IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


රනිල් ජනපති සටනට

(අංජුල මහික වීරරත්න)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව අද (9) ඒකමතිකව තීරණය කළේය.

ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී එජාප කළමනාකරණ කමිටුව රැස්වූ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සභාපති වජිර අබේවර්ධන මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (56)

රනිල් ජනපති සටනට

Nimal Tuesday, 09 January 2024 09:01 PM

ඉතාමත් අගනා තීරණයක් .පළාත් පාලන මැතිවරණ අත්තනෝමතික ලෙස වලක්වලා දැන් ජනාධිපතිවරණය එනවා.අපත් නැතිවෙන වැඩක්

:       10       61

Rata Perata Tuesday, 09 January 2024 09:03 PM

නියමයි ,වරෙන් දත කට මැදගෙන .යාපනේ ගිහින් මොනවා හරි යටි කූට්ටු වැඩක් කරන්න ඇති .අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා

:       21       107

nanda Tuesday, 09 January 2024 09:03 PM

මැතිවරණ පැවැත්වීම ගැන තීරණය කරන්නේ මැතිවරණ කොමිසම නේද ?ජන බලයක් නැති යූ.ඇන්.පී කමිටුව කොහොමද එවැනි තීරනයක් ගන්නේ

:       18       105

Don perea Tuesday, 09 January 2024 09:09 PM

කොස්ස ඇදලා අතට ගන්න

:       19       81

සමන් Tuesday, 09 January 2024 09:26 PM

බලපුවම පොහොට්ටුවේ හොට්ටො විතරයි අපේක්ෂකයෙක් හොයාගන්න බැරි තරම් අනාථ වෙලා ඉන්නෙ. නාමොලාගෙ අනාගතේ කෑවෙ උගෙ කපුටු බාප්පයි පක්ෂෙ ලේකම් නීතිඥ තුමයි.

:       3       70

සිල්වා Wednesday, 10 January 2024 05:16 PM

රාජපක්ෂලාට නම් බයවෙන්ඩ දෙයක් නෑ. රනිල් රාජපක්ෂනේ...

:       1       13

Siri Tuesday, 09 January 2024 09:28 PM

පරාද වෙන එක හොඳට හුරු නිසා දුක හිතෙන එකක් නැහැ. ඒ උනත් අපරාදේ සල්ලි.

:       19       93

Birty Tuesday, 09 January 2024 09:30 PM

හි හි හි ඔහොමම ගෙදර යන්න

:       17       72

මැක්ස් Tuesday, 09 January 2024 09:41 PM

ඒ කියන්නේ අකුදී සහ සජිත් ප්‍රේමදාස දෙබෑයන්ට සමාජ මාධ්‍යයේ සහ ඔවුන්ගේ ගෝල බාලයන්ගේ ජනාධිපති වශයෙන් තවත් මාස කීපයක් වැජබිය හැකි බව ද?

:       71       34

kamal Tuesday, 09 January 2024 09:47 PM

ඉතින් අපිට පාන්ද?

:       14       46

sara Tuesday, 09 January 2024 09:54 PM

ස්ථිර වශයෙන්ම පරාදයි

:       22       97

Lal Tuesday, 09 January 2024 10:01 PM

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් අපි සියලු සහයෝගය ලබාදිය යුතුමයි .... ත්‍රසතවාදීන් ට නැවත අවසථාව නොදිය යුතුයි ...

:       112       41

අරවින්ද මොනරවිලWednesday, 10 January 2024 11:46 AM

මැඩම්ට ඇමරිකවේ ජොබ් එකක් හොයනවා කියලා ආරංචියි, ලාල් පුළුන්නම් ඒ උදව්ව කොරලා දෙන්න.

:       10       39

Chamara Tuesday, 09 January 2024 10:11 PM

වරෙන්කො දෙන්නම් දොඹෙන් යන්න

:       18       74

Sam Tuesday, 09 January 2024 10:18 PM

ලංකාවේ පවතින ගැටළුවලට විසදුම් ලබාදීමට, සියලු ජතින් සමග එක්ව ක්‍රියාකිරීමට, සියලු රටවල් සමග මිත්‍රත්වයෙන් කටයුතු කිරීමට නම් සියලු ශ්‍රී ලාංකිකයන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඔවුන්ගේ චන්දය ලබාදිය යුතුවේ.

