(ගයාන් සූරියආරච්චි)

විෂ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ යුක්තිය මෙහෙයුම ආරම්භ කළ ඉකුත් දෙසැම්බර් මස 17 වැනි දින සිට මෙම මස 3 වැනි දින දක්වා වූ කාලසීමාව තුළ සැලකිය යුතු පරිදි අපරාධ අඩුවීමක් දක්නට ලැබෙන බව අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා අද (10) පැවැසීය.

මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, ගෙවල් බිදුම්, වාහන කොල්ලකෑම් ඇතුළු අපරාධ කීපයක් බල අපරාධ ගණයට අයත්වන අතර ඉකුත් 2022 දෙසැම්බර් 17 වැනි දින සිට ඉකුත් වසරේ ජනවාරි 3 වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා බල අපරාධ 1477 ක් වාර්තාවී තිබූ අතර එය ගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා සිට මෙම වසරේ ජනවාරි 3 වැනිදා දක්වා වූ කාලය තුළ 1313 ක් ලෙස අඩුවී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.