(විමුක්ති එස් රුද්‍රිගු)
ඇලස්කා ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් 9 ජෙට් ලයිනර් ගුවන් යානයක බඳෙහි දොරක කොටසක් පසුගිය සිකුරාදා උඩු ගුවනේදී ගැලවී යාම හේතුවෙන් එම මාදිලියට අයත් ගුවන් යානා පියාසර කිරීමට ලබා දී ඇති අවසර තාවකාලිකව අත් හිටුවීමට ඇමෙරිකානු බලධාරීන් තීරණය කර ඇත.
පසුගිය සිකුරාදා රාත්‍රියේ ඇමෙරිකාවේ පොර්ට්ලන්ඩ් ගුවන් තොටුපොළෙන් කැලිෆොනියා ප්‍රාන්තයේ ඔන්ටාරියෝ බලා පියාසර කිරීම ආරම්භ කළ ඇලස්කා ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් 9 ජෙට් ලයිනර් ගුවන් යානයක බඳෙහි දොරක කොටසක් ගැලවී යාම හේතුවෙන් නැවතත් පොර්ට්ලන්ඩ් ගුවන් තොටුපොළ වෙත එම ගුවන් යානය ගොඩබැස්වීමට ගුවන් නියමුවන්ට සිදු විය.
පොර්ට්ලන්ඩ් ගුවන් තොටුපොළෙන් පියාසැරිය ආරම්භ කර කිලෝ මීටර 4.8 ක් පමණ පියාසර කරන විට බෝයිං 737 ගුවන් යානයෙහි දොරක කොටසක් ගැලවී ගොස් ඇති අතර එම අවස්ථාවේ මගීන් 171 දෙනකු සහ කාර්ය මණ්ඩලය 6 දෙනකු ගුවන් යානයේ ගමන් කර ඇත.
ගුවන් යානය තුළ පීඩනය සීඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් ළමයකුගේ ඇඳුම් ඉරී ගොස් ඇති අතර ඔක්සිජන් වෙස් මුහුණු පහළට වැටී ඇතත් සිදු වීමෙන් මගීන් දැඩි කම්පනයකට ලක්ව ඇති නමුත් වාසනාවකට මෙන් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැත.
මෙම සිදුවීම හේතුවෙන් බෝයිං 737 මැක්ස් 9 ජෙට් ලයිනර් ගුවන් යානා පියාසර කිරීමට අවසර ලබා දීම එම ගුවන් යානා සම්පූර්ණයෙන්ම පරික්ෂාවකට ලක් කරන තෙක් තාවකාලිකව අත් හිටුවීමට ඇමෙරිකානු ෆෙඩරල් බලධාරීන් තීරණය කර ඇත.එම තීරණය ලොව පුරා බෝයිං 737 ගුවන් යානා 171 කට පමණ බලපාන බවත් එක් ගුවන් යානයක් සම්පූර්ණයෙන් පරික්ෂා කිරීමට පැය 8 ත් 9 ත් අතර කාලයක් ගතවන බවත් ෆෙඩරල් බලධාරීන් පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෝයිං 737 මැක්ස් 9 ජෙට් ලයිනර් ගුවන් යානා තාවකාලිකව අත් හිටුවයි
අරවින්ද මොනරවිල Sunday, 07 January 2024 08:14 PM
හොද වෙලාවට කෙහෙළිය වගේ ඇමතියෙක් ඇමරිකාවේ නොසිටියේ, එහෙම හිටියා නම් කියයි මොකටද ගුවන් යානා ධාවනය නවත්වන්නේ ඒ වගේ වෙලාවට ප්‍රයෝජනයට ගන්න තමයි ඔසිජන් මාස් හයි කරලා තියෙන්නේ කියලා.