
(අංජුල මහික වීරරත්න)
සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් කමිටුවක් පත්කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියාවන් වැලැක්වීමට හා තුරන් කිරීමට රජය නව නීති සම්පාදනය කරන බව ද අමාත්‍යවරයා කීය.
රටේ නීතිමය රාමුව තුළ සෑම කෙනකුටම තම ආගම ඇදහීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු කඩනමින් සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් බොරු වැඩ නොකර ඉන්නවද?
කැලණියේ නයා හොයනවද ?
කැලණියේ නයා, වඳ කොත්තු, ගැන හොයලා ඉන්න...
රට තුළ මේ වගේ ප්‍රශ්න හැම ආගමකම තිබ්බා, ඒ තුළින් වෙච්චි විනාශයන් බොහෝමයක්. අපේ රටේ පරිපාලනය කවදාවත් රට ගැන හිතලා තීරණ ගත්තේ නැහැ. ගත්තු තීරණ ගත්තේ තනිකරම දේශපාලනය ගැන හිතලා විතරයි...
විකෘති ආශාවන් තියෙන අය පාලනය කරනකොට ඕවා පොඩි දේවල් ලොක්කෝ...!
මෙන්න මේ මිනිස්සු ටික මානසික රෝහලට යවන්න ඕනෑ. මේවට කැබිනට් කමිටු දාලා වැඩක් නෑ. මේවා මානසික ප්‍රශ්න... ඒවා අඳුනාගෙන ඒවාට ප්‍රතිකාර කළ යුතුයි.
ඕවා හොයා හොයා ඉන්නද ඇමති පඩි ගෙවන්නේ ?
අපේ රටේ දූෂිත දේසපාලුවෝ තමා වැඩිපුරම මිත්‍යා විස්වාස පස්සේ ගියේ? බලතන්හාව වෙනුවෙන් කරපු දේවල් දන්නෝ හොන්දාකාරවම දනිති .ඇගිලි පහේම මුදු දාගෙන,වෂී බෝල එල්ලගෙන,වැළමිටට වෙනකම් පාට පාට නූල් ගැටගහලා .කෝවිල්,දේවාල ගානේ ගිහින් කරපුවා කියලා වැඩක් නැහැ.