
(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා සමගි ජනබලවේගයෙන් ඊළඟට වැඩිම මනාම ලබාගත් නයන ප්‍රියන්කර වාසලතිලක මහතා පත්වනු ඇත.
ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජන මනාප 31,307ක් හිමිකරගනු ලැබීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදෙනු ලැබීය.
ඒ අනුව ඊළගට වැඩිම මනාම ලබාගත් නයන ප්‍රියන්කර වාසලතිලක මහතා බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පත්වීමට නියමිතව සිටින්නෙ විපක්ෂයේ ප්‍රධානියෙක්ගෙ ළගම නෑයෙක් කියලා ආරංචියක් තියෙනවා .ඒක ඇත්තද.දන්න කෙනෙක් කියන්න
එයාටත් කාර් එකක් ලැබෙනවාද? අනේ අපොයි JR උඹ රටට කල නස්පැත්තිය.