:       94       32

කෝරළගෙWednesday, 10 January 2024 10:58 AM

මෙයාට රට කරවනව තියා, 5/6 බලයක් එක්ක JR මාම දූන්න UNPය අන්තිමට රටේම එක ආසනයක්වත් දිනා ගන්න බැරිතැනට කැජීතම කරල දැම්ම.ඉතින් මෙයා කොහොමද රටක් කරන්නෙ.මොන පිස්සු කතාව!!!

:       19       65

චතුර Wednesday, 10 January 2024 01:35 PM

මචං සෑම් උදේට කෑවෙ පුන්නක්කුද? අදවත් කන්න බත් ටිකක්..

:       4       40

සමන්ත Tuesday, 09 January 2024 10:23 PM

එය මම ඒකමතිකව අනුමත කරමි. ඒ වෙන කිසිවක් නිසා නොව කයිවාරු කාරයන් ගෙන් අඩුවක් නැතත් තවමත් රටක් කල හැකි නායකයෙක් අහල පහල හත් ගව්වක් පහල වී නොමැති බැවිනි. ​

:       68       35

Prabha Tuesday, 09 January 2024 10:29 PM

මේ පාර කී වෙනි වතාවටද පරදින්න හදන්නේ ?

:       19       57

chandima Tuesday, 09 January 2024 10:59 PM

එතුමාට චන්දෙ දෙන්නම ඕන.මාර දියුනුවක්නේ කරලා තියෙන්නේ රටට

:       9       42

රංබොඩ Tuesday, 09 January 2024 11:23 PM

උතුරු පැත්තෙ ගිහින් 13 එහෙම ආයෙමත් කරට අරගෙන දඟළනකොට කවුරුත් දන්නවා වැඩේ.මෙදා පාර පුතානෝට දෙන කොටි ඡන්ද ටික මෙයාට ලැබෙයි වගේ.

:       17       36

චතුර Wednesday, 10 January 2024 12:15 AM

නිවං සුව පතමි.

:       18       49

Kumara Wednesday, 10 January 2024 01:27 AM

උඹලා එක්ක මොන සටන්ද බන් .රෙද්දේ සටන්

:       10       33

Lalith Wednesday, 10 January 2024 04:49 AM

වැට් එකට බඩු ගණන් ගිහින් මිනිස්සුන්ට මාරු නගින්න කලින් භාන්ඩාගාරයට සුද්දෙකුත් දීලා මාරුවෙන්න යන්නේ .තව ටිකක් කල් උන්නොත් පොලිසියෙන් හමුදාවෙන් ගුටිකාලා මැරෙන්නයි වෙන්නේ

:       14       37

විජිත් Wednesday, 10 January 2024 05:54 AM

"...ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි..." එජාප කළමනාකරණ කමිටුව කියන්නේ මොකක්ද ? ඔය කමිටුවේ ඉන්න ගස් බල්ලෝද ශ්‍රී ලංකාවේ මැතිවරණ පවත්වන දිනය තීරණය කරන්නේ ? ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය රටේ වියවස්තාවේ පැහැදිලිවම සඳහන් වෙනවා සැප්තැම්බර් - ඔක්තෝම්බර් කියලා.ඒ වගේම එය නිවේදනය කිරීම මැතිවරණ කොමසාරිස් වරයාගේ කාර්යයක්. මේ නරුම අසික්කිත ගස් බල්ලෝ පෙන්වන්න හදන්නේ , " මහජන මතයට හිසනමා අපි ජනාදිපතිවරණය ලබන සැප්තැම්බර් මාසයේ පවත්වනවා " කියලා. අපිත් මේ බලාගෙන ඉන්නේ ඒ " දවස " එනකම් තමයි.

