(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලි බිල අඩු කිරීම සඳහා වූ යෝජනා ඇතුළත් වාර්තාව බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මන්ත්‍රී නාලක කෝට්ටෙගොඩ මහතා පාර්ලිමේන්තුවට අද (10) ඉදිරිපත් කළේය

ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑමේ වාසිය ජනතාවට ලබා දෙන්නැයි එම වාර්තාවෙන් යෝජනා කර ඇත.

විදුලි බිල පසුගිය වසරේදී වැඩි වූ ප්‍රමාණය  සියයට(18) සම්පූර්ණයෙන් ඉවත් කිරීමටද යෝජනා කර ඇත.

මීට අමතරව සූර්ය පැනල  සඳහා වැට් බද්ද  ඉවත් කිරීම නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහන ලබා දීම විදුලි ගාස්තු ගෙවීම සඳහා පැකේජ ක්‍රමයක් හඳුන්වාදීම ආදී යෝජනාද  ඊට ඇතුළත් වන බව  එම කාරක සභාව පවසයි.