උත්තර පත්‍ර බැලීම පැත්තක දමා ගුරුවරු සල්ලි ඉල්ලා විරෝධයේ අපොස උසස් පෙල විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර බාලිකා විදුහලේ ගුරුවරුන් 300 ක් පමණ අද සිය කටයුතුවලින් ඉවත්ව කළුතර බාලිකා විදුහල ඉදිරිපිට විරෝධතාවයක් සිදුකරන ලදී. 26 June 2023
පන්ති කට් කර සිසු සිසුවියෝ හයක් පාළු නිවෙසක පාටියක් දාලා උපකාරක පන්තියකට සහභාගී වන බව නිවෙස්වලට පවසා අම්පාර උදයපුර ප්‍රදේශයේ පාළු නිවසක මත්පැන් පානය කරමින් සිටි තරුණියන් තිදෙනකු සහ තරුණයන් තිදෙනකු අත්ඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි. 26 June 2023
පක්ෂ නායකයෝ හෙට රැස්වෙති දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාව විවාදයට ගැනීම සඳහා ලබන මස 1 වැනිදා සෙනසුරාදා හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වෙනු ඇතැයි එහි ආරංචිමාර්ගවලින් පැවසේ. 26 June 2023
දේශබන්දුට එරෙහි සිතාසි බල රහිත කරයි අරගලකරුවන් පිරිසක් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝට එරෙහි චෝදනාව පවත්වාගෙන යාම බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළේය. 26 June 2023
කොළඹ පෞරාණික ස්ථාන 40 ක් සංවර්ධනය කර බදුදීමේ ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන පෞරාණික වටිනාකමින් යුත් ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම ලෙස සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ සහ අවට ප්‍රදේශයේ ඉඩම් 40 ක් පමණ හදුනාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පැවසීය. 26 June 2023
යුරෝපා සංචාරය නිමවා ජනපති යළි දිවයිනට යුරෝපා සංචාරය නිමා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන යළි දිවයිනට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 26 June 2023
විදුලි සෝපාන කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමැති මරුට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි. 26 June 2023
පොලිසියට ප්‍රහාරයක් පහක් රෝහලට මන්නාරම , පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටි නිවසක් සෝදිසි කිරීමට ගිය උයිලන්කුලම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට පියකු සහ පුතකු ඇතුළු කණ්ඩායමක් පොලු මුගුරුවලින් පහර දීම නිසා එම පොලිස් කණ්ඩායමේ සිටි නිලධාරීන් පස් දෙනකු තුවාල ලබා මන්නාරම දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. 26 June 2023
ව්‍යාජ ගුවන් ටිකට් පත් හදා කූඩුවේ ළගිති විවිධ අපරාධකරුවන්ට රටින් පැන යාම සඳහා විදෙස් ගමන් බලපත්‍ර සැකසූ බව කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 26 June 2023
අද වැස්සේ තත්ත්වය මෙන්න බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 June 2023
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දීර්ඝ නිවාඩුවක් නිර්මාණය කළා රජය සහ මුදල් අමාත්‍යංශය සාකච්ඡා කර මේ මස 30 වැනිදා බැංකු නිවාඩුවක් බවට පත්කරමින් දීර්ඝ නිවාඩුවක් නිර්මාණය කිරීමට හේතුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන් අවසන් කිරීමට අවශ්‍ය කාලය ලබාගැනීම බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල ජනතාවගේ තැන්පත් මුදල්වට හෝ පොලියට කිසිඳු හානියක් නොවන්නේ යැයි සහතික වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (25) පැවසීය. 25 June 2023
මුහුණු පොතින් හඳුනාගෙන තරුණියන් අමාරුවේ දාලා මුහුණු පොතෙන්වරින් වර හඳුනා ගත් තරුණියන් සැලකිය යුතු සංඛ්‍යාවක් සමග ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගෙන එම තරුණියන් හෝටල්වලට කැඳවාගෙන පැමිණ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගත්තේ යැයි කියන අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා 24 සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 25 June 2023
පැමිණි බසයට යටවී තරුණියක් මරු දකියි හයිලෙවල් මාර්ගයේ අවිස්සාවේල්ල උක්වත්ත සුසාන භූමිය ඉදිරිපිටදී තමන් පැමිණි බස් රථයටම යට වීමෙන් 23 හැවිරිදි තරැණියක අද (25) දින සවස මියගොස් ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 25 June 2023
අස්වැසුම ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක් ආර්ථික සවියක් ඇවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ “අස්වැසුම” වැඩසටහනට දේශපාලන මුහුණුවරක් ලබා දෙමින් තම දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට ඇතැම් පාර්ශ්වයන් දරණ උත්සාහයන් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති කාර්යාලය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි . 25 June 2023
ශ්‍රී ලංකාව ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලබයි සිම්බාබ්වේදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය. 25 June 2023
