
(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රංශ ජානාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස 34 හැවිරිදි ගේබ්‍රියෙල් අතාල් අද (09) පත් කරනු ලැබ ඇත.
අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමට ප්‍රථම ගේබ්‍රියෙල් අතාල් ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
ඒ අනුව ප්‍රංශයේ ළාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස ගේබ්‍රියෙල් අතාල් වාර්තා අතරට එක්වනු ඇත.ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ට අන්ත දක්ෂිනාංශිකයන්ගෙන් එල්ල වන දේශපාලන පීඩනය හමුවේ ඉතිරි ඇති ධුර කාලය සඳහා නව මුහුණුවරක් දීමට මෙම පත්වීම සිදු කරනු ලැබුවේය.ගේබ්‍රියෙල් අතාල් ප්‍රංශයේ ප්‍රථම විවෘත සමලිංගික අග්‍රාමාත්‍යවරයාද වේ.
මිට පෙර අග්‍රාමාත්‍ය ධුරය දැරූ එළිසබෙත් බෝර්න් විදේශිකයන් පිටුවහල් කිරීමට රජයට ඇති හැකියාව ශක්තිමත් කරන සංක්‍රමණ නීතියක් සම්බන්ධයෙන් ඇති වී තිබෙන දේශපාලන කැලඹීම හේතුවෙන් ඊයේ(08) ඉල්ලා අස් වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අම්මෝ පො ** යෙක් ? ප්‍රංෂෙත් ඉවරයි. අපේ එකා බලෙන් ඇවිල්ලා අපේ රටට කරපු දේවල් මදැයි.
මෙහෙත් නාමල් අගමැති වෙයි
ඒකට අපේ රටේ ,ඉන්න නාකි මලහෝන්තු ටික දුම්මල ගහලාවත් එලවන්න බෑ
අනේ දෙවියනි! මගේ රට ගැන හරිම කනගාටුයි. අන්න බලව්! බලව්!! ප්‍රංශයේ ජනපතියි, අගමැතියි දෙන්නම පට්ටම පට්ට තරුණයෝ. අපේ නාකිම නාකි තරුණයෝ.
සමලිංගිකයෝ දැන් රටවල් පාලනයටත් ඇවිත්.
එහෙනම් කැනඩාවට වෙච්ච සැන්තෑසිය තමයි වෙන්න.
ලංකාවට බැරිද තරුණ අගමැතියෙක් පත්කර ගන්න.... හැබැයි සමණලයෝ සහ රාජපස්ස ගාවගන්නේ නැතිව.... මැදමුලන ගොල්ල ගන්නේ ජනපතිකම විතරනේ. අපේ අගමැති නම් අයියෝ මෙලෝරහක් නැති ගොරක පුතෙක් එල්ලගෙන බයිල කිය කිය ඇවිදිනවා.
ඇත්තටම අපේ රටෙත් තරුණ දැනමුතුකම් තියෙන අය පත් කළා නම් හොඳයි... දැන් ඉන්නෙම වයසක අය... මේ රට පාලනයට එහෙම අය සුදුසු නැහැ. මොලේ හොඳට වෙහෙසවලා වැඩකරන්න පුළුවන් තරුණ අයට මෙහෙයවන්න දුන්නා නම් රට හොඳ තැනක...