
(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඌරන්වල ප්‍රදේශයේදී කැබ් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගනිමින් සිටි අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බද්දේගම,හල්පතොට ප්‍රදේශයේ පදිංචි ප්‍රසන්න ගුරුසිංහ (43) සහ ඔහුගේ බිරිඳවන දහනායක මුදියන්සේලාගේ ගංඟා නිල්මිණි නැමැති අඹුසැමි යුවළකි.
කුරුඳුගහහැතැප්ම දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථය සහ ඇල්පිටිය දෙස සිට කුරුඳුගහහැතැප්ම දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදිය ඊයේ(06) රාත්‍රියේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරෙන් බරපතල තුවාල ලබාසිටි යතුරුපැදියේ ගමන් කළ අඹුසැමි යුවළ ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරු යවා ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දෙදෙනා මියගොස් ඇති බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd