(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව හරහා යන නැව් වලට සිතියම් සපයා ලංකාවට ඩොලර් මිලියන සීයක මුදලක් උපයා ගන්නට හැකියාව තිබුණත් දැනට ඒ ආදායම උපයා ගැනීමක් කෙරෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
බ්‍රිතාන්‍ය ජල ශාස්ත්‍රීය ආයතනය ලංකාව හරහා යන නැව් වලට සිතියම් සපයා රාජ්‍ය භාගය ලෙස ඩොලර් දහසක් පමණක් දෙන බව කී මන්ත්‍රීවරයා මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු ඩොලර් දහසක මුදල ඩොලර් 20000 දක්වා වැඩිකර ගැනීමට හැකි වූ නමුත් රටට ලැබිය යුතු මුදල එයින් ලැබෙන්නේ නැතැයි සඳහන් කළේය.
මෙරට මුහුදු තීරය හරහා නැව් හතළිස් දාහකට වැඩි ප්‍රමාණයක් යන බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය පවසා තිබෙන බව කී මන්ත්‍රීවරයා මෙම නැව් හතළිස් දාහට සිතියම් දුන්නොත් ඩොලර් මිලියන සීයකට වඩා ආදායමක් ලබා ගැනීමට පුළුවන්කම තිබෙන බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි මන්ත්‍රීතුමා හිටු කියල ඩොලර් ඩොලර් කියල කෑගහන්න එතකොට අපේ ඇගටත් ගැම්මක් එනවනෙ, ඒ එක්කම මනාප ලැයිස්තූවේ මනාපත් සුටු සුටුගාල ප්‍රසාරණය වෙලා අපේ මැතිදානො විදුලි වේගයෙන් උඩම තමා. ජය හේ!
දැන් ඕකට කියල පනතක් ගෙනාවා නේද නවික හමුදාවට ඕක කරන්න පුලුවන් වෙන්න. දැන් මොකද්ද තියන ප්‍රශ්නය?
ඒක ගන්න කලින් ලංකාවට නැව් ඒම පහසු කරන්න ඕනේ. ඒ සඳහා තමයි රතු මුහුදේ ත්‍රස්තයින්ගෙන් නැව් වලට ආරක්ෂාව දෙන්න හදන්නේ. නැව් සුවසේ අපේ පැත්තෙන් යනකොට අන්න බද්ද ගහනවා. අන්න එහෙමයි සුත්තර පුන්චගේ ටිකිරි මොලේ වැඩ කරන්නේ.
කලින් ඔබලාගේ රජයක් තිබ්බා නේද ?එතකොටත් ඕක කරන්න තිබ්බේ නැද්ද ?
පොඩ්ඩක් ඉන්නවා අයිෂෙ...අපේ ජං පිනා යේමනියට යුධ නැවක් අරින්න සිතියම් සපයාගන්න බැරිව තාම ලතවෙනවා. ඒක සාර්ථක වුණාම තමයි, ලංකාව හරහා යන වෙළඳ නැව් වලට සිතියම් සපයන්න පුළුවන් වෙන්නෙ. ඔයාලගේ පරණ බොස්නෙ, තේරෙන්නේ නැද්ද?