IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සුද්දන්ට රා පොවා ඩොලර් 102,422ක් උපයයි

(අංජුල මහික වීරරත්න)

තල් රා අපනයනයෙන් 2023 වර්ෂයේ ඩොලර් 102,422ක මුදලක් (රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක්)ඉපැයූ බව තල් සංවර්ධන මණ්ඩලය පවසයි. 

මෙරට තල් රා සඳහා වැඩිම ඉල්ලුමක් කැනඩාව හා ප්‍රංශය යන රටවල්වලින් ලැබුන බවත් ඊට  අමතරව තවත් රටවල් ගණනාවකින් මෙරට තල් රා සඳහා ඇනවුම් ලැබී ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය කියයි.

Sri Lanka Palmyra වෙළෙද සළකුණ යටතේ අපනයනය කරන තල් රා සඳහා ඩුබායි වෙළෙඳපොළේ ද ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ.

ඊට අමතරව තල් ආශ්‍රිත වෙනත් නිෂ්පාදන අපනයනයෙන් රුපියල් එක්කෝටි 19 ලක්ෂයක ආදායමක් උපයා තිබේ.



අදහස් (6)

සුද්දන්ට රා පොවා ඩොලර් 102,422ක් උපයයි

Pradeep Sunday, 07 January 2024 12:57 PM

තල් සංවර්ධන මණ්ඩලය නඩත්තු කරන්න ගිය වියදමත්, මේකත් එක්කම දැම්මා නම් හරියටම බලන්න පුළුවන් ඔය ඩොලර් ටික හොයපු එකේ රඟේ...!

:       2       15

පාලිත සිල්වාSunday, 07 January 2024 02:35 PM

කොහොමත් පඩි, නඩි, කාර්යාල වියදම් ගත්තාම ඔය වගේ 10 ගුණයක්වත් ගිහින් ඇති...!

:       1       8

Tharaka Sunday, 07 January 2024 01:00 PM

උදේ ඉඳන් රෑ වෙනකන් ටීවී රේඩියෝවල මත්පැන් මත්ද්‍රව්‍ය හොඳ නෑ කිය කියා බණ දෙසලා හරි ආඩම්බරෙන් කියනවා රා වලින් ඩොලර් හොයනවා කියලා.. දැන්වත් මේ බොරු සිල් පැත්තකින් තියලා ඇත්ත තේරුම් අරන් ප්‍රායෝගිකව වැඩකරන්න පුරුදු වෙන එක තමයි හොඳම...

:       2       9

ravin Sunday, 07 January 2024 01:22 PM

මොන පිස්සුද? එහෙ පදිංචි වෙලා ඉන්න අපේ අයියලා තමයි රා කට්ටේ රසය දන්නේ.. ෆීජි රටෙන් මඤ්ඤොත්තා යවනවා. රා කට්ටක් ගහලා කොච්චි සම්බෝලේ හා පොල් ගාලා ගත්තාම කොහොමද? අර ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා කතාවකුත් තියෙනවනේ...

:       0       6

Bamunuarachchi Sunday, 07 January 2024 07:26 PM

හොඳට පෙරාපු බඩු යවන්න. කෘතීම රා යවලා ඒ බිස්නස් එකත් නැතිකර ගන්න එපා...

:       0       4

rattu Monday, 08 January 2024 10:46 AM

මොනවකරල හරි සල්ලි හොයන පෙරෙතයෙක් වගේ පෙනෙන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site