(නිමල් ජයරත්න)

ත්‍රිකුණාමලයේ සිට සිමෙන්ති මිටි 600 ක් පටවාගත් ලොරි රථයක් වාලච්චේන හරහා, හම්බන්තොට දක්වා ධාවනය කරද්දී වාලච්චේන පූනානි ප්‍රදේශයේ ගංවතුර මැදිව ලොරි පෙරළී අනතුරට ලක්ව ඇති බව වාලච්චේන පොලිසියේ සඳහන් කරයි.

එම සිමෙන්ති තොගය විනාශ වි ඇතැයි පොලිසිය පවසයි.

මේ අතර වාච්චේන පූනානි ප්‍රදේශයේ  පිටි පටවා ගත් ලොරි රථයක්ද මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබෙන බව වාලච්චේන පොලිසිය පවසයි. 

ලොරියෙ පිටි වෙනත් ලොරියකට මාරු කිරීමට රියැදුරු සහ සහයකින් කටයුතු කර තිබේ.

පොළොන්නරුව මාදුරුඔය, කුඩාඔය, පූනානි විල්ලූව පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද, පූනානි අතර ස්ථාන පහකින් පමණ ජලයෙන් යටව පවතින බවද පොලිසිය සඳහන් කරයි.