IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පවුලම පොලිසියට යකා නටලා

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

මඩකළපුව කොකුවිල් පොලිස් ස්ථානයට  මවක, ඇයගේ දියණියක සහ පුතකු කඩාවැදී කලහකාරී ලෙස හැසිරී, පොලිස් නිලධාරිනියක ඇතුළු නිලධාරීන් තිදෙනකුට පහරදී, තවත් පොලිස් නිලධාරියකු සපා කෑම හේතුවෙන් සිවු දෙනකු තුවාල ලබා මඩකළපුව මූලික රෝහලට ඇතුළත් කළ බව කොකුවිල් පොලීසිය පවසයි.

පොලීසිය විසින් පුතා, මව සහ දියණිය අත්අඩංගුවට ගනු ලැබූහ.

පොලිස් ස්ථානයේ සවිකර තිබූ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සහ පොලිස් නිලධාරීන්ගේ මෙහෙවර සහ දැක්ම ගැන තොරතුරු ඇතුළත් පුවරු දෙකකට ද මෙම පිරිස පහරදී, හානි සිදු කර ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරිරීයෙක් ‘ලංකාදීප’යට පැවැසීය.

ත්‍රිරෝද රථ රියැදුරකුට පහරදී, හානි කළ බව කියමින් මෙම මව, දියණිය සහ පුතාට එරෙහිව පැමිණිල්ලක් කිරීමට ත්‍රිරෝද රථ රියැදුරකු කොකුවිල් පොලීසියට  පැමිණ ඇති අතර, ත්‍රිරෝද රථ රියැදුරා පසුපසින් ඔවුන් ද පොලිස් ස්ථානයට පැමිණ, ත්‍රිරෝද රථ රියැදුරාට විරෝධය පළ කර, කලහකාරී ලෙස හැසිරී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

කලහකාරී ලෙස හැසිරුණු ඔවුන් තිදෙනා අසලට ගිය පොලිස් නිලධාරීන්, එසේ හැසිරෙන්නේ ඇයි දැයි කියා විමසා අවවාද කළ අවස්ථාවේ, ඔවුන් පොලිස් නිලධාරිනියට සහ නිලධාරීන් දෙදෙනාට පහරදී පොලිස් කොස්තාපල්වරයකු සපා කා ඇතැයි එම නිලධාරීයා කීය.

පහරදුන් බව කියන තරුණයා බීමත්ව සිටින බව පෙනී යන්නේ යැයි පොලීසිය පවසයි.

මව සහ දියණිය පොලිස් නිලධාරීන් පහරදුන් බව කියමින්, 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වාගෙන රෝහල්ගතව ඇති බව පොලීසිය සඳහන් කරයි.

මව සහ දියණිය රෝහල්ගතව සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මවට සහ දියණියට පහර නොදුන් බවත්, ඔවුන් කරන චෝදනා තරයේම ප්‍රතික්ෂේප කරන බවත්, කොකුවිල් පොලීසිය පවසයි.

 

 



අදහස් (1)

පවුලම පොලිසියට යකා නටලා

රංබොඩ Sunday, 07 January 2024 11:04 PM

නිල ඇඳුමින් තම සේවා ස්ථානයේම ඉන්න නිලධාරීන් පහර කෑවා කියලා රෝහල් ගානෙ යන එක නෙවෙයි , කැරකිලා වැටෙන්න දුන්න නම් ඒකයි නියම ක්‍රියාව. සියලුම පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන්ට සටන් කලාව පුහුණු කළ යුතුයි

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site