
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් සිදුවිය. ඒ, නිවාඩුවෙන් පසු පාසල් යළි ආරම්භ වූ පළමු දිනයේය. වෙඩි තැබීමෙන් හය දෙනෙකු තුවාල ලැබූ බවත්, එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් වාර්තා වේ.
වෙඩි තැබීම කළේ 17 හැවිරිදි සිසුවෙකි. ඔහු දකින දකින සැමට වෙඩි තැබූ බව පැවැසෙයි. වෙඩි තැබීමෙන් පසු ඔහු වෙඩි තබාගෙන දිවි නසා ගත්තේය. පුපුරන ද්‍රව්‍ය ඇටවූ කබායක් ද සිසුවා සන්තකයේ තිබී හමුවී ඇත.
තුවාල ලැබූ සය දෙනාගෙන් සිවු දෙනකු පාසලේ සිසු දරුවන්ය. අනෙක් තැනැත්තා පාසලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්ජීඕ නඩය නිසා ලංකාවේත් මෙහෙම දෙයක් වෙන්න හොඳටම ළඟයි. දැනටමත් පාසල්තුළ කුඩු තියෙනවා... බිස්නස් කරනවා... දෙමාපියන් ළමයි ලවා පාසල් පරිශ්‍ර තුළ කුඩු විකුණනවා... ගුරුවරු 7.30 ඇවිත් 1.30ට යනවා.. ඕවා හොයලා උසාවි යන්න බැරි නිසා... ගාල්ලේ ප්‍රසිද්ධ බාලක පාසලක විදුහල්පති ශිෂ්‍ය නායකයින්ට කියලා තියෙනවා ... ඔබලා බෑග් චෙක් කරන්න එපා... ඕක ලොකු මාෆියාවක්.. අතහැරලා දාන්න කියලා... හොඳයි නේද ප්‍රවණතාවය...?
ලෝකයේ අනාරක්ෂිතම රට…. විශේෂයෙන්ම ළමයින්ට. සෝමාලියාවේ වත් මෙහෙම ත්‍රස්තවාදීන් පාසැල්වල නැහැ….