IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


බාල බෙහෙත් සිද්ධියට කෙහෙලියගේ ඉල්ලිම අහක

(මනෝප්‍රිය ගුණසේකර)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රජයට රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද ප්‍රතික්‍ෂෙප කළාය.

මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ සිට පහළ දක්වා වු නිලධාරීන් සිටින අවස්ථාවක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දුන්නොත් අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාෂය පළුදු වීමට හැකියාව ඇතැයි කියමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම ප්‍රතික්‍ෂෙප කළ මහෙස්ත්‍රාතවරිය නඩුවට මැදිහත් නොවී නීතඥවරුන්ට වෙන්කර ඇති ස්ථානයට වී නඩු කටයුතු නිරීක්‍ෂණය කීරීමට කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ යු” ආර්” ද සිල්වා මහතාට අවසර දුන්නාය.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණීලි කළ ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ සංවිධානයට නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා සමඟ පෙනී සිටීමට නීතීඥ තර්කනාත් අමරසිංහ මහතාට අවසර දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් පැය 03 1/2ක පමණ කාලයක් පුරා දෙපාර්ශවයේ නීතීඥවරු දැක්වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය සැකකකරුවන් ලබන මස 17 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කළ අතර සැකකරුවන්ට ඇප නියම කරන ලෙස ඔවුන්ගේ නීතීඥවරුන් කළ ඉල්ලීම් සම්බන්ධ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නාය.

පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා” වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන් මහත්මිය” ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත” වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් නමැත්තන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සිද්ධියේ දෙවැනි සැකකාර වෛද්‍ය සැපයුම් හිටපු අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රෝද පුටුවක ආධාරයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ 80 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඔහුට පැය 03 කාලයක් රෝහලෙන් පිටව සිටීම සඳහා දුන් අවසර මත ඔහු අධිකරණයට කැඳවාගෙන පැමිණී බව වෛද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කරමින් බන්ධනාගාර නිලධාරීන් දැනුම් දුන් අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් නඩු විභාගය අවසන් වීමට පෙර ඔහු යළි කොළඹ ජාතික රෝහලට කැඳවාගෙන යෑමට මහෙස්ත්‍රාත්වරිය අවසර දුන්නාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී අනාවරණය වු කරුණු මත අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් හත්දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන පිටු 07කින් යුත් වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා සමඟ පෙනී සිටි උප පොලිස් පරීක්‍ෂක යාළේවත්ත මහතා අධිකරණයට අධිකරණයට ඉදිරිපත් කළේය.

පැමිණීල්ල කැඳවනනු ලැබු අවස්ථාවේදී ජනාධිපති නීතීඥ යු” ආර්” ද සිල්වා මහතා අධිකරණය අමතමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමෙන් රජයට වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ මුල් පැමිණීලිකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් පෙනී සිටීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් ආචාර්්‍ය සංජය පෙරේරා නමැත්තා මෙම සිද්ධිය සම්බන්ධයෙනන් පැමිණීලි කළ 2023 ඔක්තෝම්බර් 11 වැනිදාම ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ වෙනුවෙන් කාමන්ත පෙරේරා නමැත්තාද පැමිණීලි කර ඇතැයිද කීවාය.

මෙම නඩුවට අදාළව සැකකරුවන් ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපළ පනත යටතේ බවත් ඒ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ සිට පහළ දක්වා වු නිලධාරීන් සිටින බවත් මෙය රටේ සමස්ථ පොදු ජනතාවට එරෙහිව කරන ලද වරදක් වන හෙයින් මෙහි නිශ්චිත අතෘප්තියට පත් පාර්ශවකරුවන් නැතැයිද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය ඒවැනි තත්වයන් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වන්නේ යැයි කීවාය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය මෙම සිද්ධියෙන් අතෘප්තියට පත්ව ඇත්තේ ජනරජය බවත් එහි සමස්ථ ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් නීතීපතිවරයා පෙනී සිටින බවත් කීවාය.

මහජන සුභසාධක නඩුකර නමැති සංකල්පය අනුව මහජන සංවිධාන වලට පෙනී සිටීමට අවසර දීමට හැකයාව ඇතැයිද මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ සිට පහළ දක්වා වු නිලධාරීන් සිටින අවස්ථාවක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දුන්නොත් අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාෂය පළුදු වීමට හැකියාව ඇතැයිද කී මහෙස්ත්‍රාතවරිය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම ප්‍රතික්‍ෂෙප කළ අතර නඩුවට මැදිහත් නොවී නීතඥවරුන්ට වෙන්කර ඇති ස්ථානයට වී නඩු කටයුතු නිරීක්‍ෂණය කීරීමට ජනාධිපති නීතීඥ යු. ආර්. ද සිල්වා මහතාට අවසර දුන්නාය.

රහස් පොලිසියය සමඟ පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් නඩුවේ 06 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ අවධානයට ලක් වු හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති කැබිනට් සංදේශ තුනක් අධිකරණ නියෝග මත අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් රහස් පොලිසියට බාරදී ඇතත් අමාත්‍ය ලේකම්වරයා සහ නියෝජ්‍ය ලේකම්වරයා විසින් පවත්වාගෙන ගිය ගොනු බාරදී නැතැයි කීවාය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය- එදින දුන් නියෝගයේ යම් අපහැදිලිකමක් තියෙනවාද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය- නැහැ” එම නියෝගයේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මැයි 30 වැනිදාත් ඔක්තෝම්බර් 30 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති කැබිනට් සංදේශ” තීරණ සහ ඊට අදාළ ගොනු ආදිය බාරදෙන ලෙස.

අසාදුගත වී ඇති ඉන්දියානු සමාගමක් සහ තවත් සමාගම් හරහා ඖෂධ වර්ග 296ක් ආනයනය කිරීමට අවසර ඉල්ලීමක් කර ඇතැයිද මෙම ඖෂධ තෝරා ගැනීමට හේතූ වු කරුණු සම්බන්ධයෙන් තොරතුරු රහස් පොලිසියට දීමට අතිරේක ලේකම් සමන් රත්නායක මහතාට නියම කරන්නැයි ඉල්ලා සිටි ලක්මිණී ගිරිහාගම මෙනවිය මීට අදාළ ඇමණුම් 04කට අදාළ තෙතාරතුරු මෙන්ම කේවල් කිරීම් කළ ඇයැදුම්කරුවන් කවුද? යන්න පිළිබඳ හෙළි කිරීමටද ඔහුට නියම කරන්නැයි කළ ඉල්ලීම් වලට මහෙස්්‍රාත්වරයා අවසර දුන්නාය.

ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නතක් ඩොලර් 130කට දීමට හැකි බව ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා මුලින් අදාළ ටෙන්ඩරය ඔහුට ලැබුණු පසු එන්නතක් ඩොලර් 123කට දීමට හැකි බව දැනුම් දුන්නත් සෞඛ්‍ය බලධාරීන් අදාළ එන්නත් ගෙන ඇත්තේ ඩොලර් 130කටම බවත් පෙන්වා දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය මීට අදාළ කරුණු හෙළි කිරීමට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

රෝගීන්ට එන්නත් ගෙන ඒමට දුන් අවසරය ප්‍රයෝජනයට ගෙන සැකකරු ජලය පිරිසිදු කිරීමට ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් මෙරටට ආනයනය කර ඇතැයිද ඖෂධ නියමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙම භාන්ඩ සැකකරුට මුදාහැරීයේ කෙසේද යන්න හෙළි කර ගැනීමට කරන විමර්ශනය සඳහා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් ගැනීමටද අවසර දුන් නමුත් ඔහු මෙතෙක් ප්‍රකාශයක් දී නැතැයි කියමින් කළ ඉල්ලීමකට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය අධිකරණයේ පෙනී සීටීමට නියම කරමින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කළාය.

‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු මහතාට අයත් සීදුවේ පිහිටි පරික්‍ෂාණාගාරය පරීක්‍ෂා කිරීමට පසුගිය 08 වැනිදා ඔහු එහි කැඳවාගෙන ගිය බවත් ස්ථානය පරීක්‍ෂා කිරීම සඳහා එහි විදුලි සැපයුම ක්‍රියාත්මක කරන්නැයි දැනුම් දුන් විට විදුලි සැපයුම ක්‍රියාත්මක කරන ‘ස්විචය’ ඇති ස්ථානය ඔහුට මතක නැති බව කී නිසා අදාළ ස්ථානයය පරීක්‍ෂා කිරීමට නොහැකි වුයේ යැයි කියමින් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීිමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය සැපයුම ක්‍රියාත්මක කරන ‘ස්විචය’ ඇති ස්ථානය සොයා ගෙන විදුලිය සන්ධි කරන ලෙස සීදුවේ විදුලි බල මණ්ඩලයේ කළමණාකාරවරයාට නියම කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ දීමට නඩුවේ 02 සහ 03 වැනි සැකකරුවන් කැමැත්ත පළ කළ නිසා රහස් පොලිස් නිලධාරීන් බන්ධනාගාරයට ගොස් ඔවුන්ගෙන් ප්‍රකාශ ගත්තත් ඔවුන් මුලින් දුන් ප්‍රකාශයම දී ඇතැයි කියමින් අදාළ ප්‍රකාශවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කළ ගිරිහාගම මෙනවිය ලේඛණ වල ඇති අත්අකුරු සහ අත්සන් 06 වැනි සැකකරුගේ බව සැකකටයුතු ලේඛණ පරීක්‍ෂකවරයා විසින් තහවුරු කර ඇතැයිද කීවාය.

දෙවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා දැඩි රෝගී තත්වයකින් පසුවන බවත් විශේඥ වෛද්‍යවරයා විසින් දුන් තාවකාලික අවරයක් මත ඔහු අධිකරණයට කැඳවාගෙන විත් ඇති බවත් ඉඳගෙනවත් සිටීමට ඔහුට ඇති අපහසුතාවය හේතූවෙන් ඔහු යළි රෝහල වෙත යැවීමට නියම කරන්නැයි කළ ඉල්ලීිමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය නඩු විභාගය අතරතුරදීම ඔහු යළි රෝහලට ගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන්ට නියම කළාය.

04 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සංජීව ඇන්තනි මහතා කරුණු දක්වමින් ගණකාධිකාරීවරයකු වන තම සේවාදායකයා කර ඇත්තේ වව්චර් පත් ලීවීම පමණකැයිද මෙම නඩුවටට පාදක ඖෂධ මේ වන විට ඖෂධ ගබඩා වලින් රෝහල් වලට ගොස් රෝගීන්ටත් දී අවසන් යැයි කීය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය- ලියාපදිංචිය අතහැරීමේ සහතිකය 04 වැනි සැකකරුට ලැබීමට පෙර මෙම නඩුවේ වෙනත් සැකකරුවන් එම සහතිකය පරීක්‍ෂා කර තියෙනවාද?

නීතීඥ සංජීව ඇන්තනි මහතා- ඔව්” එම සහතිකය නිරීක්‍ෂණය කළ යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය- ලියාපදිංචිය අතහැරීමේ සහතිකය ලබා ගැනීමට උදව් කරන ලෙෂ පළමු සැකකරු උදව් ඉල්ලු විට ඔහු හමුවන ලෙසට 02 වැනි සැකකරු සටහන් දමා තියෙනවා” මෙම සියල සැකකරුවන් එක්ව මෙම අපරාධය කළ යුතුයි” එන්නත් කුප්පි 22500ක් දීමට ටෙන්ඩරය ගත් පුද්ගලයකු එන්නත් කුප්පි 100 ක් ගෙනැවිත් දෙන විට ආනයනික ඖෂධ එසේ දෙන්නේ කොහොමද? කියා සාමාන්‍ය්‍ය මනසින් බලන කෙනෙක් බැලිය යුතුයි” ආනයනික ඖෂධ ගෙන්වීමේ ක්‍රමවේදයක් තියෙනවා” එම ඖෂධ බාර ගන්නා ක්‍රමවේදයක්ද තියෙනවා” ඖෂධ නිශ්පාදකයා විසින් නිශ්පාදනාගාරයේ සිට ඖෂධ ගබඩාව දක්වා නිසි උශ්ණත්වයකින් යුතුව ඖෂධ රැගෙනවිත් එම කරරුණු සඳහන් වන ‘ඩේටා ලොගර්” නමින් හඳුන්වන උපකරණයද සමඟ එය බාරදිය යුතුයි” භන්ඩ බාර ගන්නා විට 05 වැනි සැකකරු ‘ඩේටා ලොගර්” උපකරණය පරීක්‍ෂා කළ යුතුයි” නමුත් මෙම සිද්ධියේදී එසේ වී නැහැ” 06 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් ජයවර්ධන මහතාා කරුණු දක්වමින් අවශ්‍යතාවයක් තිබුණා නම් මෙම සිද්ධියට පාදක ලියවිලි අස්ථානගත කිරීමට සැකකරුවන්ට හැකියාව තිබුණත් කිසිදු සැකකරුවකු සසේ කළේ නැතයි කීය.

‘පහත් තැනින් යයි ගලා ජලේ ’ කියන්නා සේ මෙම සිද්ධියට සම්බන්ධ ලොකු ලොකු අය අල්ලන්නේ නැතුව පොඩි අය ඇල්ලීමට රහස් පොලිසිය කටයුතු කර ඇතැයිද ‘ප්‍රතිපුරුෂ වගකීම’ නිසා තම සේවාදායකයා අත්තඅඩංගුවට ගෙන ඇතැයිද කී නීතීඥ නුවන් ජයවර්ධන මහතා තනිව තීරණ ගත නොහැකි තම සේවාදායකාට හදිසි අවශ්‍යතා මත බව කියමින් ටෙන්ඩර් පත්‍රිකාවක් සමඟ ලැබුණු නියෝගයකට අනුව කටයුතු කිරීම නිසා මෙලෙස අත්අඩංගුවට පත් වීමට සිදුවුයේ යැයිද කීය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය- ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගෙනැවිත් ඉන්දියාණු නාමය යටතේ ඖෂධ දෙනවා කියා පළමු සැකකරු කර ඇති සඳහන ඔබේ සේවාදාකයා බලා තියෙනවාද?

නීතීඥ නුවන් ජයවර්ධන මහතා එය අධීක්‍ෂණ කිරීමට මගේ සේවාදාකයාට හැකියාවක් නැහැ” එය කළ යුත්තේ ඖෂධ නියාම අධකාරිය විසිනුයි” මගේ සේවාදායකයාට මේ සම්බන්ධයෙන් විශේඥ දැනුමක් නැහැ.

07 වැනි සැකකරු වෙනුවෙන් නීතීඥ සංදීප්ත සුරිආරච්චි ඇතුලු නීතීඥ කණ්ඩායමක් සමඟ පෙනී සිටි නීතීඥ චමින්ද අතුකෝරල මහතාා කරුණු දක්වමින් තම සේවාදායකයා තාක්‍ෂණ කමිටුවේ හෝ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයකු නොවන්නේ යැයි කීය.

2023 ජනවාරී 31 වැනිදා වන විට ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ ඇති මුදල් වල වලංගු කාලසීමාව ඉක්ම යන හෙයින් ඊට පෙර මෙම මුදල් වලින් අවශ්‍ය ඖෂධ ගන්නා ලෙස වෛද්‍ය චම්පිකා වික්‍රමසේකර මහත්මිය ලිපියක් මඟින් කළ දැනුම් දීමකට අනුවව තම සේවාදායකයා කටයුතු කර ඇතැයිද ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ ඇති මුදල් වලින් ඖෂධ ගැනීමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඔුක්වැල්ල මහතා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඇතැයිද ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ ඇති මුදල් වලින් හෝ වෙනත් අරමුදල් වලින් ලබාගත් ඖෂධ වෙනුවෙන් ‘සැවරිටා ෆාර්මා සුටිකල්’ ආයතනය සහ වෙනත් අයට මුදල් ගෙවීමට ඔහු අවසර ඉල්ලා ඇතැයිද කී නීතීඥ චමින්ද අතුකෝරල මහතා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා දින 45ක් තුළ ගෙවීම් කරන ලෙෂත් ප්‍රමාද වුවහොත් සීයයට 3ක අධිභාරයක් ගෙවීමට සිදුවෙන බවත් ලිඛිතව දැනුම් දී ඇතැයිද කීය.

රහස් පොලිසිය තම සේවාදායකයා මෙම නඩුවෙව් සැකකරුවකු කර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඔුක්වැල්ල මහතාට සහ වෛද්‍ය චම්පිකා වික්‍රමසේකර මහත්මියට එරෙහිව ඇති නඩුවේ හොඳම සාක්කිකරු වන තම සේවාදායකයා ඉන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයිද නීතීඥ චමින්ද අතුකෝරල මහතා වැඩිදුරටත් කීය.

පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජාලිය සමරසිංහ මහතා කරුණු දක්වමින් නිර්දෝෂි තම සේවාදායකයාට එරෙහිව නඩු පැවරීමට හැකියාවක් නැතැයිද ඔහු කූඨ ලේඛණයක් තබා කිසිඳු ලේඛණයක් සකස් කර නැතැයිද මේ තත්වය යටතේ ඔහු මුදාහරින්නැයි ඉල්ලා සිටියේය” ලක්මිණී ගිරිහාගම මෙනවිය වැඩිදුරටත් කරුණු දක්වමින් මෙම නඩුවේ සැකකාර රාජ්‍ය නිලධාරීන් කටයුතු කර ඇත්තේ ජනරජයට පාඩු වන අන්දමට හා සැකකාර ටෙන්ඩර්කරුට වාසි වන අයුරින් යැයි කීවාය.

ඖෂධ 182ක් නොමැති වීම හේතූවෙන් ඉදිරි ෂති 03 ක කාලය තුළදී රට කඩා වැටමට ඉඩ ඇතැයි කියමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට්ටුවට ඉදිරිපත් කළ ලේඛණයක් හේතූවෙන් දින 05ක කාලයක් තුළ ඖෂධ සැපයයීම සඳහා පළමු සැකකරුට ටෙන්ඩරය දුන්නත් මාස 04 ක කාලයක ගතවන තුරු අදාළ ඖෂධ සපයා නැතැයිද ඒ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉමියුනුග්ලෝබින් නමැති ඖෂධය මාත්‍රා 75000ක ප්‍රමාණයක් ලබාදීමට එකඟතාවය පළ කර තිබියදී මෙන්ම මාසයකට අවශ්‍ය ඖෂධ රට තුළ තිබියදී මෙම වංචාවට පාදක වු ඖෂධ ගැනීමට රුපියල් බිලියනයක මුදලක් නිකුත් කිරීමම රාජකාරීමය නෙසළකා හැරීමට එහා ගිය වංචාවක් නොවන්නේදැයි ප්‍රශ්න කළාය.

මෙහි සැකකරුවන්ගේ වරදකාරීවත්වයය සම්බන්ධයෙන් සාක්කි ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් විසින්ම බවත් පුද්ගලයින්ට බොරු කළ හැකි වුවත් ලේඛණ වලට සා පරවේෂණීය කරුණු වලට බොරු කළ නොහැකි යැයි කී ගිරිහාගම මෙනවිය මෙම නඩුවේ වරදකරුවන් වන විත්තිකරුවන්ට රුපියල් ලක්‍ෂ 4000 කඩ අධික දඩ සහ වසර 20 වැඩිකිරීම චෝදනා 08 බැගින් වන දඩුවම් වලට යටත් වීමට සිදුවන බව මතයේ තබා ගන්නැයිද කීවාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඔුක්වැල්ල මහතා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කළ විට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය දී ඇත්තේ ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ ගත් ඖෂධ වලට ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ ඇති මුදල් වලින් මුදල් ගෙවීමට නියම කර ඇතැයි කී ලක්මිණී ගිරිහාගම මෙනවිය සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශූද්ධීකරණ පනත යටතේද විමර්ශන ආරම්භ කර ඇතැයිද කීවාය.

ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන මස 17 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ අතර සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළා.

පැමිණීල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි සැරයන්වරුන් වන 35124 ප්‍රනාන්දු 61823 මනෝජ් සමඟ ප්‍රධාන පොලිස් පරීක්‍ෂ ජයන්ත මහතා පෙනී සිටියේය” නීතීපතිවරයා නියෝජනය කරමින් පැමිණීල්ල වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ හේෂාණී විජේසිංහ මහත්ම සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය පෙනී සිටියාය.

 



අදහස් (20)

බාල බෙහෙත් සිද්ධියට කෙහෙලියගේ ඉල්ලිම අහක

Rata Perata Wednesday, 10 January 2024 10:44 PM

මුන්ට ජනෙල් වලින් පනින්න ,බාල බෙහෙත් ගේන්න හොඳයි .වීරයෝ වගේ පාර්ලිමේන්තුවේ කතා කරනවා .උසාවියට එන්න කිව්වම චූ යනවා .කාලකන්නි අපතයෝ

:       0       13

samnan Wednesday, 10 January 2024 11:07 PM

මත්ද්‍රවය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමේ යුක්තිය මෙහෙයුම මෙන්ම ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රජයට රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ වරදට සම්බන්ද පුද්ගලයන් තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කර පුරවැසියනට යුක්තිය ඉටුවන තුරු පුරවැසියන් බලා සිටී

:       0       10

අප්පුහාමි Thursday, 11 January 2024 01:24 AM

මේ වගේ පාදඩයන් නායකයන් බවට පත් වී ඇති එකම රට අප රටය.

:       0       10

කෝට් සාජන් Thursday, 11 January 2024 02:28 AM

ගරු මහේස්ත්‍රාත් තුමියනි, මේ චුදිතයා කෙහෙලියට මීට පෙර නඩු රාශියක් තියෙනවා.ජනමාධ්‍ය ඇමැතිවෙලා හිටපු කාලේ රූපවාහිනියට අයත් ජි අයි පයිප්ප වගයක් හොරකම් කරලා අහුවුනා. තව අලුත් ටයර් වලට පරණ හම ගිය ටයර් වගයක් මාරුකරලා හුටපටයක් තිබුනා . රුපවාහිනියේ ටෙලි නාට්ටියක් අනුමත කරන්න නම් මේ නාකි හම්පඩ රැවුලාට ටෙලි නාට්ටියේ ප්‍රධාන නිලියක් බිලි දෙන්න සිදුවුනා, ඒකට මිනිහා කියන්නේ " නාරි මාංශ " කියලා.තව ගොඩාක් තියෙනවා ..ඔස්ට්‍රේලියාවට ගිහිලා, ගැහැණියෙක් දැකලා,ඒ ගෑනිගේ පස්සෙන් වල්කමේ ගිහිල්ලා ,මිනිහාට අහුවෙලා මේ චුදිතයාගේ කකුල් දෙකම කැඩුවා ...මේවගේ පට්ට දුෂිත හොරෙක්ව සිවිල් සමාජයේ තැබීම භයානකයි ගරු මහේස්ත්‍රාත් තුමියනි.එනිසා කරුණාකර මේකාගේ රැවුලයි ,කොන්ඩෙයි බූ ගාලා ,ජම්පර් එකක් අන්දලා අවුරුදු 20 කටවත් සිරගත කරන්න.උදේට මහනුවර පාරවල් අතුගාන්න,සුද්ද කරන්න යොදවා රෑට හිරේට දමන්න. ස්තුතියි.

:       0       18

sam Thursday, 11 January 2024 03:03 AM

නඩුවට සහභාගී වෙන්න අවසර නොලැබුන නීතිඥයෙකුට, නීතිඥයන් සඳහා වෙන් කර ඇති ස්ථානයේ රැඳී ඉන්න අවසර ලැබුනේ එයා කෙහෙළියගේ නීතිඥයා නිසාද? නඩු කටයුත්තකට නීත්‍යානුකුලව සහභාගී වීමට අවසරයක් නැති කෙනක් ඉන්න ඕනෑ පොදු ජනතාව සඳහා වෙන් කල කොටසේ. අඩුම තරමින් මාධ්‍යකරුවෙකුට තියන අයිතිය වත් එයාට නැහැ.

