ඩොලර් කැටේ පුරවන්න සුද්දො ලක්ෂ පනහක් ඕනෑ ශ්‍රී ලංකාවේ විදේශ විනියමය සංචිත ශක්තිමත් කිරීමට නම් සංචාරකයන් ලක්ෂ 50ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 November 2023
රූපවාහිනිය ගුවන්විදුලිය සමාගමක් වෙයි දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය. 28 November 2023
විදුලි සැරෙන් තරුණයා මරුට යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතනයක සේවය කරන තරුණයෙකු විදුලි සැර වැදීමකින් අද (28) මිය ගොස් ඇතැයි චාවකච්චේරි පොලීසිය පවසයි. 28 November 2023
මෙන්ඩිස් - රන්දෙණිගල මත්පැන් නිෂ්පාදනයට තාවකාලික තහනමක් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ රන්දෙණිගල යන මත්පැන් නිෂ්පාදන සමාගම් වල නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 28 November 2023
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගන්න සෞදි අරාබියේ සහයෝගය සෞදි අරාබියේ ආර්ථික හා ක්‍රමසම්පාදන අමාත්‍ය එච්.ඊ. ෆයිසාල් එෆ්. අලිබ්රහිම් මහතා සහ මෙරට අමාත්‍යවරු අතර හමුවක් පැවැත්විණි. 28 November 2023
විමල්ගේ හූනු සාත්තරය රනිල් වික්‍රමසිංහ මහතා මීට පසු ජනාධිපතිවරණයකට කිසිසේත්ම නොඑන බව තමා හූණා කිව්වා සේ පවසන්නේ යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (28 ) පැවසීය. 28 November 2023
කෝපි කාලෙට ආපහු හැරෙයි ලබන වසර ඇතුලත හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර තිබේ. 28 November 2023
ගොවියා ගොඩ දමන අලුත්ම මිරිස් ප්‍රභේදය මහවැලි ඩී කලාපයේ ගොවින්ට අලුතින් හදුන්වා දුන් ඒම්.අයි.සී.ඒච් 1 වර්ගයේ වැඩි දියුණු කරන ලද ප්‍රබේදය වර්ග මීටර 1000 (අක්කර කාලක්) වගා කළ මිරිස් වගාවේ පළමු මුරයෙන්ම රුපියල් 3,30,000ක ආදායමක් ලැබුණු බව දිවුලන්කඩවල ගොවි මහතකු වූ ඒස්.ගජවීර මහතා පවසයි. 28 November 2023
කොරියාව සමඟ නව සහයෝගිතා ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ කොරියා සමූහාණ්ඩුව අතර දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 28 November 2023
කොට උඩ ගිය පාරවල් හදන්න ආසියා බැංකුවෙන් හයියක් එකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන අවසන් කිරීම සඳහා ආසියා ආසියා සංවර්ධන බැංකුවෙන් අරමුදල් සපයා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 28 November 2023
මඩුවන්වෙල නින්දගමෙන් කොටසක් දුම්කොළ සමාගමට දෙයි මඩුවන්වෙල නින්ද ගම වත්ත ඉඩමෙන් කොටසක් සීමාසහිත දුම්කොළ සමාගම වෙත වන වගාව සඳහා බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 28 November 2023
රොෂාන්ගේ ජීවිතය අනතුරේ කවුරු හොරු සමග හෙලුවෙන් හිටියත් රොෂාන් රණසිංහ සහෝදර මන්ත්‍රීවරයාගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීම අගමැතිවරයාගේ කතානායකවරයාගේ වගකීමක් බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය. 28 November 2023
ආණ්ඩුවට දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නෑ රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට වර්තමාන ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් රටේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට නම් ස්ථිර පොලිස්පති වරයෙක් පත් කළ යුතු බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 28 November 2023
වරාය නගරයේ වැඩ මැතිසබේ අනුමැතියට කොළඹ වරාය නගරයේ නියෝග අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 28 November 2023
කෝකිලායි සමූහ මිනිවලෙන් සිරුරු 37ක අස්ථි කොටස් ගොඩට මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි ප්‍රදේශයෙ සමුහ මිනිවලේ මේ දක්වා සිදුකළ කැණීම් වලින් මිනිස් සිරුර 37 ක අස්ථි කොටස හමුවී ඇති බව පොලිසිය පවසයි. 28 November 2023
