(යොහාන් භාසුර)

වැට් බද්දට විරෝධය දක්වමින් ‘අලුත් පියාපත්’ සංවිධානය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (8) පස්වරුවේ නිහඩ විරෝධතාවක් පැවැත්වීය.

‘රෝද පුටුවට අත්වාරුවට වැට් ගැහුවම අපි බඩ ගාන්නද?’ ලේනෝ ලේනෝ මේ රට අරගෙන අලුත් රටක් දියෝ...!!, පඩියටත් බදු ගෙවලා ගන්න බඩුවලටත් බදු ගෙවලා මිනියටත් වැට් ගෙවන්න අපිට කළු සල්ලි තියෙනවද?’ සහ ‘මාළුවන්ටත් වැට් ගැහුවම ඇයි අපි දියවන්නාවෙද පදින්නේ?’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිසක් එහිදී විරෝධතාව දැක්වූහ.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)