කන්ටේනර් එකිනෙක ගැටී කත මරුට අධිවේගී මාර්ගයේ කොට්ටාව අතුරුගිරිය අතර කිලෝමීටර් 3 කණුව අසලදී නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපසින් පැමිණි කන්ටේනර් රථයක් ගැටී එහි ගමන් ගත් රියදුරු සහ කාන්තාවක් බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී කාන්තාව මියගොස් ඇතැයි අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි. 28 November 2023
ලක්ෂ 12ක මත්පෙති සමඟ දෙකක් දැලේ දිවුලපිටිය ප්‍රදේශයේ බෙදාහැරීමට සූදාම් කර තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය හා මත් පෙති තොගයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි. 28 November 2023
උතුරු කොරියා චන්ද්‍රිකාව ධවල මන්දිරයේ ඡායාරූප අරන් පසුගිය දා තමන් සාර්ථකව පෘථිවි කක්ෂයේ රැඳවූ ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාව, ඇමෙරිකන් ජනාධිපති මැදුර හෙවත්, ධවල මන්දිරයේත්, ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේත් ඡායාරූප ලබාගෙන ඇතැයි උතුරු කොරියාව පවසයි. 28 November 2023
ලොව දක්ෂ සූප වේදීයෙක් දිවයිනට ලෝක ප්‍රකට සූපවේදී , ඕස්ට්‍රේලියානු ජාතික ගැරී මිහිගන් ( Gary Mehigan ) මහතා ශ්‍රී ලංකාවේ සත් දින වැඩමුළු කීපයක් සදහා දිවයිනට පැමිණියේය . 28 November 2023
අදත් තදින් වැස්ස නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 November 2023
හෙදිය ඇඳුම් මාරු කරද්දී සුළුසේවකයා වීඩියෝ කරලා උඩුගම රෝහලේ හෙද නිලධාරිනියක විවේකාගාරයේ නාන කාමරයට ගොස් ඇඳුම්මාරු කරමින් සිටියදි එය ජංගම දුර කතනයෙන් විඩියෝ කරන ලද සුලු සේවකයකු උඩුගම පොලිසිය ඊයේ අත් අඩංගුවට ගෙන ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස් පති කාර්යාලය පවසයි. 28 November 2023
දංඹ්විට රබර් අත් මේස් කර්මාන්ත ශාලාව ගිනි ගනී දංඕවිට හොරගස්මංකඩ ප්‍රදේශයේ රබර් අත් මේස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නක් හේතුවෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි දංඕවිට පොලිසිය සඳහන් කරයි 28 November 2023
ලංකාව සහ සෞදි අරාබිය අතර ඇඟළුම්- සංචාරක සබඳතා තර වෙයි මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍ය ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් මහතා (Faisal F.Alibrahim) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීය. 28 November 2023
නවසීලන්තයේ දුම්වැටි තහනම ඉවතට නවසීලන්තයේ දුම්වැටි තහනම් කිරීමට, එරට කම්කරු පක්ෂය සහ පක්ෂ නායිකා අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ගෙන තිබුණු තීරණය අත්හිටුවීමට නව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන් සහ ඔහුගේ දක්ෂිණාංශික ජාතික පක්ෂ සන්ධානය රජය තීරණය කර තිබේ. 28 November 2023
සටන් විරාමය දීර්ඝ කරන්න හමාස් කැමතියි ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, ආරම්භ වුණු තාවකාලික මානුෂීය සටන් විරාමය, තවත් දින දෙකක් දීර්ඝ කිරීමට ගාසා තීරයේ හමාස් සංවිධානය කැමැත්ත පළ කර ඇතැයි කටාර් රාජ්‍යය පවසයි. 28 November 2023
නිදන් ගන්න ගිය නාවික - යුද සාමාජිකයෝ මාට්ටු කුරුණෑගල රිදීගම රත්හැටිකන්ද ප්‍රදේශයේ ස්ථානයක නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් කරමින් සිටියේ යැයි කියන නාවික හමුදා ලුතිනන් වරයකු ඇතුළු පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීගම පොලිසිය පවසයි. 27 November 2023
ප්‍රභා සමරන්න කප්පම් ඉල්ලූ හිටපු කොටි සාමාජිකයා අල්ලයි කෝටි දහයක ලොතරැයි ජයග්‍රහණයක් ලබා සිටී බව කියන අයකුගෙන් මහවිරු දිනය සැමරීමට යැයි කියමින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා තර්ජනය කළේ යැයි පැවසෙන එල්ටීටීඊ සංවිධානයේ හිටපු බුද්ධි අංශ සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලීසිය පවසයි. 27 November 2023
අයි.සී.සී. තහනම හැකි ඉක්මණින් ඉවත්කරගත යුතුයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම හැකි ඉක්මණින් දින කීපයක් තුළ ඉත්කරගැනීම ඉතාමත් වැඳගත් බවත් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගන්නා තීරණ නීතියට අනුව ක්‍රියාත්මක කළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් පසුව හරීන් ප්‍රනාන්දු මහතා අද (27) පස්වරුවේ පැවසීය. 27 November 2023
ජලයට රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ජලයේ ගුණාත්මකභාවය රැකගැනීම සහ පිරිවැය අඩු කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. 27 November 2023
