(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය එහි ස්ථිර සේවකයන්ට දෙන පෞද්ගලික ණය වෙනුවෙන් ආරම්භයේ සිට දරා ඇති වියදම් සම්බන්ධයෙන් වාර්තාවක් දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
ලංවිමට සේවකයන් බඳවාගැනීම අත්හිටුවා ඇති මේ අවස්ථාවේ පිය පුතු පදනම මත සේවකයන් බඳවාගැනීමට සම්මුඛ පරීක්‍ෂණ පවත්වා ඇති බවත් එම පදනම මත වර්තමානයේ බඳවාගෙන ඇති සේවකයන් පිළිබඳ වාර්තාවක් ද සපයන ලෙස එම ලිපියෙන් අමාත්‍යවරයා ඉල්ලා තිබේ.
ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය කරමින් සිටින අවස්ථාවක විදුලිබල අමාත්‍යංශයේ පූර්ව අනුමැතියෙන් තොරව සේවකයන් බඳවාගැනීම නොකළ යුතු බව ද අමාත්‍යවරයා කියයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ වියදම් අඩුකරමින් ජනතාවට සහනදායි මිලකට විදුලිය සැපයීමේ ආයතනයක් බවට පත්කිරීම සඳහා ප්‍රසාද දීමනා සහ වෙනත් දීමනා අත්හිටුවීමේ ක්‍රියාවලියේ දිගුවක් ණය පිළිබඳව සොයා ලබන බවත් ලංවිම ණය වෙනුවෙන් බැංකු සහ මූල්‍ය ආයතනයවලට ගෙවන පොලී අනුපාතවල පරස්පරයක් ඇතැයි වාර්තා වී ඇති බවත් අමාත්‍යවරයා එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංවිම සේවකයන්ගේ ණය ගැන තොරතුරු ඇමතිවරයා ඉල්ලයි
මරිසිපාල Sunday, 07 January 2024 12:19 PM
පිය පුතු පදනමෙන් බඳවා ගන්නවා කියන්නේ රටේ අනෙක් අයගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වෙනවා. මණ්ඩලය කියන්නේ ඔවුන්ගේ පුද්ගලික බූදලයක් නොවෙයි... කොහොම වුණත් පියපුතු පදනමෙන් බඳවා ගැනීම සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු කළ යුතුයි...
LakmalSunday, 07 January 2024 02:25 PM
ඒක පුළුවන් දේශපාලනයට විතරද?
Bamunuarachchi Sunday, 07 January 2024 07:31 PM
Lakmal, දේශපාලක පියාගෙන් පුතාට මන්ත්‍රීකම යන එක අනුමත කරන්නේ ජනතාව...!
Lakmal Sunday, 07 January 2024 02:51 PM
මට හිතාගන්න බැහැ. රටට මෙච්චර විනාශයක් කෙරුවා මේ වගේ රැළක් පස්සේ යන, ඔවුන්ට බත්බැලයින් රැළක් තවත් ඉන්නවානේ...!
Lal Sunday, 07 January 2024 04:52 PM
CEB කියන්නේ පින් පඩි කාරයෝ ඉන්න ලෝක හොර ගුහාවක්... ඕක පුද්ගලීකරණය කරලා දාන්න ඉක්මනටම... ජෙප්පෝ විතරයි ඉන්නේ ඕවායේ..!
Siripala Sunday, 07 January 2024 06:24 PM
මේ වගේ ලජ්ජා නැති රාජ්ය සේවකයන් පිරිසක් ද විදුලි බලේ ඉන්නේ? තමන්ගේ බඩ ගෝස්තරේ ගැන විතරමද මේ මිනස්සු හිතන්නේ? මේ වගේ කාලකන්නි ඉන්න රටක් හැදෙන්නේ කොහොමද? රටේ මිනිස්සුන්ගේ සහයෝගයක් තවදුරටත් මුන්ට තියෙන බවක් පෙන්න නෑ. ලං ගම පුද්ගලීකරණය කරන එක හොඳයි. නැත්තං අපිට මුන්ගෙන් ගැලවීමක් නැත
Bamunuarachchi Sunday, 07 January 2024 07:33 PM
පනත පුච්චපු අහවලාගේ පුතාට වැඩේ දෙන්නයි හදන්නේ...!
Bamunuarachchi Sunday, 07 January 2024 07:35 PM
නියමයි, ඇමැතිතුමා දෙන්න මොවුන්ට බැෂ්ටිය. අපේ මොරල් සපෝට් එක ලැබෙනවා.
සල්ලි Monday, 08 January 2024 08:10 AM
කාංචනත් පිය පුතු නේද ? උඩ ඉදලාම අසාධාරණේ.
Bamunuarachchi Tuesday, 09 January 2024 11:16 AM
කාංචනපියපුතු අනුමත කලේ රටේ ජනතාව එකට ඔහේගේ කැමැත්ත ඕනේ නැහැ.