
(යොහාන් භාසුර)
දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 125 වැනි ජන්ම දින සැමරුම් උත්සවය හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළදී අද (8) පෙරවරුවේ පැවැත්විණි.
එහිදී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ දියණියන් දෙදෙනා වන චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේද්‍රා බණ්ඩාරනායක මහත්මීහූ බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අතර ඉන් අනතුරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් පුෂ්පෝපහාර දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයේ මහමුදළි තනතුරු දරා ඒවා නැතුව ගියාම ඉවසීමක් නැති නිසා මිනිස්සු රවටා බඩගෝස්තර දේශපාලනය සදහා පැය විසිහතරෙන් සිංහල රාජ්‍ය භාෂාව කර ජාතීන් අතර අසමගිය ඇතිකර අවුරුදු 30ක යුද්ධය සදහා මගපෑදූ මේ මිනිසා නිසා සිංහල දරුවන්ට ඉංග්‍රීසි ඉගැනීම නැතුව ගියා මෙහෙම කිව්වම මෝඩයෝ කියාවි සිංහල දරුවන්ට ඉහළ තැන්වලට යන්න පුළුවන් වුනා කියලා (ඒක හරියට ගසක් නැති රටේ තුත්තිරි ගහත් ගහක් කියනවා වගේ තමයි ) සිංහල රාජ්‍ය භාෂාව කරපු නිසා සිංහල මිනිසුන්ට සිංහල භාෂාව වත් හරියට දැනුමක් නැහැ.
බණ්ඩාරනායක ප්‍රතිපත්ති මොනවද කියලා නොදන්න අය... බණ්ඩාරනායකව සමරනවා...!
ඒ ගොල්ලන්ට ලැජ්ජත් නෑ... අපට ලැජ්ජත් නෑ. ඔය ආව කීදෙනෙක් අනුන්ගේ උපකාරයෙන් යාන්තමට ඇවිද ගන්න අයද කියලා පෙනුනේ නැද්ද? ඉතින් කොහොමද රටක් ගොඩදාන්නේ? බණ්ඩාරනායක ප්‍රතිපත්ති රකින්න ප්‍රතිපත්තියක් තියෙන උන්දැලා වෙන්න එපායෑ.
ඒගොල්ලෝ මැරුණම දිවංගත වෙනවා. අනික් මිනිස්සු නිකම්ම මැරෙනවා.
ඔය සොහොනට හෙන වදිනවා නිතරම. රටට කරපු අපරාධ වලට වෙන්න ඇති.
කලිසම් ෂූට් ගහලා, ඉංග්‍රීසි කතාකරපු කෙනා ලංකාවට ගිහින් කරපු වෙනස ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බලතණ්හාවට කියපු කරපු දේවල් නිසා අන්තිමට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ද වුණා...!