IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මුහුදේ පාටිය මෘග ක්‍රියාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රට බංකොලොත්වී දරුවන් කන්න නැතුව සිටිනා  මොහොතක ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්  පිරිසක් විස්කි බිබී මුහුද මැද  පාටියක් දැමීම මහ  මෘග ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

මෙම පාටිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගිවී ඇතැයි පැවසූ විපක්ෂනායකවරයා දරුවන්ට වාර ප්‍රවේශ පත්‍රය දීමට නොහැකි ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට මුහුද මැද පාටි දැමීමට අවසර දීම අසාධාරණ බවද ප්‍රකාශ කළේය.

ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇමතිවරුන් කණ්ඩායමක් වරාය අධිකාරියට අයත් හංසකාවා, දියකොවුලා  ආදි  යාත්‍රා පාවිච්චි කරලා  මුහුද මැද ඉඳලා පාටියක් දාලා තියෙනවා. මේක බොරුවක් නොවේ. දූ දරුවන්ගේ වාර ප්‍රවේශ  පත්‍ර අහෝසි කරනවා.මෙයාල පාටි දානවා. කොහොමද රටට අයිති යාත්‍රා පාවිච්චි කරලා  මුහුද මැද පාටි  දාන්නේ? බංකොලොත් රටක විස්කි ගෙනල්ලා වරාය  ආපනශාලාවේ කෑම ගෙනල්ල පාටි දානවා.බංකොලොත් රටක මෙහෙම පාටි දානවද.පෞද්ගලික මුදල් වලින්  විසි හතර පැයේම  පාටි දැම්මට  කමක් නැහැ. පෞද්ගලික මුදලින් මොනවා කළත් කමක් නෑ. වැලි හාරන යන්ත්‍ර උඩ නැගලා මේ පාටිය දාලා තියෙන්නේ. මේ අය පිළිගන්න රතු කාපට් එකකුත් දාලා තිබුණා. මේක මහ මෘග ක්‍රියාවක්.

මම මේ කතා කරන්නේ රටට වැදගත් දෙයක්. මගේ කට වහන්න එපා. මේ රටේ කුඩා දරුවාගේ ඉඳලා මව්වරුන් දක්වා සියලු දෙනා දුක් විඳිනවා. හිටපු ජනාධිපතිවරයා නැව් දෙකක් අරගෙන මුහුද මැද පාටි දාන්නේ කොහොමද.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා:

කොටින්ට  ආයුධ දුන්නා කියලා චෝදනා එල්ල වුණේ ඔබතුමාගේ තාත්තට. ඔබගේ සහෝදරිය හොර සල්ලි ගහපුවාම බේරගත්තේ හිටපු ජනාධිපතිතුමා.

සජිත් ප්‍රේමදාස මහතා:

කොටින්ට සල්ලි දුන්න එක වෙන කාගෙන්වත් අහන්න එපා.  ටිරාන් අලස් ගෙන් ඒක අහන්න. මගේ සහෝදරිය පවුලේ සාමාජිකයන් හොර සල්ලි අච්චු ගහලා නැහැ.



අදහස් (6)

මුහුදේ පාටිය මෘග ක්‍රියාවක්

Hafeel Thursday, 11 January 2024 01:21 PM

මේ සේරම හොරුන් බව ඔවුන්ම ඔප්පු කරලා ඉවරයි. ඒ නිසා ඉදිරි මැතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව ඡන්දය ප්‍රකාශ කළා නම් හොඳයි. ජනතාව දුක් විදිනවා, මොවුන් මහජන මුදලින් විනෝද වෙනවා.

:       2       35

ravin Thursday, 11 January 2024 02:03 PM

එහෙම කොහොමද වෙන්නේ? ඇත්තෝ කති, බොති... නැත්තෝ ලෙවකති තමයි තියරිය...!

:       1       19

ලුම්බිණි Thursday, 11 January 2024 02:24 PM

දැන දැන වැරැදි කරනවා, ඇහුවාම නැතෙයි කියනවා.

:       0       23

achini Thursday, 11 January 2024 03:20 PM

රාජපක්ෂ කියන්නේ ලංකාවට තියෙන ලොකුම ශාපය...!

:       2       34

fairoos Thursday, 11 January 2024 06:24 PM

බයියන් ඉන්නකන් මොනවා කියලත් වැඩක් නෑ. රාජපක්ෂලාට හෙණ වදින දවස වැඩි ඈතක නෑ.

:       1       13

Perera Thursday, 11 January 2024 08:34 PM

මුගේ පියා ජනපති කාලේ මූ යලටයි හඳපාන් ගලටයි රිංග ගෙන කරපු මුර්ග ක්‍රියා අපි හොඳාකාරව දන්නවා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 33 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site