IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලංකාව-ඉන්දියාව යා කරන ගොඩ බිම් පාරක්

(අංජුල මහික වීරරත්න)

දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේදී පැවසීය.

දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් මන්නාරමේ සිට ඉන්දියාව දක්වා මෙම ගොඩබිම් සබඳතාවය ඇති කිරීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ  බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රටක් ලෙස කලාපීය සහයෝගීතාවය වැදගත් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ යාපනය විශ්වවිද්‍යාල සිසුන් සමඟ යාපනය ජෙට්වින්ග් හෝටලයේ පැවති හමුවක් අමතමිනි.



අදහස් (15)

ලංකාව-ඉන්දියාව යා කරන ගොඩ බිම් පාරක්

රංබොඩ Sunday, 07 January 2024 01:34 PM

එහෙම පහසුකමක් නැතිවම තියෙන ගැටළු පේනවනේ. මෙයාලා නම් එක එක ඒවා අටවලා යයි යන්න. අනාගත පරපුර තමයි ඒවගේ අනිටු විපාක විඳින්නේ... කිසිම ජනමතයක් නැති කෙනෙක් රටට බලපාන මෙවැනි දෑ ගැන අත නොගසනවා නම් තමයි හොඳ...

:       16       61

nimalSunday, 07 January 2024 08:17 PM

ලංකාව-ඉන්දියාව යා කරන ගොඩ බිම් පාරක් නොව A passenger ferry service ( මගීන් සහ සමහර විට වාහන සහ භාණ්ඩ ප්‍රවාහනයට ) පමණක් සුදුසුය..

:       0       0

Rata Perata Sunday, 07 January 2024 02:16 PM

මෙන්න මේ මනුස්සයා මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නන්න...

:       16       48

සුපුන් චාමර Sunday, 07 January 2024 02:34 PM

දෙමළ ජන්ද ගන්න ලෙසටම කරලා යන්න වගේ හදන්නේ...!

:       9       35

Raveen Sunday, 07 January 2024 02:44 PM

ඔතැන තියෙන දූපත් කලාපය අභය භූමියක්... ඔය පරිසර කලාපෙට උතුරු අර්ධ ගෝලයේ ඉඳන් පක්ෂීන් පර්‍යටනය වෙනවා. බිත්තර දාලා පැටව් ලොකු වුණාම තමයි ඔවුන් ආපහු යන්නේ. මේ පිළිබඳව වැදගත් වැඩසටනක් කළා රූපවාහිනිය. කීප සැරයක් පෙන්නුව‍ා. හරි නම් මේ පරිසරය පද්ධතිය රටවල් දෙකම එකතු වෙලා රැක ගන්නයි ඕනෑ. මිනිසාගේ පැවැත්මයි, සුබ සිද්ධියයි විතරක් වෙලා වැඩක් නෑ ලෝකෙට...

:       7       32

ruwan Sunday, 07 January 2024 03:05 PM

ළඟදීම ඉන්දියානු අසූචි සුවඳ සියලු ශ්‍රී ලාංකිකයින්ට විඳගැනීමට හැකිවේවි...!

:       10       31

Prabha Sunday, 07 January 2024 03:37 PM

ඊට කළින් උතුරු මුහුදට රිංගගෙන මාළු කාරයෝ ටික නවත්තගන්න බලන්න.

:       5       27

Lal Sunday, 07 January 2024 04:47 PM

මේක රනිල් ජනාදිපති තුමාගේ ඉතාම උපායශීලී වැඩක්.... මේක කලොත් අපේ වරායවල් වලට ඉතාම හොඳ චාන්ස් එකක් එනවා...

:       31       16

saman kumar Sunday, 07 January 2024 04:49 PM

එච්චර තමයි අඩු දැන්... මුහුදෙන් විතරක් වටවෙලා ඉන්නේ... බෝඩර් කේස් නැහැ දැනට...

:       6       25

විජිත් Sunday, 07 January 2024 05:55 PM

මේකා පිස්සෙක් !!! අපේ රට ස්වාධින රාජ්‍යයක්, එය කිසිම දිනක භූමියෙන් වෙනත් රටක් හා සම්බන්ධ නොකලයුතුයි. අපිට හැමදාමත් මිතුරු කමට වඩා සතුරුකම් කල ඉන්දියාවත් එක්ක සම්බන්ධවීම අනාගතයට කොහෙත්ම සුබදායක දෙයක් නොවනු ඇත. ඉන්දියාවෙන් පැමිණි " වඩුග " ජාතිකයින්ගෙන් පැවත එන රනිල් වික්‍රමසිංහගේ ඉන්දියන් ගැති බවට හේතුව ඔහුගේ ජාතකයයි.

:       0       0

Indhika Sunday, 07 January 2024 06:39 PM

මුට නම් නහුතෙටම පිස්සු.

:       0       1

අරවින්ද මොනරවිල Sunday, 07 January 2024 08:35 PM

වැඩ බැරි පින්පතියා තවත් එක ගොන් අදහසක්, අඩුම ගානේ මේ වගේ බැරෑරුම් තීරණයක් තීන්දුවක් ගන්න පෙර ඒ පිළිබඳව අදාල විශේෂඥයින්ගෙන් උපදෙස් ගත්තාද කියලා පැහැදිලි නැහැ. එහෙම උපදෙස් අරගෙන නැත්නම් මේකෙන් වෙන හානි අනිටු ඵල විපාකවලට රටට මුහුණ දෙන්න වෙනවිට මොහු මිය ගොස් සිටිනු ඇත. එවිට එහි අනිටු ඵල විපාකවලට අනාගත පරපුර අපට දොස් තබනු ඇත.

:       0       1

Athula k Sunday, 07 January 2024 08:46 PM

ලංකාවේ දැනුත් අතිවිශාල ඉන්දියානු සේවකයන් සංඛ්‍යාවක් ඉන්නවා... සංචාරක වීසා මත පැමිණි.. ඔවුන් ඊට අඩු පහසුකම් වලට මෙහෙ රැකියා කරනවා. මේකත් හැදුවොත් ලංකාවේ අයට වෙන්නේ රට යන්න තමයි.

:       0       1

චන්දන Monday, 08 January 2024 08:45 AM

මෙයා මූදෙ පාරවල්හදන්න කතාකරනව. ඉස්සර වෙලා රට ඇතුලෙ තියෙන පාරවල්ටික හදල ඉවර කරපල්ල.පයින්වත් යන්න බැහැ පාරවල්වල. අධිවෙගෙත් වලවල්.

:       0       5

Bamunuarachchi Tuesday, 09 January 2024 11:11 AM

අපිව ගොනාට අන්දනවා කියලා හිතුවේ ජෙප්පෝ බලනකොට රනිල් ගොයියා ඊට හපන්. රත්තරන් චෙන් බ්‍රෙස්ට් දෙනවා කිව්ව් එක මොකක්ද මේ කථා බලනකොට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site