
(උපුල් හේරත්)
මිහින්තලේ කන්නට්ටිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු මිය ගොස් ඇති අතර තවත් සිව් දෙනෙකු අද (09) බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මිහින්තලේ පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් මියගියේ කලත්තෑව, ගල් කුලම ලිපිනයේ පදිංචිව සිටි හිටපු උප පොලිස් පරීක්ෂක ඉන්ද්‍රසිරි මහතාය.මෙලෙස සිදුවුන අනතුරෙන් පසු එම බස් රථයේ පාරෙන් ඉවතට පැන බස් රථය පෙරළී ඇත.
එසේ සිදු වූ අනතුරින් පැදිකරු එම ස්ථානයේම මියගොස් සිටි අතර,බස් රථයේ සිටි තවත් සිව් දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd