුවා නිවෙසින් පනී පියා සහ මවගේ අමානුෂික පහරදිම් හමුවේ නිවසින් පලාවිත් හැටන් දුම්රිය ස්ථානයේ රැදි සිටි 15 හැවිරිදි පාසල් සිසුවකු අද අලුයම හැටන් පොලිසිය බාරයට ගත් බව හැටන් මුලස්ථාන පොලිසිය පවසයි. 19 June 2023
බස්නාහිර පාසල් දරුවන්ට ළා පැහැති දිග ඇඳුමක් බස්නාහිර පළාතේ පාසල් දරුවන්ට නිල ඇඳුමට යටින් ළා පැහැති දිග ඇඳුමක් ඇඳීමට අවසර දුන් බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 June 2023
දූෂණ පනත අනිද්දා විවාදයට දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනිද්දා(21) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 19 June 2023
කසල ලොරියට උණ්ඩ ආ හැටි නගර සේවකයා කියයි ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ කසල රැගෙන යාම සඳහා යමින් සිටි කසල ලොරියෙන් හමුවූ උණ්ඩ කොපු දෙවන රෙජිමේන්තු පරිශ්‍රයේ කසල රැස් කිරීමේදී ලැබුණු ඒවා බවට තහවුරු වී ඇතැයි මහනුවර පොලිසිය කියයි. 19 June 2023
පොහොර ලැබී නැත්නම් අහන්න දුරකථන අංක දෙයි දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට හිඟයකින් තොරව යුරියා පොහොර බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි ලංකා පොහොර සමාගමේ හා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය . 19 June 2023
රෝහිත එංගලන්තයට හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙක් වන රෝහිත බෝගොල්ලාගම මහතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ. 19 June 2023
විමල්ට වරෙන්තු එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයකදී මාර්ගය හරස් කිරීමට එරෙහි නඩුවට පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (19) වරෙන්තු නිකුත් කළේය. 19 June 2023
ටියුෂන් ළමුන්ට මත්පෙති වික්ක කතක් මාට්ටු දීර්ඝ කාලයක සිට හොරණ ප්‍රදේශයේ උපකාරක පන්ති කේන්ද්‍ර කරගනිමින් එහි අධ්‍යාපනය ලබන සිසුන්ට මත්පෙති අලෙවි කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ කියයි. 19 June 2023
කොස්තාපල්ට වෙඩි තියන්න හැදු හිටපු සෙබළා අත්අඩංගුවට හිබුටාන සල්මල් උයන ප්‍රදේශයේදී සඟවාගෙන සිටි ගිනි අවියකින් පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තැබීමට තැත් කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරු සමග හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි. 19 June 2023
මහවිලච්චියේ දරුවන්ගේ අඳෝනාව මහවිලච්චිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 16 කට කිසිදු ක්‍රීඩා ගුරුවරයකු නැතැයි එම පාසල්වල ගුරුවරුන් මෙන්ම මාපියන් මැසිවිලි නගයි. 19 June 2023
පාසල් සංවර්ධන නිලධාරිනියගේ නිවෙසින් කඳන් අටක් හමුවේ සතුන් දඩයම් කිරීම සඳහා අටවන තුවක්කු කඳන් අටක් නිවසේ සඟවාගෙන සිටි බව කියන පාසල් සංවර්ධන නිලධාරිනියක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 June 2023
කොළඹ නගරය ආශ්රිත විදුලි බස් රථ සේවාවක් කොළඹ නගරය අශ්‍රිතව විදුලි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැති ලැබුණු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 19 June 2023
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්නගේ නිවෙසට ප්‍රහාරයක් ගෝනවිල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි පොදුජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට අයත් දෙමහල් නිවසට කිසියම් පිරිසක් විසින් පහරදී හානි සිදුකර ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසයි. 19 June 2023
