IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඩ්‍රෝනවලින් වී වැපිරීම යල කන්නයේ අරඹයි

(අංජුල මහික වීරරත්න)

වී වගාව සඳහා ඩ්‍රෝන් යන්ත්‍ර උපයෝගි කර ගැනීමේ වැඩ සටහන මෙවර යල කන්නයේ දී  පළමුවරට අරඹන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

වී වගාව සිදු කෙරෙන සෑම දිස්ත්‍රික්කයකටම කෘෂි අංශ කුසලතා සභාව විසින්  ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ඩ්‍රෝන යන්ත්‍රය බැගින් ලබා දීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇති අතර මෙහි පළමු අදියර යටතේ අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල, පොලොන්නරුව, වව්නියාව හා අම්පාර දිස්ත්‍රික්ක සඳහා ඩ්‍රෝන යන්ත්‍ර 100ක් ලබා දෙන බව කෘෂි අංශ කුසලතා  සභාවේ සභාපති කාවින්ද දිසානායක මහතා පැවසීය.

දෙවන අදියර යටතේ  වී වගා කරන සෑම දිස්ත්‍රික්කයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන 563ටම ඩ්‍රෝන යන්ත්‍රයක් බැගින් ලබා දීමට කටයුතු යොදා ඇතැයි ද දිසානායක මහතා කීය. 

රුපියල් ලක්ෂ 70ක් පමණ වන මෙම ඩ්‍රෝන යන්ත්‍රයක් උපයෝගි  කර ගනිමින් පළිබෝධ නාශක ඉසීම, පොහොර ඉසීම, වී වැපිරීම, කුඹුරු මැනීම මෙන්ම රෝග හඳුනාගැනීම ද සිදු කළ හැකි අතර අඩු පිරිවැයකින් එම කටයුතු ඉටු කර ගැනීමට හැකිවීම ගොවීන්ට වාසිදායක බව කෘෂි අංශ කුසලතා සභාව පවසයි.



අදහස් (6)

ඩ්‍රෝනවලින් වී වැපිරීම යල කන්නයේ අරඹයි

Rata Perata Thursday, 11 January 2024 12:51 PM

ෆොටෝ ගහගෙන ඇමති සහ ටයි කාරයෝ ටිකක් වටකරගෙන සංදර්ශන දන්නේ නැතුව මේ වැඩේ දැනටමත් මාලිමාවෙන් පාලනය වෙන සමූපකාර සමිති කීපයක්ම වෙනවා

:       16       23

Hafeel Thursday, 11 January 2024 01:34 PM

සහතිකයි. ඇත්ත...!

:       7       4

ජයසූන්දර Thursday, 11 January 2024 01:05 PM

හරි ප්‍රමිතියකින් යුතු සැපයීමට පියවර ගත යුතුව ඇත. නැතිනම් වැඩකරන්න බැරිවෙයි, මුදල් අපතේ යයි.

:       0       3

සුනිල් Thursday, 11 January 2024 02:47 PM

ඇමතිතුමෝ.. ඉදිරියේදී ආණ්ඩුවේ ඡන්ද ප්‍රචාර පත්‍රිකා බෙදන්න වෙන්නේත් ඩ්රෝන වලින්ම තමයි. මොකද නියෝජිතයින්ට පයින් නම් ඡන්ද දායකයින් හමුවීමට යන්නට තරම් සුදුසු ආරක්ෂිත වාතාවරණයක් දැන් රටේ නෑ...!

:       4       14

Aravinda Monarawila Thursday, 11 January 2024 05:41 PM

ඔයාලාට වඩා ගව් ගණනක් දුරින් ජාතික ජනබලවේගය හිතන බව, වැඩකරන බව මේකෙන්ම පේනවා. රටට හරියන්නේ මාලිමාවේ ආණ්ඩුවක් කියලා ඔප්පු කරලා පෙන්නුවාට ස්තුතියි...!

:       5       5

Sharm Sunday, 14 January 2024 03:15 PM

ගෝඨා මාලිමාවේ ප්‍රතිපත්ති ඉස්සුවා... හැබැයි කොපි කළාට පේස්ට් කරන්න දන්නෑ.. මේ ගැනත් කියන්න තියෙන්නේ ඒකම තමයි.. ලොකු සීන් දාලා පෙන්නන්නේ මාලිමාව දැනටමත් කරන දෙයක්.. ලැජ්ජා නැති පාදඩයා.. ආයෙමත් එයාට බලය දීලා කරන පාහර වැඩවලට අප්පුඩි ගහන්න ද හිතන් ඉන්නේ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site