පාකිස්ථානයේ පිපිරීමකින් 52 ක් මරුට පාකිස්තානයේ සිදු වූ පිපිරීමකින් 52 දෙදෙනකු මිය ගොස් තවත් 130 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. 29 September 2023
ආබාධිතයන් සඳහා වෙනම පාර්ලිමේන්තු සංසදයක් මෙරට ආබාධිත සහිත තැනැත්තන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු සංසදයක් ( parliamentary coucus for tha lnclution of persons with Disabilities- PClOD) පසුගියදා පිහිටවනු ලැබීය. 29 September 2023
ජනපති සහ ජර්මාන් චාන්සලර් හමු වෙති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතා අතර නිල හමුව බර්ලින් නුවරදී සිදු විය. 29 September 2023
පේරාදෙණියට නරක් වෙන්න ළඟ බෙහෙත් 12ක් යවලා කල් ඉකුත්වීමට ආසන්නව තිබූ ඖෂධ වර්ග 12 ක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලට වෛද්‍ය සැපයීම් අංශයෙන් ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 29 September 2023
විදුලිබිල නැවත වැඩි කරන්න ඉල්ලයි විදුලි මිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් නැවත වරක් ඉල්ලීමක් කර ඇත. 29 September 2023
කලවාන අයගම මාර්ගයේ ගමනාගමනය නවතියි කලවාන - අයගම ප්‍රධාන මාර්ගයට අද (29) ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය මීපාගම ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන් අවහිරවී ඇත. 29 September 2023
රාජකාරී පීඩනයෙන් මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයි මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ. 29 September 2023
රටට ගැලපෙන අලුත් හරක් සහ එළුවෝ එති කිරි හා මස් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රටට ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වා දීමට පර්යේෂණ අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 29 September 2023
උඩරට දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටෙයි උඩරට දුම්රිය මාර්ගයට පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයේදී විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අද (29) උදෑසන බාධා එල්ල වී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. 29 September 2023
සොරා පිටුපස හඹාගිය පෙදරේරුවාට පිහි පහර ජංගම දුරකථනය සොරාගත් සොරුන් දෙදෙනා පසුපස හඹා ගිය පෙදරේරුවෙක් සොරෙකුගේ පිහි ඇනුමකින් මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි 29 September 2023
ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි බිලට අලුත් බද්දක් ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් එක්කරන බව එම සමාගම පවසයි. 29 September 2023
අත්තනගලුඔයේ ජල මට්ටම ඉහළට දින කිහිපයක් පුරා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම අද (29) උදෑසන 6 වනවිට, දූනමලේ ජල මාපකයෙහි මීටර් 4 දශම 22 ක් වශයෙන් සදහන්ව තිබූ බව ගම්පහ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. 29 September 2023
පියා මරා දියණිය සමඟ පැන ගිය අයෙක් සොයයි මිනුවන්ගොඩ අලුතපොල ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයකුට පොල්ලකින් ගසා මරා දමා ඔහුගේ දියණිය කැටිව පළා ගිය අයෙකු අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. 29 September 2023
විරෝධය වහ ගන්න කැලෑ නීතිය ගෙනත් සිවිල් ගුවන් සේවා අධිකාරියට එරෙහිව විරෝදතාවක් පවත්වද්දී එයි නිලධාරියකුගේ වාහනයකින් එම උද්ඝෝෂකයන් හප්පා අනතුරුක් කිරීමට උත්සහ කළැයි කියමින් කටුනායක පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇතැයි පොලිසිය කියයි. 29 September 2023
කන්න රැස්වීමට නිලධාරීන් නෑ:ඇමති රොෂාන්ගෙන් දොස් වසරකට දෙවරක් පමණක් රැස්වන කන්න මාස් කන්න රැස්වීමට වගකිවයුතු රජයේ නිලධාරීන් සහභාගී නොවීම සම්බන්ධයෙන් ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ දැඩි අප්‍රසාදය එල්ල කළේය. 29 September 2023
නැති වූ ගිනි අවිය පොලිසියේ කුණුගොඩ අසල කොටහේන පොලිසියේ අතුරුදන්වූ පිස්තෝල ගිනිඅවිය කැලිකසල බහාලන බඳුනක් අසල තිබියදී හමුවූ බව කොටහේන පොලීසිය කියයි. 29 September 2023
