
(අංජුල මහික වීරරත්න)
ආදිවාසී ජනතාවට දීර්ඝ කාලීනව පවතින ගැටළු රැසකට විසදුම් ලබාදීම සදහා නව රෙගුලාසි පද්ධතියක් සහ නව පනතක් සකස් කිරීමේ කටයුතු ජනවාරි 23 වැනිදා වන විට අවසන් කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඒ සදහා පත් කළ කමිටුවට අද (11 ) උපදෙස් ලබා දුන්නේය.
ආදිවාසී ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සදහා අවශ්‍ය නීතිමය රෙගුලාසි සකස් කිරීම සදහා විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකවරයාගේ මුලිකත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වු අවස්ථාවේ අධිකරණ අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
පවතින නීති පද්ධතියට අනුකූලව ආදිවාසී ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට අදාල රෙගුලාසී ඇතුළත් ගැසට් පත්‍රය පළ කිරීමට කටයුතු කරන ලෙස ද අධිකරණ අමාත්‍යවරයා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ද මෙම අවස්ථාවට සහභාගී විය.
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආදි වාසීන්ට පනත් පොජ්ජක්