:       0       6

Accountant Thursday, 11 January 2024 06:58 AM

සාමාන්‍යයෙන් රජයේ සේවයේදී ගණකාධිකාරීන් වවුචරපත් ලියන්නෙ නැහැ ඒක කරන්නෙ අදාල විෂයභාර නිළධාරින් විසිනුයි ගණකාධිකාරීන් කරන්නෙ ගෙවීම් පමණයි ගණකාධිකාරීන් වවුචර ලිව්වා නම් එතනත් ලොකු වරදක් කරල තියෙනවා සාමාන්‍යයෙන් ගෙවීමක් සම්පූර්ණ වීමට බලය දීම අනුමත කිරීම සහතික කිරීම හා ගෙවීම යන අවස්ථා හතරෙන් ගණකාධිකාරීන් කරන්නෙ ගෙවීම් තමයි

:       0       5

ranjith Thursday, 11 January 2024 07:08 AM

මේ මිනිහා අතෘප්තියට පත් උනේ මුගේ කොටස මදිවෙලාද මේ වගේ පව් කරන උන්ට උඩ ඉන්න දෙවියෝ අච්චු දෙන්න ඕනේ

:       0       10

ravin Thursday, 11 January 2024 07:53 AM

කොහොමහරි ආයේ බැල්කනියෙන් පනින්නයි නේද උත්සාහ කරන්නේ ?කට උත්තර දෙනකොටත් ශාන්ති මැද්දෙන් දෙන්න දෙන්න දෙපැත්තෙන්ලු නේද ?පෙනෙන විදියට නම් රජ තුන්කට්ටුව පිටිපස්සෙන් වගේ .කොහොම උනත් ගරු අධිකරණය කෙරෙහි තිබෙන විශ්වාසය කඩ නොවුනිත් ඇති

:       0       6

චන්දන Thursday, 11 January 2024 07:54 AM

මෙයා මේ හදන්නෙ විත්තිකාරයෙක් වෙන එක මග හරින්න. පැහැදිලිවම මෙයා විත්තිකාරයෙක් මේ වෙන කොට අත්අඩංගුවට ගත්තෙ නැත්තේ ඇයි? ලේකම් පැහැදිලිව කියල තියෙනව ඇමති කියපු හින්ද කලා කියල. ඇමති කියන නියෝග පිලිපදින්න ලේකම් ක්‍රියා කල යුතුයි. එහෙනම් වැරදිකරු ඇමතිවරයානේද?

:       1       10

අප්පුහාමි Thursday, 11 January 2024 12:04 PM

ඇමති කියනදේ කරන්න උසස් අධ්‍යාපනය සහිත ඉහලින් විභාග සමත්වෙන්න අවශ්‍ය නැහැ ඕකට ඔෆිස් පියන් කෙනෙක් හිටියනම් ඇතිනේ ඇමතිවරයා කිව්වත් වරදක් තියෙනවා නම් ඒක වැරදියි කියන්න ලේකම්ට හැකියාව තියෙන්න ඕන

:       0       4

Aravinda Monarawila Thursday, 11 January 2024 08:26 AM

U.R. සිල්වා යනු රාජපක්ෂලාගේ ඕනෑම අපරාධයක් වෙනුවෙන් පෙනී ඉන්න අමනයෙක් .එයාව උසාවියේ බැංකුවක් මතට සීමා කෙරුව එකට උසාවියට අපේ ගෞරවය

:       3       11

NAMAL Thursday, 11 January 2024 09:42 AM

බාල ඖෂධ ගෙන්වපු උන්ටයි උන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උන්යි ,උන්ගේ පවුලේ උන්ටයි ශාප වේවා !! හෙණ පහල වේවා ! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       3       23

NAMAL Thursday, 11 January 2024 09:42 AM

වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .

