(රෝෂන් තුෂාර)
රජයේ වාහනයක් අලුත් වැඩියා කිරීමට වැය වන මුදලින් සියයට දහයක අල්ලසක් ඉල්ලා ලබාගත්තේ යැයි කියන රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාරවරයා ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය .
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත වූයේ ඕමල්පේ පදිංචි බුද්ධික සෙනරත් ජයවර්ධන නමැති සැකකරුවේ .
අමාත්‍යාංශයේ වාහනයක් අලුත් වැඩි වැඩියා කිරීම සඳහා තලපත්පිටිය ගරාජයකට ලබා දීමට තිබූ රුපියල් 312750.00මුදලින් සියයට දහයක කොටසක් වූ රුපියල් 32000.00ඉල්ලා ලබා ගැනීමේ සැකයට සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි .
තමන් කිසිදු අවස්ථාවක එවන් අල්ලසක් ඉල්ලා නොසිටි බව සැකකරු සිය නීතිඥයා මාර්ගයෙන් අධිකරණයට පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මෙහෙම දෙයක් නොවෙන්න පුළුවන් කොළඹින් දුරබැහැර දුෂ්කර ප්‍රදේශවල සිට කොළඹ ප්‍රාදේශයේ රාජකාරි කරන්න වැඩ කරන්න ඕන ඉතාමත් ප්‍රවේශමෙන් තමයි .මොකද ගමේ එකාට කොළඹ ගියත් ලැබෙන්නේ කැකිරි තමයි ඔය අමාත්‍යාංශයේ සධාකාලිකව රැදී සිටින එවුනුත් අනන්ත ඉන්නවා .උන්දැල ඉතින් ලොක්කන්ට ගොට්ට අල්ලන්න සමත්තු තමයි කොතන වැඩ කලත් විෂය පථයට සැපයීම ඉදිකිරීම් අලුත්වැඩියා අයත් නම් දැලිපිහියෙන් කිරි කනවා වගේ තනතුරේ රාජකාරි කරන්න වෙනවා .එවැනි තනතුරු වලට කෙලහලමින් ඒ.ක තමන්ට ගන්න බෙලිකපන එවුන් අනන්තවත් අමාත්‍යාංශවල ඉන්නවා කොහොම වුනත් අල්ලස් ගන්න වෙලාවෙ අල්ලාගෙන ඇතිබවක් පේන්නෙ නැහැ