මරණ දඬුවම් නියම වූ රැඳවියාගේ රංගනය අතේ පත්තු වේ මිනිමැරුම් චෝදනාවකට මරණීය දණ්ඩනය නියමව වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවකු බන්ධනාගාර නිලධාරින්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී අද (25) පෙරවරුවේ බන්ධනාගාරයෙන් පළා ගාස් මරදානේ දුම්රිය ස්ථානයේදී දුම්රියක නැග සිටියදී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 25 June 2023
ඇමති ප්‍රසන්නගේ රැස්වීමට යන්න සිටි පිරිසකට වෙඩි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය කාර්යාලය අසල පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට යාමේ අපේක්ෂාවෙන් දිප්පිටිගොඩ 6 කනුව ආසන්නයේ රැඳී සිටි බවට පැවසෙන තිදෙනකුට අද 25 සවස යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම තිදෙනාම තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 25 June 2023
තරුණයාට පහරදුන් සැකකරු කඩු මන්නා සමග මාට්ටු මොරටුව ලුනාව ප්‍රදේශයේදී පුද්ගලයකුට කඩුවකින් පහර දී කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අඟුලානේ බෝලේ නමැති සැකකරු කඩු,මන්න,පිහි කිනිසි ඇතුලු තියුණු ආයුධ නවයක් චේන් ශෝ එකකින් සකසන ලද ආයුධයක් සමග(25) අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පැවසීය. 25 June 2023
අයර්ලන්තයට ලකුණු 326 ක ඉලක්කයක් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තෙවැනි තරගය වන අයර්ලනත්යට එරෙහිව බුලවායෝහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 49.5 කදී සියලු දෙනා දැවී ලකුණු 325 ක් රැස්කිරීමට සමත් විය. 25 June 2023
වල් අලි ප්‍රහාරයෙන් සිව් දරු මවක් මරුට මංගලගම 27 කණුව ප්‍රදේශයේදී අද උදේ 7.30ට පමණ වන අලියකු පහරදීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි මංගලගම පොලිසිය පවසයි. 25 June 2023
ඊශ්‍රායල් සිහිනය බොඳ කරලා ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විමර්ශන ඒකකය පවසයි. 25 June 2023
පියා පැදවු යතුරුපැදිය පෙරැලී දරුවා මරුට රිදීමාලියද්ද දීරියගම කිරිහිලිවැල්ල ප්‍රදේශයේ 36 හැවිරිදි පුද්ගලයෙකු සිය බිරිද සහ අවුරුදු දෙක හමාරක දරුවාද රැගෙන යතුරුපැදියෙන් ගමන් කරමින සිටියදී යතුරුැදිය පෙරැලි සිදු වූ අනතුරින් දරුවා මිය ගොස් ඇතැයි රිදීමාලියද්ද පොලීසිය කියයි. 25 June 2023
තවත් රැඳවියෙක් සිර මැදිරියේ එල්ලෙයි මහනුවර පොලිසියේ සිරමැදිරියක රඳවා සිටි සැකකරුවකු එම සිර මැදිරිය තුළ එල්ලෙමින් සිටියදි එයින් මුදාගෙන රෝහල් ගත කර ඇතත් ඔහු මියගිය බම මහනුවර පොලිසිය කියයි. 25 June 2023
මත්පැන් සමාගම් පහක් කෝටි 600ක බදු පොල්ලක් මෙරට මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් පහක් රුපියල් කෝටි 600කට අධික බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 25 June 2023
බස්නාහිර - දකුණේ විශේෂ මෙහෙයුමක් බස්නාහිර සහ දකුණු පලාතේ සිදුවන ඝාතනයන් සඳහා සංසරණය වන නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අද (25) සිට ලබන ජුලි මස 30 දින දක්වා ක්‍රියාත්මක කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 25 June 2023
බන්ධනාගරයෙන් පැන්න රැදවියා දුම්රියකින් අල්ලයි වැලිකඩ බන්ධනාගාරයේ මිනි මැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවෙක් බන්ධනාගාර නිලධාරින්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී අද (25) පෙරවරුවේ බන්ධනාගාරයෙන් පලා ගාස් මරදානේ දුම්රිය ස්ථානයේදී දුම්රියක නැග සිටියදී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 25 June 2023
බස් වෑන් අනතුරින් 11ක් රෝහලට යාපනය , මහනුවර ඒ නවය මාර්ගයේ කොඩිකාමම් ප්‍රදේශයේදී පෞද්ගලික බස්රථයක් වෑන්රථයක ගැටී පෙරළීයාමෙන් පුද්ගලයින් 11 දෙනකු තුවාල ලබා චාවකච්චේරි රෝහල වෙත ඇතුලත් කොට ඇතැයි කොඩිකාමම් පොලිසිය කියයි. 25 June 2023
එජාපය වැටුණේ ජනසවිය නිසා රටෙි ඩ්‍රයිවින් සීට් එකේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ බැවින් කිසිම කෙනකුට අසාධාරණයක් වන්නට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 25 June 2023
ගඟේ සෙල්ලම් දැමු ව්‍යාපාරිකයා ගඟට බිලි විනෝදයට දිය මත පදින යතුරුපැදි (ජෙක්ස්කි) බොල්ගොඩ ගඟේ පදිමින් සිටි මාළු ව්‍යාපාරිකයෙක් බොල්ගොඩ ගඟ හරහා ඇද තිබූ නැව් කඹයක පැටලීමෙන් ගඟට වැටී අතුරුදන්ව ඇතැයි පානදුර උතුර පොලිසිය කියයි. 25 June 2023
විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් රජයේ රෝහල්වලට මෙම වසර අවසන් වන විට විශේෂඥා වෛද්‍යවරු 750 ක ඌනතාවකට මුහුණදීමට සිදුවන බවත් එම රෝහල්වලට විශේෂඥා වෛද්‍යවරු 2,250 ක අවශ්‍යතාක් තිබුණ ද පසුගිය වසර අග වන විටත් විශේෂඥා වෛද්‍යවරුන් 300 ක අඩුවක් පැවැති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්ෂික ස්ථාන මාරු වාර්තාවෙන් හෙළිවෙයි. 25 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026