:       1       27

siri Thursday, 11 January 2024 10:50 AM

අසරණ රෝගීන් අමාරුවේ දාපු මුන්ට හෙන හතක වදින්නම ඕනේ

:       1       12

අසාධාරණ Thursday, 11 January 2024 10:55 AM

4වැනි සැකකරුගේ නීති වේදියාගේ ප්‍රකාස්ශයෙන් වංචාවක් වෙලා කියලා පැහැදිලි වෙනවා මොකද රජයේ ආයතනයක ගණකාධිකාරි කෙනෙක් කිසිදාක වංචාවක් නැත්නම් වවුචර පත් ලියන්නෙ නැතිනිසා.කොහොම වුනත් සමස්ත ජනතාවටම අගතියක් කල ඔවුන්ට ආරක්ෂාව සැපයීම කල සැමටම ස්වභාව ධර්මයාගෙන් කිසිදාක බේරුමක් ලැබෙන්නේ නැහැ

:       1       12

janahitha Thursday, 11 January 2024 12:07 PM

මුට හෙන හතම වැඩියන් අහිංසක සිසුවියක් නැති උන බෙහෙත විදලා මොහොතකින් වයස 17 පමනලු

:       0       5

Perera Thursday, 11 January 2024 12:10 PM

ඔය ඉල්ලීම අහක ගියාට හිතනවද මූට කිසිම දඬුවමක් විඳින්න වෙයි කියලා?

:       1       5

Chamila Fernando Thursday, 11 January 2024 12:54 PM

උසාවි තීන්දුව මොකක් උනත් , ස්වභාවධර්මයෙන් සහ හර්ධ සාක්ෂියෙන් බේරෙන්න බැහැ ඔය කිසිම කෙනෙක්ට. මේ වංචාවට සම්බන්ධ උන හැම කෙනෙක්ටම විඳවලා තමයි මැරෙන්න වෙන්නේ

:       0       7

Perera Thursday, 11 January 2024 01:09 PM

චමිල ප්‍රනාන්දු, ස්වභාව ධර්මයාගෙන් දැනට නම් හොඳටම බැටකා විඳවන්නේ ඔය කවුරුවත් නෙවෙයි, රටේ ජනතාවයි....

:       0       0

Nimal Thursday, 11 January 2024 01:46 PM

මෙයාවත් හිරේ දමන තුරු සටන දිගටම ගෙන යමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස අඩු නොවන හැඩ
2024 මැයි මස 15 153 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්ත


ඉන්දීය ‘‘කැන්ඩි සෑමි කණ්ඩායමේ‘‘ මූල්‍ය විධායකට අධි චෝදනා
2024 මැයි මස 15 176 0

පල්ලෙකැලේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දියාවේ කැන්ඩි සෑම


විජයදාසට එරෙහිව දුමින්දගේ නඩුවේ ප්‍රකාශය අද
2024 මැයි මස 15 186 0

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේක


මන්ත්‍රීවරුන් ඉල්ලූ රක්ෂණය දෙන්න කතානායක බෑ කියයි
2024 මැයි මස 15 251 0

මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස පසුගිය (10) වැනිදා සිකුරාදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී දැඩිව ඉල්ලීම් ක


තරුණියකට අරක්කු පොවා අමුතු මෝස්තරයක් කියා දුන් මෝස්තර ශිල්පියාට මාංචු
2024 මැයි මස 15 702 0

මාවතගම නගරයේ ගොඩනැගිල්ලක කාමරයක් තුළදී අවුරුදු 19ක් වයස තරුණියක අරක්කු පොවා වෙරි වූ පසු දූෂණය කළේ යැයි කියන විලාසිතා නිර්මාණ ශිල්පියකු මාවතගම පොලිසිය


ඩයනා වාහන බාරදෙයි
2024 මැයි මස 15 698 0

සංචාරක හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සිය නිල වාහන තුනක් පසුගිය 10 වැනිදා සිකුරාදා නිලධාරීන්ට බාර දුන්නාය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 701 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2224 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1916 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site