
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශිකීබ් අල් හසන් ද බංග්ලාදේශ මහ මැතිවරණයට ඉදිරිපත් වූ අතර, ඔහු ඡන්ද 185,388 ක් දිනා ගනිමින් පාර්ලිමේන්තු අසුනක් ජයග්‍රහණය කළේය.
බටහිර මගුරා නගරයේ මැතිවරණ කොට්ඨාෂය නියෝජනය කළ ශිකීබ් අල් හසන්, ඔහුගේ ප්‍රතිවාදීන්ට වඩා ඡන්ද 150,000 ක් හිමි කර ගැනීම සුවිශේෂී කරුණකි.
ශිකීබ් අල් හසන් නියෝජනය කරන්නේ බංග්ලාදේශ අගමැතිනී සීක් හසීනාගේ 'අවාමි ලීගය' දේශපාලන පක්ෂයයි.
සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැකි බව විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා නගා තිබුණි. ඔවුන් මැතිවරණය වර්ජනය කළ අතර හසීනා සහ අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපටත් ඉන්නවා හරිද ? සමහරු ක්‍රිකට් කොහොම වෙතත් බඩ කට නං පුරවා ගත්තාකියලත් කියනවා. අනේ මන්දා.
මෙලොව රහක් නැති පොරක් .මෙහෙ වගේම එහෙත් මන්ත්‍රීලා වෙන්නේ අපතයෝ වගේ