රොෂාන් රණසිංහට ජනපතිගෙන් ප්‍රශ්න දෙකක් ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරි මාර්ග අමාත්‍යාංශයට අදාලව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී යොමු කළ ප්‍රශ්න දෙකකට රොෂාන් රණසිංහ මහතාට නිසි පිළිතුරක් නොවූ බවද ඉන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාරදී තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි. 27 November 2023
රොෂාන්ගෙන් ගැලවූ ඇමැති පට්ටම් හරීන්ට සහ පවිත්රාට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. 27 November 2023
රන් මිල සියයට 15 කින් ඉහළට ලෝක වෙළෙඳපොළේ රන් මිල මාස හයකට අධික කාලයකට පසුව අමෙරිකානු ඩොලර් 2,000 වඩා ඉහළ මිලක් වාර්තා වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. 27 November 2023
හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවට කැබිනට් අනුමැතිය හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළව චීනයේ සිනෝපෙක් සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (27) පස්වරුවේ පැවසීය. 27 November 2023
ප්‍රමෝද්‍යගේ ප්‍රකාශය ගැනීම අවසන් ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශය ගැනීම අද (27) අවසන් කළ බව ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකය පැවසීය. 27 November 2023
’’තමිල්නාඩුව මාව තේරුම් ගත්තේ නෑ’’ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති කාලයේදී තිබූ ජනවාර්ගික අර්බුදය නියමාකාරයෙන් තේරුම් ගැනීමට තමිල්නාඩු රජය අපොහොසත් වීම හේතුවෙන් ජාතියට ද්‍රෝහි වූ බවට තමාට චෝදනා එල්ල කළ බව මුත්තයියා මුරලිදරන් මහතා ඊයේ (26) ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලට සමගාමීව පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 27 November 2023
ඉන්න බැරි ඕන කෙනෙක් යන්න ආණ්ඩුවේ ඉන්න බැරි ඕන කෙනෙක් යන්නැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 27 November 2023
රොෂාන් රණසිංහගේ ඇමැති පට්ටම් ගලවයි ක්‍රීඩා ,යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (27) එම තනතුරුවලින් ඉවත් කරනු ලැබීය. 27 November 2023
අපෙන් අරන් ගිය කෞතුක වස්තු 6ක් යළි දෙන්න හදයි කොළඹ ජාතික කෞතුකාගාරයේ එළඹෙන 5 සහ 6 දෙදින පැවැත්වෙන විශේෂ උත්සවයකදී මීට වසර 200 පෙර මෙරටින් රැගෙන ගිය කෞතුක වස්තු හයක් නැවතත් ශ්‍රී ලංකාවට බාර දෙන බව නෙදර්ලන්ත තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය. 27 November 2023
ජනපතිගෙන් ’’කොප් 28’’ ට යෝජනා තුනක් ඩුබායි හි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව හෙවත් “කොප් 28” (Cop 28) සමුළුව වෙනුවෙන් මෙවර විශේෂ යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. 27 November 2023
සමාජ මාධ්‍ය පනත ගැන වෙරිටේ රිසර්ච් මතය සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව දන්නේ තම සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් තුනෙන් එකක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 34 ක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 27 November 2023
රජයේ සේවක වැටුප වැඩි කරන්නැයි විරෝධතා සියලු රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 20,000 කින් ඉහළ දමන ලෙස ආණ්ඩුවට බලකරමින් රජයේ සේවකයෝ අද (27) විරෝධතා ව්‍යාපාරයක් දියත් කළහ. 27 November 2023
සපත්තු වවුචර් බෙදීම 4 වැනිදා සපත්තු වවුචර් බෙදාදීම 4 වැනිදා පටන් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද( 27) පැවසීය. 27 November 2023
ගෙවල් හදන්න චීනය සමඟ ගිවිසුමක් අත්සන් කරයි අඩු ආදායම්ලාභීන්,කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට අද (27)අත්සන් තබා තිබේ. 27 November 2023
පානම්පත්තුවේ කිලෝමීටර් දහයක් වැලි හාරන්න දීලා පානම් පත්තුවේ කිලෝමීටර් 10ක පමණ ප්‍රදේශයක වැලි කැණීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉඩ ලබා දී ඇතැයි ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 27 November 2023
වසරකට ප්ලාස්ටික් ටොන් 45000ක් ආනයනය කරයි වසරකට රටට ප්ලාස්ටික් ටොන් 45000ක් ආනයනය කරන්නට රුපියල් කෝටි 27,000ක් වියදම් කරන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (සජබ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 27 November 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026