(යොහාන් භාසුර)

මාතර බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් බන්ධනාගාරය තුලට පිටතින් විසිකළ  තහනම් ද්‍රව්‍ය කීපයක් අද (10) භාරයට ගත් බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

බන්ධනගාරය තුලට විසිකර තිබූ පාර්සලයක් රාජකාරියේ නියුතු නිලධාරීන් භාරයට ගෙන මාතර බන්ධනාගාර අධිකාරීවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් එම පාර්සලය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහිත පැකට්ටුවක්, කේරළ ගංජා, දුම්කොළ 8 ක් සහ ලයිටර් 4ක් සොයාගත් බවත් ඒ මහතා කීය.

මෙම තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලය බන්ධනාගාර අධිකාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  මාතර පොලිස් ස්ථානයට භාරදුන් බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය