IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


’’තරුණයන්ට රැකියා නැහැ නමුත් ටින් අංක දෙනවා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ට්න් අංකය තරුණයන්ට මහ වදයක්  බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (11)  පැවසීය.

"අවුරුදු 18 දී  අපි එදා බදු ගෙව්වේ නැහැ" යැයිද  ඔහු සඳහන් කළේය.

කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ බදු සඳහා ලියාපදිංචිවීමේ ටින් අංකය සම්බන්ධයෙන්  සාකච්ඡාවක් ඇතිවූ අවස්ථාවේදීය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය.

තරුණයන්ට රැකියා නැහැ. ට්න් අංක දෙනවා. ආදායම අනුව තමයි ලියාපදිංචි කරන්න ඕන.

අවුරුදු 18දී අපි එදා බදු ගෙව්වද.අපි නීති විද්‍යාලයට ගිහිල්ලා පිටවෙලා අවුරුදු ගාණක් ගියාට පස්සේ තමයි බදු ගෙව්වේ. මේක ජනතාවට තරුණයන්ට පීඩනයක්. ටින්  නම්බරයක් ඇරිය නැතිවුණොත්  නඩු දානවා කියන එක පීඩනයක්. පරාතී නීතිය අත්හිටුවන්න කියලා අපි ඉල්ලුවා. මේ ආණ්ඩුව ඒ නීතිය අත්හිටෙව්වේ  පොළොන්නරුවේ වීමෝල්කාරයන්ට විතරයි.



අදහස් (8)

’’තරුණයන්ට රැකියා නැහැ නමුත් ටින් අංක දෙනවා’’

Aravinda Monarawila Thursday, 11 January 2024 01:23 PM

කවුරු කිව්වත් මේ කතාව හරි, අවුරුදු 18දී බදු ගෙව්වේ නැති එක විතරක් නොවෙයි, අවුරුදු ගාණක් බදු හොරාකාපු අය මේක කරන්න අරගලයට බැස්ස තරුණ පරම්පරාවෙන් පළිගන්නයි. ඒ නිසා මේකට විරුද්ධව තරුණ පරම්පරාවම එක්විය යුතුයි.

:       6       11

සකළබුජං Thursday, 11 January 2024 01:36 PM

රැකියාවක් නැති නිසා තමයි ටින් එකක් ගන්න කියන්නේ මොකටද කිව්වොත් පත්තර කොලයක් ගෝනි කෑල්ලක් රෙදි කැබැල්ලක් පාරක් අයිනේ එලාගෙන ටිං එක හොල්ලන්න නැත්නම් ටිං එක හොල්ල හොල්ලා ගම වටේ යන්න කියලා නොකියා කීමක් තමයි හදලා තියෙන්නේ ලංකාවේ ආර්ථිකය බංකොලොත් වුණු වෙලාවේ ජනාධිපති වුනත් ටිං එකක් ඇතුව හරි, නැතුව ලෝකය වටේ ගියානේ.. ඉතින් සාමාන්‍ය අපිටත් ලැජ්ජාව බිම තියලා ටිං හොල්ලන්න වෙලා තියෙනවා...

:       1       10

abaran Thursday, 11 January 2024 03:32 PM

වයසට යනවිට මොලේ ටික ටික පිස්සු කෙලිනවානේ. එකයි මෙයා මේ බහුබූත කියවන්නේ... ටින් අංකයක් ගන්න කියන්නේ හැම කෙනාම බදු ගෙවන්න කියා කියන එක නෙවෙයි උන්නැහේ. ඒකෙන් කෙරෙන්නේ රැකියාවකට යන්න සුදුසු හැම කෙනාවම අදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම පමණයි. ඒ අය තමන්ට ලැබෙන ආදායමේ තරමට සුදුසු වෙලාවේදී බදු ගෙවාවී. ටිකක් ලෝකේ වටේ ඇවිදලා බලන්නකෝ අනිත් රටවල්වල කොහොමද මේවා කෙරෙන්නේ කියලා.

:       2       6

අරවින්ද මොනරවිලThursday, 11 January 2024 04:56 PM

අංකයක් ලැබෙන හැම කෙනාම බදු ගෙවන්න ඕනෑ... නැත්නම් මොකටද බදු අංකයක්, අදායමේ තරමට සුදුසු විදිහට බදු ගෙවන්න පුළුවන් දවසට බදු අංකයක් දුන්නාම ඇති නේද? ඒක ආදායම් බදු දෙපාර්තුමේන්තුවටත් පහසුයි නේද? ජනතාවටත් ඒක පහසුවක් වෙනවා නේද? සමහරු ඉන්නවා තමන්ගේ ජීවිත කාලයම ආදායම් මාර්ගයක නොයෙදෙන, ඒ අය වෙනුවෙන් බදු අංකයක් දීලා ඇති ඵලය මොකක්ද? අබරන් ලෝකයේ රටවල් එකසිය අසු ග‍ණනේම ඇවිදලා හොයලා බලලා වෙන්න ඇති මේක රනිල්ට නිදේශ කරන්න ඇත්තේ. ඒක කොහොම වුණත් අපි කරන්න ඕනෑ අපිට වුවමනා හා දේවල් අපට හරියන දේවල් විතරයි. දකින දකින දේවල් සහ එක්කෙනා කියන කියන දේවල් කරන්න ගිහිල්ලා තමයි රට නන්නත්තාර වෙලා තියෙන්නේ...

:       2       5

AjithThursday, 11 January 2024 09:51 PM

වයසට නොගියත් කවුද කියලා පේනවා. බදු ගැහිල්ලට විතරක් පිටරට එක්ක සංසන්දනය කරපුවාම හරි. ඒ රටවල ජනතාවට තියෙන වරප්‍රසාද ගැන. නෝ කතා නෝ සිනහ... අනේ මෙහෙමත් පණ්ඩිතයෝ ඉන්නේ අපේ රටේ විතරයි නේද මචං...?

:       0       0

Pankumburage Thursday, 11 January 2024 03:42 PM

රැකියා නැති අයට ටින් එක නැතුව හිඟමනේ යන්නේ කොහොමද?

:       0       3

Athula Thursday, 11 January 2024 06:10 PM

ඔව් ඔවුන්ගෙයි, ඔබෙයි අතර ඇති වෙනස මොකක්ද? රට වනසලා මධ්‍යම අධිවේගයෙන් ගහපුවා තමයි අපි දැන් ගෙවන්නේ... අඩු තරමේ සංවේදී පරිසරයවත් ඉතුරු කළේ නෑ... අපිට අමතක නැහැ 2015 - 2019 අතර කාලය...

:       2       2

fairoos Thursday, 11 January 2024 06:30 PM

බදු අයකරන්න ඕනෑ එකට හොඳ වැඩපිළිවෙළක් කියෙන්න ඕනෑ. නිකන් එක පාරටම බංකොළොත් වෙලා ඉන්න වෙලාවක කිව්වාම මිනිස්සු නන්නත්තාර වෙනවා.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site