(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවකයන් සඳහා අයවැයෙන් ලබාදීමට පොරොන්දු වූ දීමනාවෙන් අඩක් හෙවත් රුපියල් 5000ක් මේ මාසයේ සිටම ලබාදීමට කැබිනට් මණ්ඩලය අද (8)තීරණය කළේය.
රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් දස දහසක පඩි වැඩිවීමක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැයෙන් යෝජනා කළ අතර එම පඩි වැඩිවීමෙන් රුපියල් 5000 ක් ලබන අප්‍රේල් මාසයේ සිටද ඉතිරි රුපියල් 5000ක මුදල ඔක්තෝබර් මාසයේ සිටද ලබාදෙන බව අයවැයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.
අයවැයෙන් වැඩි කෙරුණු මුදලින් රුපියල් පන්දහසක් වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයන්ට සහනයක් ලබා දීමේ අරමුණින් ජනවාරියේ සිටම ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව රාජ්‍ය සේවකයන් සඳහා වැඩි කළ වැටුප් වැඩිවීමෙන් රුපියල් පන්දහසක් ජනවාරියේ සිටද අප්‍රේල් මාසයේ සිට රුපියල් දස දහසක මුදලම ලබාදීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අසරණ විශ්‍රාමික ප්‍රජාව?
වැඩ නොකරන උන්ට පඩි වැඩි කරන එකම රට
5000 X 1,500,000 = 7,500,000,000 මිලියන 7,5000 ක් අලුතෙන් හැම මාසෙකටම අවශ්‍යයි. බඩගින්නේ ඉන්න අයත් තව බදු දෙවැන්න වෙනවා. රජයේ සේවකයින් ට අනික් අය ගැන අනුකම්පාවක් නෑ.
මේ රටේ ඉන්නේ රාජ්‍ය සේවකයෝ විතරද? අනික් මිනිස්සුන්ට මේ ආර්ථිකය බලපාන් නැද්ද? බඩු මිල සේවා මිල පිරිවැය අඩු කරන්න බලනවා වෙනුවට සමාජයේ කොටසකට විතරක් මුදල් වැඩිපුර දුන්නට මොකක්ද වෙන යහපත? කාලකන්නි හරක් හරිම අරගලයක් එන්න වෙන්නේ මේවට තමයි.
ජනාධිපති අයවැය ඉදිරිපත් කරමින් විශ්‍රාමිකයින් සඳහා ජනවාරියේ සිට රුපියල් 2500/=ක් දෙනවා කිව්වා (රුපියල් 2500/= ආර්ථික ඔස්තාර් බන්දුල 4 දෙනෙකුට මාසෙකට හොඳින්ම කාලාබීලා ජීවත්වෙන්න වියදම් ලෙස පෙන්වා දුන්නා) අනේ අනිච්චං දොස්තරලා සඳහා රුපියල් 35000/=කින් වැඩිකර විශ්ව විද්‍යාල ගුරුවරුන්ට 25% කින් වැඩිකළා. ඒත් ජනාධිපති කියපු ආකාරයට විශ්‍රාමිකයින් සඳහා අද දින වැඩි කරනවා කියූ දීමනා ගෙවීම් කළේ නැහැ... ඉතින් ඊළඟ ජනාධිපතිවරණය සඳහා එතුමා එනවා කිව්වාට අපි කොහොමද කියන දේ නොකරන එතුමා විශ්වාස කරන්නේ...!