(යොහාන් භාසුර)
‘යුක්තිය’ මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල චෝදනාවට සැකකරුවන් 1,135 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 46 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශය අද (7) පෙරවරුවේ පැවසීය.
එම පිරිසෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 16 ක් පුනුරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත පුද්ගලයන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 58 ක් පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බවත් එම අමාත්‍යංශය කීය.
හෙරොයින් කිලෝ 56 යි ග්‍රෑම් 100 ක්, අයිස් කිලෝ 189 යි ග්‍රෑම් 600 ක්, ගංජා කිලෝ 5 යි ග්‍රෑම් 900 ක් ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය සමඟ විශාල මත්ද්‍රව්‍ය තොගයක් මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.
නාවක හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව මෙහෙයුමකදී දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් විශාල මත්ද්‍රව්‍ය තොගය ද පසුගිය පැය 24 අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයට ඇතුළත් බව ද මහජන ආරක්ෂක අමාත්‍යංශය වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘යුක්තිය’ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් 46 කට රැදවුම් නියෝග