(සුජිත් හේවාජුලිගේ )
යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ සත්‍ය සමගිය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව නමින් නව කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.
මෙම කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරිණ. මේ පිළිබඳ පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙරට 1983 - 2009 අතර කාලයේදී උතුරු නැගෙනහිර ගැටුම් වලදී ශ්‍රී ලංකාවේ කුමන හෝ ස්ථානයක කිසියම් පුද්ගලයකුට ජීවිත හානියක් දේපළ හානියක් සිදුවී ඇත්නම් හෝ මානව හිමිකම් කඩ වී ඇත්නම් ඒ පිළිබඳව විමර්ශන පැවැත්වීම සහ
ඒ පිරිස් වලට සාධාරණය ඉටු කිරීම සහ මින් ඉදිරියට එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිෂන් සභාවට පැවරෙන වගකීම් වෙයි.
එම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනයේ සඳහන් වන අන්දමට මෙම කොමිෂන් සභාව කොළඹ නගරයේ පිහිටවිය යුතුවේ. එහි රැස්වීම් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පැවැත්විය හැක.
කොමිසමේ සාමාජිකයන් ලෙස හත් දෙනකුට නොඅඩු පිරිසක් පත් කර ගත යුතු බවද එම ගැසට් නිවේදනයේ දැක්වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට පෙර කොමිෂන් සභාව පිහිටුවීම රජයේ අපේක්ෂාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාපනේ පුස්තකාලේ ගිනිතියපු එක දාන්න කොමිසම්...!
අයියෝ, මට විතරද මේවට හිනා යන්නේ...? ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ අඳුරගන්න බැරි පාලකයින් කුමටද?
යුද්ධය අවසන් වී අවුරුදු 15 කට පස්සේ සාදාරණය මතක්වුනේ මේ වෙලාවේ ජාත්‍යන්තරයෙන් බලාපොරොත්තු වෙන සහනයන් ලබා ගැනීමට මිසක් උතුරු නැගෙනහිර ජනතාව ගැන කැක්කුමකින් නොවන බව ඉතා පැහැදිලියි. ඡන්දයකුත් ළඟ එනනිසා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම බිම දාගන්න නියායයි ඕක... ඔය කෙලිවලින් අපේ ඡන්දෙ බාගන්න නම් හිතන්න එපා...
1983 ජූලි කලබල වල ප්‍රධාන චූදිතයෙක්... ඔහු එවකට රජයේ අධ්‍යාපන හා තරුණ කටයුතු කැබිනට් ඇමැති. ජූලි මස 24 දා දින දෙකක් පුරා රට පුරා දෙමළ ජනතාවට එරෙහිව ඇතිවු වාර්ගික ප්‍රචන්ඩ ක්‍රියා නිසා සිදුවූ සමූල ඝාතන, දේපොල විනාශ කිරීම සහ පැහැරගෙන යාම සහ ස්ත්‍රී දූෂණ වැනි අපරාධ වැළැක්වීමට හෝ නතර කිරීමට පියවර ගැනීමට අපොහොසත්වීම, මගහැරීම හා නොසලකා හැරීම මගින් එම අපරාධයන්ට ආධාර අනුබල දීම යන චෝදනාවන්ට එවකට බලයේ සිටි රජයේ විධායකය වන ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට චෝදනා ගොනුකළ යුතුයි.