
(අංජුල මහික වීරරත්න)
පිලිපීනයේ පසුගියදා පැවති ජාතික මාස්ටර් සහ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 5000 සහ මීටර් 1500 යන ඉසව්වලදී රන් පදක්කම් දෙකක් ද, මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද හිමි කර ගත් මුලතිව් මුල්ලියාවලෙයි හි පදිංචි අකිලා තිරුනායක මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
72 වියෙහි පසුවන විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක වන ඇය පාසල් වියේ සිටම මලල ක්‍රීඩාවට දක්ෂතා දක්වා ඇති අතර මෙරට නියෝජනය කරමින් තායිලන්තය, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව සහ ඉන්දියාව යන රටවල පැවති ප්‍රවීණයන්ගේ තරගාවලි කිහිපයකදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගෙන ඇත.
අකිලා තිරුනායක මහත්මියගේ ක්‍රීඩා කටයුතු පිළිබඳ විමසමින් සුහඳ පිළිසඳරක නිරතවූ ජනාධිපතිවරයා ඇය දිරිගැන්වීමක් ලෙස තිළිණපතක් ප්‍රදානය කළ අවස්ථාව.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූවාය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අවුරුදු 72 දී ලොව දිනූ අකිලා ජනපති හමුවෙයි
රාලහාමි Sunday, 07 January 2024 08:58 PM
චාර්ල්ස් නෝනා ඉන්නම එපැයි, එයාගේ ලොක්කා ආපුවාම. අපේ පළාත් පාලන ඡන්දෙට වැඩේ දුන්නෙත් ඔය කියන චාර්ලිස් නෝනා තමයි... ලංකා ඉතිහාසයේ තවත් පාවාදීමක්.