
(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රංශ ජානාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස 34 හැවිරිදි ගේබ්‍රියෙල් අතාල් අද (09) පත් කරනු ලැබ ඇත.
අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමට ප්‍රථම ගේබ්‍රියෙල් අතාල් ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
ඒ අනුව ප්‍රංශයේ ළාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස ගේබ්‍රියෙල් අතාල් වාර්තා අතරට එක්වනු ඇත.ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ට අන්ත දක්ෂිනාංශිකයන්ගෙන් එල්ල වන දේශපාලන පීඩනය හමුවේ ඉතිරි ඇති ධුර කාලය සඳහා නව මුහුණුවරක් දීමට මෙම පත්වීම සිදු කරනු ලැබුවේය.ගේබ්‍රියෙල් අතාල් ප්‍රංශයේ ප්‍රථම විවෘත සමලිංගික අග්‍රාමාත්‍යවරයාද වේ.
මිට පෙර අග්‍රාමාත්‍ය ධුරය දැරූ එළිසබෙත් බෝර්න් විදේශිකයන් පිටුවහල් කිරීමට රජයට ඇති හැකියාව ශක්තිමත් කරන සංක්‍රමණ නීතියක් සම්බන්ධයෙන් ඇති වී තිබෙන දේශපාලන කැලඹීම හේතුවෙන් ඊයේ(08) ඉල්ලා අස් වූවාය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්‍රංශයට තරුණ අගමැතිවරයෙක්
Chathuri Tuesday, 09 January 2024 08:16 PM
මගේ අම්මෝ පො ** යෙක් ? ප්‍රංෂෙත් ඉවරයි. අපේ එකා බලෙන් ඇවිල්ලා අපේ රටට කරපු දේවල් මදැයි.
abeygunasekarasampath95 Tuesday, 09 January 2024 08:29 PM
මෙහෙත් නාමල් අගමැති වෙයි
Rata Perata Tuesday, 09 January 2024 09:04 PM
ඒකට අපේ රටේ ,ඉන්න නාකි මලහෝන්තු ටික දුම්මල ගහලාවත් එලවන්න බෑ
නාකිම නාකි තරුණයෝ Tuesday, 09 January 2024 09:33 PM
අනේ දෙවියනි! මගේ රට ගැන හරිම කනගාටුයි. අන්න බලව්! බලව්!! ප්‍රංශයේ ජනපතියි, අගමැතියි දෙන්නම පට්ටම පට්ට තරුණයෝ. අපේ නාකිම නාකි තරුණයෝ.
නිශාන්ත වෙත්තසිංහ Wednesday, 10 January 2024 12:44 AM
සමලිංගිකයෝ දැන් රටවල් පාලනයටත් ඇවිත්.
Bamunuarachchi Wednesday, 10 January 2024 03:23 AM
එහෙනම් කැනඩාවට වෙච්ච සැන්තෑසිය තමයි වෙන්න.
Lalla Wednesday, 10 January 2024 07:25 AM
ලංකාවට බැරිද තරුණ අගමැතියෙක් පත්කර ගන්න.... හැබැයි සමණලයෝ සහ රාජපස්ස ගාවගන්නේ නැතිව.... මැදමුලන ගොල්ල ගන්නේ ජනපතිකම විතරනේ. අපේ අගමැති නම් අයියෝ මෙලෝරහක් නැති ගොරක පුතෙක් එල්ලගෙන බයිල කිය කිය ඇවිදිනවා.
Bamunuarachchi Thursday, 11 January 2024 05:40 AM
Lalla ලලලා එහෙම කෙනෙක් යුද්දේ කාලේ පත් කලානම් කොහොමද කියලා හිතන්නේ? නිස්කලංක මුහුදේ ඕන ගොබ්බයයෙකුට නැව ගෙනියන්න පුළුවන් නමුත් රළු මුහුදේ නැව ගෙනියන්නා තමයි නියම කැප්ටන්. මතකද රටේ හර්තාල් කලබල ආපු කාලේ ඩඩ්ලිට, බොහොම සංවර විදිහට කියනවා නම්, බඩේ අමාරු හදුනා. නැතිනම් කියන්නේ රෙවුණා කියලා. ඒ තරුණ කමට බලයට ඇවිත්. ඒ තාත්තා මහාමාන්‍ය උන නිසා. දැනුත් ඉන්නවා තාත්තා ගේ පිහිටෙන් බලයට එන්න හදන ගොයියෝ.
Lasanthi kumari Wednesday, 10 January 2024 04:20 PM
ඇත්තටම අපේ රටෙත් තරුණ දැනමුතුකම් තියෙන අය පත් කළා නම් හොඳයි... දැන් ඉන්නෙම වයසක අය... මේ රට පාලනයට එහෙම අය සුදුසු නැහැ. මොලේ හොඳට වෙහෙසවලා වැඩකරන්න පුළුවන් තරුණ අයට මෙහෙයවන්න දුන්නා නම් රට හොඳ තැනක...