අගමැතිගේ නම විකුණන කණ්ඩායමක් ගැන සී.අයි.ඩී පරීක්ෂණයක් තමාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පවසමින් ඩෙන්මාර්කයේ රැකියා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ හය ගාණේ එකතු කරන කණ්ඩායම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹා ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය. 28 November 2023
අයවැය යෝජනා ගැන වෘත්තීය සමිති දැනුවත් කරයි 2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 28 November 2023
ලලිත්,ගාමිණී ,ප්‍රේමදාස ගැන ජේ.ආර් කී අනාවැකිය වජිර හෙලි කරයි ලලිත්,ගාමිණී ,ප්‍රේමදාස රණ්ඩුව සමයේ එම තුන් දෙනාම ජීවිත වලින් වන්දි ගෙවා අවසන් වන බව ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා තමා සමඟ ඒ කාලේ පවසා තිබුනේ යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 November 2023
කොටි විරෝධි සැමරුමක කලබල කල හිටපු කොටි සාමාජිකයා අත්අඩංගුවට යුද සමයේ එල්ටීටීය විසින් ඝාතනය කළ ප්‍රභූ පුද්ගලයන් සමරා වවුනියාවේ පැවැති සැමරුමකට පහරදීම් එහි පුවරු කඩා දමා කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිසිය පවසයි. 28 November 2023
ක්‍රිකට් අතුරුකමිටුව ලබන නඩු විභාගය තෙක් ක්‍රියාත්මක නොකෙරේ ක්‍රිකට් අතුරු කමිටුව පිහිටුවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ලබන නඩු වාරය තෙක් ක්‍රියාත්මක නොකරන බව නව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට දැනුම් දෙයි. 28 November 2023
මහ බැංකුවේ මුදල් හොරකමට පරීක්ෂණ දෙකක් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු නිෂ්කාශනාගාරයේ ලක්ෂ පනහේ මුදල් බණ්ඩලයක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය. 28 November 2023
පුරාවිද්‍යා අධ්යක්ෂ පත් කරන්න ඇමතිට බලයක් නෑ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට ඇමතිට බලයක් නැතැයි සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 28 November 2023
සටන් විරාම ගිවිසුම දින දෙකකින් දිගු වෙයි ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාම ගිවිසුම දින දෙකකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වූ බව එම ගිවිසුම ඇති කර ගැනීමට ප්‍රධාන මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ කටාර් රාජ්‍යය ප්‍රකාශ කළේය. 28 November 2023
ඇමති මණ්ඩලයට විනයක් තියෙන්න ඕන ඇමති මණ්ඩලයට විනයක් තියෙන්න ඕන යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 November 2023
මඟුලට කෝටි 1933ක් වැය කරලා මැඩලේන් බ්‍රොක්වේ සහ ජේකොබ් ලග්රෝන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 1933 කට ආසන්න මුදලක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 59 ක්) වැය කරමින් පැවැත්වූ විවාහ උත්සවය පිළිබඳ සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇතිව තිබේ. 28 November 2023
දුම්රියක ගින්නක්-මුහුදුබඩ මාර්ගයේ දුම්රියත් ප්‍රමාදයි ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ධාවනය භාණ්ඩ හා මගි ප්‍රවාහන දුම්රියක් අහංගම දුම්රිය ස්ථානය පසු කිරීමෙන් පසු කාර්මික දෝෂයට ලක්ව ගිනි ගැනීමකටද ලක් විය. 28 November 2023
රොෂාන්ගෙන් ජනපතිට දෝස් මුරයක් රට අන්ත අසරණ තත්වයකට වැටී තිබුණු මොහොතේදී සියලු දෙනා කැපවී මේ පාලනය ගෙන ඒමට ඉදිරිපත් වුණේ හොරකම් දූෂණ කිරීමට ඉඩදී ඇස් කන් පියාගෙන බලා සිටීමට නොවේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය, පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය. 28 November 2023
පරණ ක්‍රමයට පළාත් සභා පවත්වනවාට විපක්ෂය විරුද්ධ නෑ පරණ ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පවත්වනවාට විපක්ෂය විරුද්ධ නැතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 28 November 2023
225ම යකඩ සපත්තුවට යට කරලා අද 225ම විධායකයේ යකඩ සපත්තුවට යට කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 November 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026