(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකුටත් මේ වර්ෂයේදීත් විමධ්‍යගත මුදල් වෙන් කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.
දැන් මුදල් වෙන් කෙරෙන්නේ දිස්ත්‍රික් කමිටුවලට බවද ඔහු සඳහන් කළේය.
රණතුංග මහතා මෙසේ පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි
මන්ත්‍රීවරුන්ට වඩා පොදුවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙස පසුගිය කාලේ ජනතාවගේ ඉල්ලීම වූ බවත් දිස්ත්‍රික් ණය කමිටුවලට වෙන් කරන මුදල් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලට යොමු කෙරෙන බවත් ඔහු ප්‍රකාශ කළේය
ඒ මුදල් අනතුරුව ප්‍රාදේශීය කමිටුව හරහා ග්‍රාමීය කමිටුවලට යන බවද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
රණතුංග මහතා මෙසේද කීවේය.
නැත්නම් මන්ත්‍රීවරු තමන්ට ඕන විදියට තමන්ට හිතවත් තමන්ට ඡන්දය දුන්න අයගේ පාරවල් වලට විතරක් මුදල් වෙන් කරනවා. එතකොට පොදු සංවර්ධනයක් වෙන්නේ නැහැ. ඒකයි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට මුදල් වෙන් කරලා තියෙන්නේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
මම මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 35ක් මම ඉන්නවා. හැමදාම මේක අපිට හම්බවුණා. ඔබතුමා මේක නැති කිරීම අනුමත කරනවද.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා
නැහැ අවුරුදු තුනක් තිස්සේ දෙන්නේ නැහැ.
ප්‍රසන්න රණතුංග මහතා;
සංවර්ධන කමිටුවලට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලට මෙතන ඉන්න සියලු දෙනාටම ආරාධනා කරනවා.
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මන්ත්‍රීවරුන්ට මේ අවුරුද්දේ විමධ්‍යගත මුදල් නැහැ
සල්ලි Friday, 12 January 2024 07:44 AM
උබලාගේ සංවර්ධන ව්‍යාපෘති නොකර උන්නානම් රට මීට වඩා සංවර්ධනය වෙලා බන්.
Athula Rathnayaka Friday, 12 January 2024 10:33 AM
වෙන්කල මුදල් මාස හයකින් අවසන් කරන්න කිව්වම තවත් විමධ්‍යගත මුදල් මොනවා කරන්නද .ඔය මුදල් වුනත් දිරවාගන්න බැරිවේවි. ඇත්තටම ජූලි වලට පෙර කරන්න කිව්වට තවමත් සැලසුම් සකසා නැතුව ඇති. ඉතින් ඒවා අවසන් වෙලා එනවිට අප්‍රේල් අවසන් ,වැඩක් කරන්න වෙලාව හොදටම මදි .ඔයින් වෙන්නෙ ජනතා මුදල් නිකරුණේ නාස්ති වෙනවා පමණයි .සාමාන්‍යයෙන් අයවැය සදහා මුදල් ප්‍රතිපාදන ඉල්ලන අවස්ථාවේ අදාල සැලසුම් ඉදිරිපත් කරන්නෙ නැහැ කියලා හිතෙනවා.