
(යොහාන් භාසුර)
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත්කරනු ඇතැයි විශ්වාස කරන බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (11) පස්වරුවේ පැවසීය.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී ඒ මහතා එවැනි ඉඟියක් කළ බවත් අයි.සී.සී. මීළඟ විධායක කමිටු රැස්වීමක් පැවැත්වීමට ඇත්තේ ලබන මාර්තු මස බැවින් ‘සූම්’ හරහා විශේෂ විධායක සභාවක් පවත්වා ශ්‍රී ලංකාවේ තහනම ඉවත්කිරීමට කටයුතු කරන බව ඒ මහතා පැවසූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පෙබරවාරි මස 15 වැනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තහනම ඉවත් නොකළ හොත් ලබන ජූනි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සමුළුව ද ශ්‍රී ලංකාවට අහිමි වන බවත් එසේ වුවහොත් එය මෙරට විශාල පාඩුවක් බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට ඔය හොර ක්‍රිකට් බෝඩ් එක විසුරුවනකල් අපි ක්‍රිකට් මැච් බලන්නේ නෑ... නෑ මයි.
තාත්තද එහෙම කිව්වේ? එතකොට, ක්‍රිකට් සල්ලි හොරකම් කරපු පාලක මණ්ඩලයට මොකද කරන්නේ? පාර්ලිමේන්තුවේ ඔක්කෝම සහයෝගයෙන් දවසක්ම විවාද කරලා යෝජනාවකුත් සම්මත කර නේද? එදා දවසේ පාර්ලිමේන්තුවේ වියදමත් රටේ ජනතාවගේ බදු මුදලින් දුෂණයට කිසිම විසඳුමක් නැතිව...
"ජූනි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සමුළුව ද ශ්‍රී ලංකාවට අහිමි වන බවත් එසේ වුවහොත් එය මෙරට විශාල පාඩුවක් බවත් " මේ වගේ ගොන් කතා කියන්න හරිම දක්ෂයි. හරියට අයි.සි.සි. සමුළුවට රටවල් සිය ගාණනින් සමාජිකයන් දහස් ගණනක් ඇවිල්ලා සති ගණනක් මෙහෙ තරු පහේ හෝටල්වල ගත කරනවා වගේ කතාව... ඕනෑම නම් දවස් තුනක් විතර තියයි, උපරිම සීයක් දෙසීයක් එයි. ඒ එන මිනිස්සුත් තමන්ගේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දෙන මුදල් වියදම් කරන නිසා අර පිරිමැස්මෙන් වැඩ කරයි. අපේ ක්‍රිකට් එකේ වගේ කාබාසිනියා පාලකයෝ ඒ රටවල නැති නිසා... එහෙව් එකේ මෙයා කියනවා විශාල පාඩුවක් වෙනවාලු. බැඳුම්කර වංචාවෙන්, සීනි බදු වංචාවෙන්, සුදු ළූණු වංචාවෙන්, බිලියන ගණන් වංවා කරනවිට මීක් නැතිව හිටියා...
මේ Cricket board එක ගෙදර යනකම් cricket තරග බැලිම වර්ජනය කරමු... පිටියට තරග බැලීමට නොයමු... සමාජ මාධ්‍ය හරහා මෙය promote කරමු..
හොරු රජ වෙනවා...
ඔක්කෝටම ඉස්සෙල්ලා ක්‍රිකට් බෝඩ් එකට ඉල්ලා අස්වෙන්න කියන්න.
කවුද අනේ දැන් ඕවා බලන්නේ?
හොරුත් එක්ක ක්‍රිකට් එපා
මේ දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා අස්වෙන තුරු සියලුම තරග නැරඹීම වර්ජනය කරමු!
මෙක පුදුම රටක්නෙ...හොරු අල්ලන්න ආපු ඇමතිව එලෝල... එක කරොගන්න ICC එකෙන් ලංකාවෙ ක්‍රිකට් තහනම් කරොල.. පුදුම කාලකන් බෝඩ් එකක් තමා......
කොහොමද අන්තිමට සගලලයි , රනිල් ලයි , හරින්ලයි එකතුවෙලා ක්‍රිකට් බෝඩ් එකේ හොරු ටික බේරගත්ත හැටි ?