IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අලුතින් බාර් අරින්න රජයට කෝටියක්

(සුජිත් හේවාජුලිගේ  සහ  කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)

ඉදිරියේදී රට බීමහලක් ආරම්භ කරන ඕනෑම පුද්ගලයකුට  රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මත්පැන් විවෘත කිරීමේදී  මෙතෙක් එවැනි මූලික ගාස්තුවක් අය නොකෙරිණ.සුරා බදු බලපත්‍ර ඉතාමත් නිත්‍යානුකූල ආකාරයට ලබාදීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් රා බී 4 යන බලපත්‍රයට වැඩි ඉල්ලුමක් පවතින හෙයින් එම බලපත්‍රය නිකුත් කිරීමේදී මූලික ගාස්තුවක් වශයෙන් රුපියල් කෝටියක මුදලක් ගැනීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

සංචාරක කර්මාන්තය සමග බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා  මේ රටේ සාමාන්‍ය ජනතාව මත පැටවී ඇති බදු බර ක්‍රම ක්‍රමයෙන් ගිහිල් කිරීමට පියවර ගන්නා බවද  ප්‍රකාශ කළේය.



අදහස් (8)

අලුතින් බාර් අරින්න රජයට කෝටියක්

Bamunuarachchi Sunday, 07 January 2024 07:07 PM

එහෙනම් රා බී පනම් 4 කතාව මින් ඉදිරියට හරියන්නේ නැති පාටයි. කොහොම වුණත් මුදල් තැන්පත් කිරීමක් නේද වෙන්නේ...? මුදල පොලී සමග ආපසු ලැබෙනවා නේද?

:       1       8

ranjith Sunday, 07 January 2024 09:00 PM

ධර්මිෂ්ඨ රාජ්‍යයක්...?

:       0       3

රාලහාමි Sunday, 07 January 2024 09:01 PM

යෝශිතගේ කළු සල්ලිවලින් එකකට ගෙව්වාලු නේද ? තමුසෙ ,ඇඟේ මයිල් කපලා ජම්පර් ඇඳලා හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්නවා,හොරාකාපු සල්ලි වමාරන්නත් වෙනවා.

:       0       9

abaran Monday, 08 January 2024 01:48 AM

බාර් එකක් යනු එක පැත්තකින් රජයට ආදායමක් වනවා සේම අනික් පැත්තෙන් වුව සේවය වෙනුවෙන් දරන වියදමේ වැඩිවීමකි. තවත් පැත්තකින් සමාජ ප්‍රශ්න ගොන්නක එකතුවකි . අවසාන් ප්‍රතිපලය ඍන අගයක් පවතී

:       0       3

චතුරි Monday, 08 January 2024 02:36 AM

ඔය වගේ දේවල්. ලෑස්ති කරගන්න එක හොඳයි. මෝඩ නඩේට ඡන්දෙන් පස්සේ.... කරන්න දෙයක් එපැයි. පැරදිලා ගෙදර යන නිසා මේකෙන් ගොඩයන්නේ කුඩ්ඩොයි. ගොබ්බයොයි. නිකම් ඉඳලා හම්බ කරන මුදල්නේ. ඇති වුණත් එකයි, නැති වුණත් එකයි... ඡන්දේ ලන්වෙනකොට පුදුම ආදරයක් පහළ වෙන්නේ ජනතාව කෙරෙහි. ව්තුරබිල් අඩු වෙනවාලු, කරන්ට් බිල අඩු කරනවාලු. හොරු අල්ලනවා. මෙයාලාට හරියට වැඩ දැන්. කොසු මිට කැඩෙනකම් ගහන්න ඕනෑ. ගෙවල්වලට ආවාම. ආච්චිට හරි, සීයාට හරි කියලා...

:       0       1

liyanna Monday, 08 January 2024 08:36 AM

සියලු මත්පැන් බලපත්ත්‍ර කරුවන්ගෙන් බලපත්ත්‍රය අලුත් කරනකොට 10000000 ක තැන්පතුව ගන්න කාටත් සාදාරන ලෙසට

:       1       3

de silva berlin Monday, 08 January 2024 09:54 AM

මේක මහා මෝඩ ආණ්ඩුවක් , ලංකාවේ තිබෙන සංචාරක හෝටල් හෝ රෙස්ටුරන්ට් වලින් 99% බැහැ මෙම මුදල තැන්පත් කරන්න , ඔවුන් සුරාබදු නිලධාරියට කියක් හෝ දීල වැඩේ කරගෙන යනවා , මේකෙන් වෙන්නේ රජයට ලැබෙන බදු මුදල අහිමි වෙන එක , තෛලන්තේ වගේ රටවල මත්පැන් සුපෙර්මර්කෙට් එකෙන් ගන්න පුළුවන් මෙහෙම විකාර නැහැ , කලාපේ අනෙක් රටවල් සමග තරඟයක් දෙන්න අපේ සංචාරක වියපරේට බැහැ මෙවැනි අමනොද්‍ය පාලකයන් සමග ,

:       1       4

Kasun FernandoMonday, 08 January 2024 12:03 PM

මේ මුදල් කළින් ගත්තේ පළාතේ ආණ්ඩු පක්ෂයේ සංවිධායකලා, දැන් එහෙම කරන්න බැරි වුණොත් හොඳයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site