(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාවට එන විදේශිකයන් අවන්හල් (Restaurants)අරඹා වැට් හෝ කිසිදු බද්දකට යටත් නොවී විශේෂිත යන්ත්‍රයක් භාවිත කරමින් කෝටි ගණන් මුදල් විදේශයන්ට අදිමින් සිටින බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදේශිකයන් භාවිත කරන එම මුදල් ලබාගැනීමේ යන්ත්‍රයට කෙඩිට් කාඩ් මගින් මුදල් ගෙවූ විට ඒ සියලු ගෙවීම් විදේශ වලට යන බව කී මන්ත්‍රීවරයා මේ ගැන වහාම සොයා බලන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.
දකුණු පළාතේ ගාල්ලට එහා ප්‍රදේශ වල මෙවැනි අවන්හල් බොහොමයක් ආරම්භ කර තිබෙන බව කී කබීර් හෂීම් මහතා ඒවායේ සේවය කරන්නේ ද විදේශිකයන් බව පැවසීය.
ආණ්ඩුව දේශීය ව්‍යාපාරිකයන්ට බදු ගහන නමුත් විදේශිකයන් පැමිණ කරන කෝටි ගණන් ඉපැයීම් වලින් කිසිම බද්දක් අය නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සුද්දො ඇවිත් වැට් නොගෙවා අපේ සල්ලි රට පටවනවා
Prabha Thursday, 11 January 2024 02:52 PM
හා හා සුද්දන්ට මුකුත් කියන්න එපා...
අබරං Friday, 12 January 2024 07:32 AM
ඒක ඇත්ත .අච්චර සංචාරකයන් ආවා, මෙච්චර ලැබුනා, කියමින් උදම් අනද්දී සුද්දෝ සූක්ෂම ආකාරයට රටට ලැබුණු මුදල් හා රටේ සාරයත් ඇදගෙන යනවා කියලා තමයි කබීර් කියන්නෙ. කොහොමින් කොහොම හරි රටට සතයක වැඩක් නැතත් විදේශිකයන් ලංකාවෙ අයෝජන කරල දේශපාලුවන්ගේ මනදොල සපුරනවා නේද
fairoos Thursday, 11 January 2024 06:27 PM
කමක් නෑ.. ඉන්න හිටින්න රටක් තියෙනවනේ...!