(සිතුම් චතුරංග)
මුලතිව්, පුදුකුඩිඉරිප්පු උදයාර්කට්ටු දකුණ ප්‍රදේශයේ ඉඩමක පැරණි ළිඳකින් භූමිතෙල් සහ ඉන්ධන මිශ්‍ර ජලය හමුවී අැති බව ප්‍රදේශවාසීහු පවසති.
පසුගිය වර්ෂාවත් සමඟ අැතිවූ ජල ගැලීම් හේතුවෙන් ඉඩමේ හිමිකරු අැතුළු පිරිසක් අපිරිසිදුවූ ළිදේ ජලය ඉවත්කර ළිඳ ශුද්ධ පවිත්‍ර කොට අැති අතර එහිදී ලැබුණු ජලයේ භූමිතෙල් සමඟ ඉන්ධන වර්ගයක් මිශ්‍ර වී අැති බව ප්‍රදේශවාසීහු කියති.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.බී. අාර් හේරත් මහතා දැණුවත් කොට ළිද තුළ පවතින ජලය පරීක්ෂා කොට අැති අතර වැඩිපුර ළිදේ ජලයතුළින් භූමිතෙල් ගඳ වහනය වී අැති බවත් පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසීය.
අදාළ ළිඳ සහිත ප්‍රදේශය පොලිස් නිලධාරීන් සෝදිසිකොට අැති අතර කිසිවකු භූමිතෙල් ළිඳට මිශ්‍රකළ බවට සාධක හමු නොවූ බවත් පොළව අභ්‍යන්තරයේ සිට ඉන්ධන ළිදේ ජලයට මිශ්‍රවන බවට හදුනාගත් බවත් පොලිසිය සඳහන් කළේය.
පසුගිය යුද සමයේ ඉඩම සහිත ප්‍රදේශය එල්.ටි.ටී.ඊ සංවිධානයේ කඳවුරක් පැවති බවට අනාවරණය වන බවත අාරක්ෂක අංශ ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදී විසින් ඔවුන් සතු ඉන්ධන සැඟවීම සඳහා වළදැමීම සිදුකිරීම හේතුවෙන් එලෙස සඟවන ලද ඉන්ධන ටැංකියක ඉන්ධන කාන්දු වී මෙලස ළිදේ ජලයට මිශ්‍රවන බවට සැකපලකරන බවත් කීය.
පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් යුද සමයේදී එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නැවත භාවිතයට ගැනීම සඳහා සඟවන ලද ඉන්ධන ටැංකි සහ බැරල් කිහිපයක් හමුවී අැතැයිද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් ළඟ නිසා රටේ වාසනාවට තෙල් ආකර මතුවෙනවා ද දන්නේ නෑ...
හ්ම්.. ළිඳට ගිනි තියපල්ලා. අපිට මෙහෙ කන්න බොන්නත් නැහැ...
දිරාගිය භූගත ටැංකියකින් කාන්දුවීමක්... කොටි යුධ සමයේ වලලපු ටැංකි ඇති නේද? මැජික් නෑ. ෂුවර්.... මහින්ද ලොක්ක ආවනම් ජාතියේ වාසනාවට භූමිතෙල් නිධියක් හම්බ වුනා කියයි....