:       13       62

අරවින්ද මොනරවිල Wednesday, 10 January 2024 07:02 AM

"ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි." එහෙම තීරණය කරන්න මොවුන්ට තිබෙන අයිතිය කුමක්ද ජනාධිපතිවරණය පැවැත්වෙන වසර හා දිනය තීරණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවථාව මගින් තහවුරු කර තිබෙන අතර එය ක්‍රියාත්මක කිරීමේ අයිතිය මැතිවරණ කොමිසම සතුය. ඊළග මහමැතිවරණය පැවැත්වෙන දිනය තිරණය කිරීමේ අයිතිය හිමි වන්නේ ඊළගට පත්වෙන නව ජනාධිපතිවරයාටයි. ගේමක් ගහලා පුටුවට පැන ගත්තා ඇරෙන්න කවදාවත් ජනාධිපතිවරණයක් දිනලා නැති, ඊළග ජනාධිපතිවරණය දිනනේද නැතිබව හොදටම තහවුරු එකෙකුගේ කල්ලියක් ඒක තීරණය කරනේ කොහොමද ?

:       11       52

Lal Wednesday, 10 January 2024 07:42 AM

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් අපි සියලු සහයෝගය ලබාදිය යුතුමයි .... ත්‍රසතවාදීන් ට නැවත අවසථාව නොදිය යුතුයි ... සජිය මොඩය

:       64       19

චන්දන Wednesday, 10 January 2024 07:58 AM

ප්‍රංශ අගමැති අවුරුදු 34ක තරුණයෙක්.... අපිට 80 පැනපු මහල්ලන්... කොහොමද බුද්ධිමත් තීරණ?

:       16       57

Rohana Wednesday, 10 January 2024 08:10 AM

එහෙනම් ගෙදර යැවීමේ සටන පටන්ගනීද ?

:       12       53

Tony Wednesday, 10 January 2024 08:58 AM

ශ්‍රී ලංකාවට දෙවි පිහිටයි .මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඩිමෙන්ශියා රෝහලකට හෝ වයස්ගත සත්කාරක මධ්‍යස්ථානයකට යැවිය යුතුයි. වාසනාවන්ත රටක්. රනිල් රාජපක්ෂගේ බල අරගලය

:       17       44

Amal Wednesday, 10 January 2024 09:06 AM

මුළු රටේම ජනතාව බයෙන් හිටියෙ ඔයා හොර පාරෙන් පැන්ෂන් යයි කියල. එන්න අම්මා එන්න, අපි ඔක්කොම ඔයාව අපේ කරේ තියන් ජනාධිපතිවරණ කැම්පේන් එක කරලා ඔයාගේ ගෙදර ගිහින් හාමිනේට භාර දීලයි අපි මෙදාපාර කිරිබත් කන්නෙ.

:       17       49

achini Wednesday, 10 January 2024 09:15 AM

රාජපක්ෂ හොර නඩය රකින රූකඩේ

:       14       43

Senarath Wednesday, 10 January 2024 09:25 AM

ලොකු දෙයක්. මේ අවුරුද්දෙවත් මේ පහනේ භූතයාව එලවලා දාන්න පුළුවන්

:       15       43

Jayasekara Wednesday, 10 January 2024 10:07 AM

හොඳටම සලකයි මේ පාර

:       14       40

Lakmal Wednesday, 10 January 2024 10:13 AM

මට ලංකාදීපෙ ඉන්න පඩිවරු වියතුන් ඔනෙ එකෙක් කියපල්ල, රටෙ ජනාදිපතිවරනෙ, මහ මතිවරනෙ ගැන තිරණ ගන්න UNP එකේ ඉන්න පාලකය කවුද බලය දීල තියෙන්නෙ.

