IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දඩි බිඩි ගගා පනත් ගෙන ඒම සැකයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දඩිබිඩි තාලයෙන් කලබලයකින් පාර්ලිමේන්තුවට අණ පනත් ඉදිරිපත් කිරීමේ පරමාර්ථය සහ සත්භාවය ප්‍රශ්නයක් බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර්  මාකර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනවාර්ගික ගැටලුවෙන් පීඩා විඳින්නේ පොදු ජනතාව බැවින් ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන පනත ගෙන ඒමට පෙර පීඩා විඳින  ජනකොටස් සමඟ  අදහස් හුවමාරු කර ගත යුතු බව මන්ත්‍රීවරයා කීය.

එවැන්නක් සිදු නොකර ඉහලින් පහලට නීතිරීති පැනවීමට උත්සාහ ගැනීමෙන්  ඉතිහාසයේ වැරදි නිවැරදි නොවන බවද බාකිර් මාකර්  මහතා සඳහන් කළේය.

 අරගලය පටු දේශපාලන අරමුණු සඳහා තමන්ගේ නමට ඩැහැ ගැනීමට  අතලොස්සක් දෙනා අන්තවාදී ක්‍රියාවල යෙදුනද එම ස්වභාවික ජනතා නැගිටීමෙන් ජනතාව දුන් පණිවිඩය ඉතා වැදගත් බව බාකීර් මාකර් මහතා කීය.

මෙවන් පසුබිමක මෙම පනත ඉදිරිපත් කිරීම සද් භාවයෙන් සිදුවන්නක් නම් එය රටේ අනාගතය සඳහා වන යහපත් හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

අල්ලස් දූෂණ කොමිෂන් සභාවක් තිබූ පමණින් රටේ අල්ලස,දූෂණය  තුරන්වීම හෝ,අවම වීම සිදුනොවී ඇත්තාක් මෙන් ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය  පිහිටුවීමෙන් පමණක් රටේ සමගිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ප්‍රාතිහාර්ය පෑමක් සිදුවේයැයි අපේක්ෂා කරන්නට පුළුවන් කමක් නැති බවද බාකීර්  මාකර් මහතා සඳහන් කළේය.



අදහස් (2)

දඩි බිඩි ගගා පනත් ගෙන ඒම සැකයි

Bamunuarachchi Wednesday, 10 January 2024 03:48 AM

සැක හිතන්න එපා

:       1       0

wedageWednesday, 10 January 2024 11:07 AM

ඔබ අබේවර්දන කොටා නේද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site