
(යොහාන් භාසුර)
‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කර අද (8) දිනට වසර 15 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් ඒ මහතාගේ ඥාතීන් සහ සමීපතම හිතමිතුරෝ බොරැල්ල කනත්තේ ඔහුගේ දේහය මිහිදන් කළ ස්ථානයට පැමිණෙන ගෞරව දැක්වූහ.
ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 15 ක් ගතවුවද තවමත් ඔහුගේ ඝාතකයන් නිදැල්ලේ සිටින බවත් ඝාතනය පිළිබදව විමර්ශන භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා රට හැර ගොස් ඇති බවත් ඔවුහූ පැවසූහ.
ලසන්ත වික්‍රමතුංග මහතා 2009 වසරේ ජනවාරි 8 වැනිදා රත්මලාන ප්‍රදේශයේදී වෙබි තබා ඝාතනය කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජේවීර මරා අවුරුදු 35යි... ඝාතකයාව හොයලත් නැහැ. එහෙම තමයි. සමහර ඒවා හොයන්නේ නැහැ...
ලසන්ත එවැනි තත්ත්වකට මුහුණ දුන්නේ ඇයි දැයි විමසිලිමත්ව හොයලා බලන්න. රටක්, ජාතිියක් පාවා දීගෙන කොටි සමඟ නිදියන්න හැදුවා වෙන්න ඇති නේද?
ඝාතකයා දාලා ගිය ඇඳුමක් හම්බවුනා නේද?
ලසන්තව මහා දවාලේ ගාතනය කෙරෙව්වේ එවකට පැවති දූෂිත පවුල් පාලන ආණ්ඩුවේ උන් කියලා අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .යුක්තිය නීතිය සාදරනය විනාශ කරපු ,කැළෑ නීතිය රජ කරවපු සුදු වෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු රජකරපු කාලේ මොනවද නොකලේ ?
අවුරුදු සියයකට එහා ආණ්ඩුවකින් ඔය ගැන හොයාවි. හරියට පේදිරිස් මහතාව සුද්දන්ගේ ආණ්ඩුවෙන් මැරූ හැටි දැන් හොයන්න තදියම් වෙලා වාගෙ.
ජනාධිපතිකම අත ඇරලා ලෝක වටේ ගියේ හැම රටකින්ම එලවපු චන්ඩියා දන්නවා. එයාගෙ ලොකු අයියත් දන්නවා මොකද වුනේ කියන්න. ඔය අයියෝ මලෝ බේබිලා සෙට් එක ජිවිත කීයක් විනාස කෙරුවද. උන්ට උගත්කමක් නැති නිසා. උගතුන්ගේ වටිනා කමක් තේරෙන්නෙ නැහැ. උගත් කමක් තිබුනානම් මිනී මරලා රටේ මුදල් හොරකම් කරලා රටට මේ වගේ විනාසයක් කරයිද. දැන් නැවත කරලියට එන්න දගලන්නේ අලුත්. තරුන නායකයා ආවොත් කාපුවා වමාරන්න වෙන නිසා
ලසන්තගේ මරුවා අල්ලන්න කියන මිනිස්සු ආණ්ඩු බලයේ හිටියා නේද? ඇයි ඒකාලේ ඇල්ලුවේ නැත්තේ?