:       11       34

සිජේර Wednesday, 10 January 2024 10:35 AM

යථාර්ථය නම් 2021- 2022 මැද දක්වා රටේ තිබුණු අරාජික තත්ත්වය කෙටි කලක් තුල සමනය කර ගැටලු වලට තතාවකාලික පැලැස්තර නොදමා දිගුකාලීනව රට සාර්ථකත්වය කරා ගෙන යෑමට අප්‍රසිද්ධ හා කෙලින් තිරණ ගනිමින් සිටින එකම නායකයා රනිල්

:       40       23

Kazi Shajahan Wednesday, 10 January 2024 10:50 AM

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ඔබ එනතුරු අපි බලාගෙන ඉන්නේ.ඔබ තමයි අපේ පොහොට්ටුවේ ගැලවුම් කාරයා

:       15       22

ජේ ආර් නානා Wednesday, 10 January 2024 10:57 AM

2023 උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්නය මැතිවරණ කොමිසම ට සමාන තවත් නමක් වන්නේ පිළිතුර එජාප (හරිනම එපාජය) කළමනාකරණ කමිටුව

:       8       26

සල්ලි Wednesday, 10 January 2024 11:09 AM

ජනප්‍රිය නොවූ (රහසිගත) තීරණ අරන් හොරු රැළක් රකින ඔහේට අපි චන්දේ දෙන්නේ නෑ. අපෙන් හොරකම් කරපු සල්ලි ආපහු අරන් දෙන එකෙක්ට චන්දේ දෙනවා.

:       14       34

dilshan Wednesday, 10 January 2024 11:40 AM

Wow ගෙදර යන්න ලෑස්ති ​​වෙන්න RW. තව මාස 8ක් ගණන් කරනවා. යේහ්

:       9       34

NOWAN Wednesday, 10 January 2024 11:53 AM

මතකද ? ඔහු මිස්ටර් බීන්.

:       7       36

ලුම්බිණි Wednesday, 10 January 2024 12:17 PM

පරාජය නියතයි...!

:       8       39

nimal Wednesday, 10 January 2024 01:17 PM

රනිල් ඡන්දෙ ඉල්ලනකන් තමයි බලාගෙන ඉන්නේ...

:       3       28

චන්දන Wednesday, 10 January 2024 02:19 PM

සජබ සහ මාලිමාව වෙන වෙනම තරග කරන කොට තියෙන ඡන්ද දෙකට බෙදෙනවා. ඒතකොට උතුරේ සහ නැගෙනහිර ඡන්දත් පොහොට්ටුවට ඉතිරිවෙලා තියෙන ඡන්දත් අරගෙන ජනපති වෙන්න තමයි සැලසුම. ඒ නිසා කළයුත්තේ රට ගැන හිතලා සජබ සහ මාලිමාව කතාකරලා තීරණයක් ගන්න එක. පසුව මහ මැතිවරණයකට වෙනම ඉල්ලන්න පුළුවන්. නැත්තම් කෙළවෙනවා ෂුවර්...

:       5       12

Saman Wednesday, 10 January 2024 02:35 PM

බිග්බොස් බැක් ටු ගේම්...!!!

:       6       13

Nilantha Gamage Wednesday, 10 January 2024 02:43 PM

රනිල් අපේ ගැලවුම්කාරයා. ඔබ එනතුරු අපි බලාගෙන ඉන්නේ...

:       19       6

Deepal Nirosh Wednesday, 10 January 2024 03:28 PM

“ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි.“ මේකේ තේරුම දැන් මැතිවරණය පවත්වන්නේ ද නැද්ද හා දින වකවානු තීරණය කරන්නේත් එජාප කළමණාකරන කමිටුවයි. එතකොට මැතිවරණ කොමිසම?

:       3       16

nals nissanka Wednesday, 10 January 2024 04:08 PM

අදහස යහපත් නමුත් ජනතාව පවසන අදහස්, යෝජනාවලට එකඟව ප්‍රතිපත්තිය ජනතාව අතරට යවන්නත් අපේ සුබපැතුම්...!

:       4       3

fairoos Wednesday, 10 January 2024 04:42 PM

පොහොට්ටුවෙන් දාන කෙනාට වඩා නම් මෙයා හොඳයි. ඔවුන් රටට සාපයක්...

:       3       6

nandana Wednesday, 10 January 2024 04:57 PM

තමන්ට ජනමතයක් මේ රටේ නැති බව දැනගෙනම ගෙදර යනඑකත් හොඳයි නේද? 

