
(අංජුල මහික වීරරත්න)
අධික වර්ෂාව මෙන්ම හිරු එළිය නිසි පරිදි නොලැබීම හේතුවෙන් රබර් වගාවේ දිලීර රෝගයක් ව්‍යාප්තවෙමින් ඇති බව රබර් පර්යේෂණ ආයතනය පවසයි.
වළයාකාර පත්‍ර පුල්ලි පතන රෝගය හෙවත් Pestlotiopsis Microspora ලෙස හඳුන්වන මෙම රෝග තත්ත්වය රබර් ගසේ පත්‍රවල හට ගන්නා දිලීරයක් හේතුවෙන් ව්‍යාප්ත වන බව රබර් පර්යේෂණ ආයතනය පවසයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කරනු ලැබීය.
වර්ෂාව අධිකවීමත්, හිරු එළිය නිසි පරිදි නොලැබීමත් හේතුවෙන් මෙම දිලීරය වයාප්තවන අතර පහත රට තෙත් කලාපයේ රබර් වගාවේ ආරම්භ වූ මෙම රෝගය දැනට මොනරාගල වැනි ප්‍රදේශවලින් වාර්තා වන බව රබර් පර්යේෂණ ආයතනයේ නිලධාරීහු අමාත්‍යවරයාට දැනුම් දුන්හ.
මේ වනවිට එම රෝගය පාලනය සඳහා වගාකරුවන් දැනුම්වත් කිරීම ආරම්භ කර ඇති අතර රබර් වගාවන්හි මෙම රෝග තත්ත්වය වාර්තා වන්නේ නම් වහාම රබර් වගාව සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ද එම ආයතනය ඉල්ලිමක් කරයි.
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රබර් වගාවට දිලීර රෝගයක්