IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අල්ලසක් ගත් බව කියන කළමනාකරණ සහකාර 19 තෙක් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

රජයේ වාහනයක් අලුත් වැඩියා කිරීමට වැය වන  මුදලින් සියයට දහයක අල්ලසක් ඉල්ලා ලබාගත්තේ යැයි කියන රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාරවරයා ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය .
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත වූයේ ඕමල්පේ පදිංචි බුද්ධික සෙනරත් ජයවර්ධන නමැති සැකකරුවේ .
අමාත්‍යාංශයේ වාහනයක් අලුත් වැඩි වැඩියා කිරීම සඳහා තලපත්පිටිය ගරාජයකට ලබා දීමට තිබූ රුපියල් 312750.00මුදලින් සියයට දහයක කොටසක් වූ රුපියල් 32000.00ඉල්ලා ලබා ගැනීමේ සැකයට සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි .
තමන් කිසිදු අවස්ථාවක එවන් අල්ලසක් ඉල්ලා නොසිටි බව සැකකරු සිය නීතිඥයා මාර්ගයෙන් අධිකරණයට පැවසීය .  



අදහස් (1)

අල්ලසක් ගත් බව කියන කළමනාකරණ සහකාර 19 තෙක් රිමාන්ඩ්

සෙනරත් Tuesday, 09 January 2024 03:27 PM

ඇත්තටම මෙහෙම දෙයක් නොවෙන්න පුළුවන් කොළඹින් දුරබැහැර දුෂ්කර ප්‍රදේශවල සිට කොළඹ ප්‍රාදේශයේ රාජකාරි කරන්න වැඩ කරන්න ඕන ඉතාමත් ප්‍රවේශමෙන් තමයි .මොකද ගමේ එකාට කොළඹ ගියත් ලැබෙන්නේ කැකිරි තමයි ඔය අමාත්‍යාංශයේ සධාකාලිකව රැදී සිටින එවුනුත් අනන්ත ඉන්නවා .උන්දැල ඉතින් ලොක්කන්ට ගොට්ට අල්ලන්න සමත්තු තමයි කොතන වැඩ කලත් විෂය පථයට සැපයීම ඉදිකිරීම් අලුත්වැඩියා අයත් නම් දැලිපිහියෙන් කිරි කනවා වගේ තනතුරේ රාජකාරි කරන්න වෙනවා .එවැනි තනතුරු වලට කෙලහලමින් ඒ.ක තමන්ට ගන්න බෙලිකපන එවුන් අනන්තවත් අමාත්‍යාංශවල ඉන්නවා කොහොම වුනත් අල්ලස් ගන්න වෙලාවෙ අල්ලාගෙන ඇතිබවක් පේන්නෙ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site