:       3       17

ගමේ එකාලා Wednesday, 10 January 2024 05:45 PM

රනිල්ට වඩා කෙනෙක් හොයාගන්න බැරුව ඇති.. වයසක උන්දෑ කෙනෙක් දාගෙන වෙන්නේ දූෂිත පවුල් පාලනේ අය ආරක්ෂා වෙනඑක විතරයි...!

:       0       1

Rohana Wednesday, 10 January 2024 05:46 PM

පාලනය කෙටිකලයි. රට ණයබරින් උතුරාගියා. ණයගෙවන්න කල්දැම්මා. අයි එම් එෆ් ගියා සුළු ණයක් ලැබුණා. ඒකට ජනතා කැපවීම් වැඩිවුණා. බදුබර ඉවසන්න බැරිවුණා. ජීවන වියදම ඉහළ ගියත් ආදායම එතැනමයි. බොහෝ අයට ආදායම නැතිවුණා. ගජමිතුරන්ට බදු සහන බොල්ණය වලින් සැලකුවා. නැතිබැරි මිනිහාටම බදු පැටෙව්වා මදිවට ටින් එකකුත් දුන්නා. ඒ මදිවාට පොහොට්ටුවේ රූකඩයක් වුණා. මන්ද පෝෂිත ජනතාව තවත් ඉහළ ගියා. ඉතින් ජනතාව ඔබ නැවතත් තෝරා ගනීද කියා ඔබම හිතා බලන්න...

:       0       1

රාලහාමි Wednesday, 10 January 2024 06:28 PM

මොනවා ? මහබැංකුව බිඳලා , හොරුන් 134 කගේ චන්දෙන් ජනාධිපති පුටුවට පැනපු ,බටලන්දේ මිනීමරුවා ජනාධිපති වරණයට ඉදිරිපත්වෙනවා ? හෙලුවෙන්ද ?

:       0       2

chandima Wednesday, 10 January 2024 07:48 PM

දිනන එක සිකිරුයි .බලන්නකෝ මූන උනත් නිකන් රැම්බෝ ගේ වගේ නේ ?

:       0       0

Che Wednesday, 10 January 2024 09:40 PM

යුද්දෙන් පසුව යම් තරමකට හෝ ප්ථිපත්තිමය පාලයනයක් ගෙන ගොස් ඇත්තේ රනිල්ය.ඔහුගේ ආර්ථික ප්තිපත්ති කාලෝචිතය.හොරා කෑව ඒවා ජනසතු කරනවා නමි හොරා කෑමට ඉඩනොදෙනවානම් රනිල්ට කිට්ටු කිරීමට කිසිවෙකුට නොහැකිය.

:       1       0

Nadadawa withanage sisira kumara Wednesday, 10 January 2024 09:52 PM

අපිට කරන සේවයට එතුමා හිතුවද දන්නේ නෑ අපි එතුමාව දින්නවයි කියලා

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හමුදාපති අපහස කළැයි පුද්ගලයකුට තහනම් ආඥාවක්
2024 මැයි මස 15 714 1

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය ,ද්වේශ සහගත හා අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම,බෙදා හැර


විදුලි ඉංජිනේරුවරු 130 ක් සේවය හැර ගිහින්
2024 මැයි මස 15 545 1

ආර්ථික ගැටලු ඇතුළු විවිධ කරුණු හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනකු මෑත කාලයේදී සේවය හැර ගොස් ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්


මිනිස් ජාවාරමුන්ට දැඩි දඬුවම්
2024 මැයි මස 15 331 1

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්


ක්‍රිකට් සභාපති ශම්මිට වාරණයක්
2024 මැයි මස 15 2623 2

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ වැඩබල ලේකම්වරයාට එරෙහිව වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (15)නිකුත් කළේය.


’’හොරු අල්ලන නීති රැසක් ගෙනාවා’’
2024 මැයි මස 15 816 17

හොරු ආරක්ෂා කරන බවට චෝදනාවට ලක්වූ ආණ්ඩුව විසින් හොරු අල්ලන නීති රැසක් පසුගිය දෙවසර ඇතුළත ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ජනපති කාර්යාලය ඉදිරිපිට උණුසුම් වෙයි
2024 මැයි මස 15 1245 2

අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අද (15) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 712 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2237 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1921 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site