
(සමන් පාලිත නානායක්කාර)
කොළඹ බදුල්ල උඩරට දුම්රිය මාර්ගයට දියතලාව හපුත්තලේ දුම්රිය ස්ථාන දෙක අතර 155 /27 කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී ගල් පර්වතයක් සමග පස් කන්දක් කඩා වැටී උඩරට දුම්රිය ගමනාගමනය ට අදත් (10) බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.
පැවති වර්ෂාව සමඟ පස්වරු පහයි තිහට පමණ මෙසේ දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටි අවහිර වී තිබේ.
මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා තිබේ.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාද වී ධාවනය විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
දුම්රිය මාර්ගයට වැටී ඇති පස් කඳු දුම්රිය මාර්ග සේවකයින් මෙන්ම යුද හමුදා බට පිරිසකගේ ද සහභාගිත්වයෙන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd