IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලංකාව නැව් වලින් ගන්න තියෙන ආදායම නොගන්නේ ඇයි?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාව හරහා යන නැව් වලට සිතියම් සපයා ලංකාවට ඩොලර් මිලියන සීයක මුදලක් උපයා ගන්නට හැකියාව තිබුණත් දැනට ඒ ආදායම උපයා ගැනීමක් කෙරෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

බ්‍රිතාන්‍ය ජල ශාස්ත්‍රීය ආයතනය ලංකාව හරහා යන නැව් වලට සිතියම් සපයා රාජ්‍ය භාගය ලෙස ඩොලර් දහසක් පමණක් දෙන බව කී මන්ත්‍රීවරයා මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු  ඩොලර් දහසක මුදල ඩොලර් 20000 දක්වා වැඩිකර ගැනීමට හැකි වූ  නමුත් රටට  ලැබිය යුතු මුදල එයින් ලැබෙන්නේ නැතැයි සඳහන් කළේය.

මෙරට මුහුදු තීරය හරහා නැව් හතළිස් දාහකට වැඩි ප්‍රමාණයක් යන බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය  පවසා තිබෙන බව කී මන්ත්‍රීවරයා මෙම නැව් හතළිස් දාහට සිතියම් දුන්නොත් ඩොලර් මිලියන සීයකට වඩා ආදායමක් ලබා ගැනීමට පුළුවන්කම තිබෙන බව පැවසීය.



අදහස් (5)

ලංකාව නැව් වලින් ගන්න තියෙන ආදායම නොගන්නේ ඇයි?

මාන්නයක් නැති මම අජිත් Tuesday, 09 January 2024 04:15 PM

අන්න හරි මන්ත්‍රීතුමා හිටු කියල ඩොලර් ඩොලර් කියල කෑගහන්න එතකොට අපේ ඇගටත් ගැම්මක් එනවනෙ, ඒ එක්කම මනාප ලැයිස්තූවේ මනාපත් සුටු සුටුගාල ප්‍රසාරණය වෙලා අපේ මැතිදානො විදුලි වේගයෙන් උඩම තමා. ජය හේ!

:       0       1

Chamara Tuesday, 09 January 2024 08:10 PM

දැන් ඕකට කියල පනතක් ගෙනාවා නේද නවික හමුදාවට ඕක කරන්න පුලුවන් වෙන්න. දැන් මොකද්ද තියන ප්‍රශ්නය?

:       0       2

Bamunuarachchi Wednesday, 10 January 2024 03:47 AM

ඒක ගන්න කලින් ලංකාවට නැව් ඒම පහසු කරන්න ඕනේ. ඒ සඳහා තමයි රතු මුහුදේ ත්‍රස්තයින්ගෙන් නැව් වලට ආරක්ෂාව දෙන්න හදන්නේ. නැව් සුවසේ අපේ පැත්තෙන් යනකොට අන්න බද්ද ගහනවා. අන්න එහෙමයි සුත්තර පුන්චගේ ටිකිරි මොලේ වැඩ කරන්නේ.

:       0       3

Nimal Wednesday, 10 January 2024 08:58 AM

කලින් ඔබලාගේ රජයක් තිබ්බා නේද ?එතකොටත් ඕක කරන්න තිබ්බේ නැද්ද ?

:       0       2

Amal Wednesday, 10 January 2024 10:29 AM

පොඩ්ඩක් ඉන්නවා අයිෂෙ...අපේ ජං පිනා යේමනියට යුධ නැවක් අරින්න සිතියම් සපයාගන්න බැරිව තාම ලතවෙනවා. ඒක සාර්ථක වුණාම තමයි, ලංකාව හරහා යන වෙළඳ නැව් වලට සිතියම් සපයන්න පුළුවන් වෙන්නෙ. ඔයාලගේ පරණ බොස්නෙ, තේරෙන්නේ නැද්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site