වැස්ස තවදුරටත් පවතී දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්වය තවදුරටත්ත පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 September 2023
ආසියා අනුශුරියෝ දිවයිනට චීනයේ හැංෂො හි පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී කාන්තා ක්‍රිකට් අනුශූරතාවය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 29 September 2023
‘‘අයි.එම්.එෆ් දෙවන වාරිකය නතර කරලා‘‘ ආණ්ඩුවේ අධි දූෂණකාරී ප්‍රතිපත්ති පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කනස්සල්ලෙන් පසුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 28 September 2023
කෝටි 3 ක කේරළ ගංජා කරෙයිනගර් දූපතෙන් අල්ලයි රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 100 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් යාපනය කරෙයිනගර් දූපතේ පූමට්ටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය. 28 September 2023
ලංකාව වාසනාවන්ත නම් ආර්ථික වර්ධනය 3.5% ට නගීවි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ආකාරයට ලංකාව වාසනාවන්ත නම්, ඉදිරි වසර කිහිපය ඇතුලත 3.5% ක ආර්ථික වර්ධන වේගයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වෙන “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය කරමින් අද (28) පැවසීය. 28 September 2023
කොළඹ - පේරාදෙණිය සරසවි ලෝක ලැයිස්තුවේ ඉදිරියේ ලොව වඩාත් කීර් තිමත් සහ පුළුල් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වන ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024’ දී කොළඹ විශ්වවිද්‍යාල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීමේ 1001 ත් 1200 ත් අතරට පැමිණ තිබේ. 28 September 2023
හිටපු ජනපති මහින්ද මකුලෑවේ විමල මහා නාහිමි බැහැ දකියි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද 28 පස්වරුවේ මීරිගම මිනිඔලුව මහ පිරිවෙනේදී මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහා නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගත්තේ ය. 28 September 2023
කොළඹ සරසවිය බෙහෙත් හදා පිළිකා අරමුදල තර කරයි කොළඹ විශ්ව විද්‍යාලය විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධ හා ආලේපන කිහිපයක් වෙනුවෙන් විශ්ව විද්‍යාලයට හිමි වූ කතෘභාගයෙන් කොටසක් විශ්ව විද්‍යාලය පිළිකා පිළිබඳ පර් යේෂණ අරමුදලට යොදවා තිබේ. 28 September 2023
ජ‘පුර සරසවිය හොදම සරසවි අතර තෙවැනි තැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024’ ශ්‍රී ලංකාවේ හොඳම තෙවැනි විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබේ. 28 September 2023
අයි.එම්.එෆ් දෙවැනි වාරිකය ලැබුනාම අමාරු කාලය ඉවරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 28 September 2023
ධනුෂ්කට ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක් ධනුෂ්ක ගුණතිලක, ඕස්ටේ්රලියානු අධිකරණයේ ගොනුකර තිබූ චෝදනාවලින් නිදහස් වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (28) පස්වරුවේ පැවසීය. 28 September 2023
කුණු මාළු කන්ටේනර් 102ක් රේගුවෙන් මුදාහැරලා කොළඹ වරායට පැමිණි නැවක තිබූ පලුදුවූ දුගද හමන ආහාරයට නුසුදුසු ලෙඩ රෝග සෑදෙන සුළු ටූනා මාළු වර්ග අඩංගු කන්ටේනර් 102ක් ප්‍රතිඅපනයනය කරන ලෙස නැව් නියෝජිත ආයතනයට දැනුම් නොදී ඊට පටහැනි ලෙස ශ්‍රී ලංකා රේගුව එම පාවිච්චියට නුසුදුසු මාළු තොගය රට තුළට නිදහස් කිරීමට කටයුතු කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 28 September 2023
තිරසර සංවර්ධන ඉලක්ක සපුරන්න සංසදයක් රැස්වෙයි ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අන්තර්ගත සහ තිරසාර ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ සංසදයක් කොළඹ දී පැවැත්විණි. 28 September 2023
කොළඹ අනවසර පදිංචිකරුවන්ට දුම්රියෙන් මහල් නිවාස 100ක් කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 කට මහල් නිවාස පිරිනමයි. 28 September 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026