කසල ලොරියෙන් හිස් උණ්ඩ මතුවෙයි ශ්‍රී දළදා මාලිගාවේ දැඩි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට උත්සාහ කළ මහනුවර මහ නගර සභාවට අයත් කසල ලොරියක තිබීටී 56 ගිනි අවි සඳහා යොදන හිස්පතුරම් කොපු32ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 June 2023
වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය අයි. ඩී. එච් පාර හැරෙන හන්දිය අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි. 19 June 2023
වී වගාවේ දළඹුවා පාලනය කළා මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 18 June 2023
ඔන්චිල්ලාව දියණියට මරු කැඳවයි නිවසක අනාරක්ෂිත ව ඉදිකර තිබූ කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියක මිය ගොස් ඇති බව තංගල්ල පොලීසිය පවසයි . 18 June 2023
ලොරි රියැදුරාගේ වරදින් තුවාල ලැබූ දැරිය මරු දකී ලොරියක වහලයේ පැටවූ භාණ්ඩවල ගොඩනැගිල්ලකට ඇද තිබූ විදුලි වයරයක් පැටලී එය සවි කර තිබූ යකඩය ගැලවී පාසල් සිසුවියකගේ හිසේ වැදීමෙන් පසු තුවාල ලැබූ පාසල් දැරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී මියගිය බව පොලිසිය කියයි. 18 June 2023
‘‘මිත්‍ය විශ්වාස නිසා ජිවිත නැතිකර ගන්න එපා‘‘ වශී ගුරුකම් කරලා කෙනෙක්ව තවත් කෙනෙකුට බන්ධනය කරලා තියාගන්න හැකියාවක් කොහෙත්ම ඇත්තේ නැහැ. කිසියම් විසක් ශරීරගත වෙලා තිබුණා නම් එම විස ට අදාළ රෝග ලක්ෂණ පහල වීම අනිවාර්යයෙන්ම සිදු වෙන දෙයක්. තැඹිලි ගෙඩිවලට මතුරා ඒවා පානය කරන්න දීලාලෙඩ රෝග සුව කිරීමට හැකියාවක් ද ඇත්තේම නැහැ යැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතා ලංකාදීපයට පැවැසීය. 18 June 2023
ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ 10 ගෙන්වයි ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කර සාර්ථක ලෙස බෙදා හරින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. 18 June 2023
දරුඵල දෙන්න ශාන්ති කර්ම කළ කට්ටඬියා සහ පෙම්වතිය රිමාන්ඩ් ලග්ගල -දාස්ගිරිය හත්ටෙ අමුණ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන හතලිස් අට හැවිරිදි කාන්තාවට( 48 ) දරුඑල අපේක්ෂාවෙන් සිදුකල ශාන්ති කර්මයක දී තැඹිලි පානයට ලබාදී, පසුව කහ දියර ද ලබාදී ඇති බව ලග්ගල පොලිසිය සිදු කළ මුලික පරික්ෂණ වල දී අනාවරණය වූ බව අධිකරණයේදී කියැවිණි. 18 June 2023
තිරිඟු පිටිවලට නවා තැනක් ලැබෙයි තිරිඟු පිටි ‘නිශ්චිත භාණ්ඩ‘ කාණ්ඩයට ගෙන එමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඕනෑම භාණ්ඩයක් නිෂ්චිත භාණ්ඩයක් ලෙස ගැසට් නිවේදනයක් ඔස්සේ නම් කිරීමෙන් පසුව එහි මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසර ගැනීම අනිවාර්ය වේ. 18 June 2023
මාල කඩන යොවුන් කුමාරිකාවෝ තුනකට මාංචු මහනුවර සිට අම්පිටිය බලාධාවනය වූ බසයක් තුළදී උපායශීලීව කාන්තාවකගේ රන් මාලයක් ගලවාගත් නව යොවුන් වියේ තරුණියන් තිදෙනකු මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ . 18 June 2023
පොල්තෙල් තොග හංගලා: බෝතලයක් 1000 ක් වේවි පොල්තෙල් මිල අධික ලෙස ඉහළ නැංවීමේ අරමුණින් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන් යැයි කියා ගන්නා පිරිසක් එක්ව පොල්තෙල් ලීටර ලක්ෂ ගණනින් සඟවා වෙළෙඳපොළේ කෘත්‍රිම හිඟයක් මතුකර ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. 18 June 2023
‘සතොස’ ඈවර කිරීමේ සූදානමක් අඛණ්ඩව පාඩු ලබන ‘සතොස’ වසා දැමීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ. 18 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026