පියත් නිකේෂලට ඇප ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී අරගලකරුවන් ඒ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල නමැත්තා රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) නියෝග කළේය. 27 June 2023
හොර වෙදෙක් පානදුරෙන් අල්ලයි මියගිය වෛද්‍යවරයකුගේ ලියාපදිංචි අංකය භාවිතා කරමින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිට පානදුර උතුර සරික්කමුල්ල ප්‍රදේශයේ ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සහ ඔහුට සහාය දැක්වූ කාන්තාවක් අත්අඩංගුවට බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි. 27 June 2023
පනත් දෙකකට කතානායකගේ සහතිකය පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පතට සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (27) සටහන් කළේය. 27 June 2023
රුපියල් කෝටි 11 ක රන් රේගුවෙන් අල්ලයි රුපියල් කෝටි 11 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් කිලෝග්‍රෑම් 5.650 ක් සමඟ මගීන් පස් දෙනෙක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය අද (27) අත්අඩංගුවට ගත් බව රේගුව පැවසීය. 27 June 2023
ජනතා තැන්පතු වලට අත තියන්න කාටවත් බෑ ජනතාවගේ තැන්පතු වලට අත තියන්න කිසිවකුටවත් හැකියාවක් නැතැයි ජනාධිපති උපදේශක එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 27 June 2023
රුසියා කුලී හේවායනට ඇමෙරිකාව සහාය දීලා? රුසියාවේ ප්‍රධාන කුලී හේවා කණ්ඩායමක් වන වැග්නර් ක්‍රියාත්මක කළ කැරැල්ලට ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ සංවිධානය සම්බන්ධ බව රුසියාව සහ ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 27 June 2023
ස්කොට්ලන්තයට ලකුණු 246 ක ඉලක්කයක් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු වටයේ සහභාගි වන සිවුවැනි සහ අවසන් තරගය වන ස්කොට්ලන්තයට එරෙහිව බුලවායෝහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 245 ක් රැස්කළේය. 27 June 2023
ජෝර්ජියාව සමඟ සංචාරක ගිවිසුමක් සංචාරක ක්ෂෙත්රයේ සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ජෝර්ජියා ජාතික සංචාරක පරිපාලන ආයතනයේ රාජ්‍ය නීතිය පිළිබඳ නෛතික අස්ථිත්වය අතර එකඟතාවකට එළඹ ඇත. 27 June 2023
මාවුස්සා කැලේ ඉඩම් අරාබියට දෙන්න යයි සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් එල්.එල්.සී ආයතනය වෙත දීර්ඝකාලීන බදු පදනම මත ඉඩමක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 27 June 2023
වියට්නාම් තානාපති කාර්යාලයට පැන්න හොරා මාට්ටු මෙරට පිහිටි වියට්නාම් තානාපති කාර්යාලයේ පරිපාලන නිලධාරිවරයා පදිංචිව සිටින කොළඹ 7 වෝඩ් ප්‍රදේශයේ පිහිටි නිවසට හොර රහසේ ඇතුළු වී විදෙස් සහ මෙරට මුදල් තොගයක් සොරාගත් බව කියන පුද්ගලයෙක් වත්ත පොලිසිය විසින් පෙරේදා 26 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 27 June 2023
ව්‍යාජ මැණීක් පෙන්වා රන් හුවමාරු කළ තුනක් අල්ලයි ව්‍යාජ මැණික් කැට පෙන්වා ජනතාව මුලාකර ඒ වෙනුවට රණ්භාණ්ඩ හුවමාරු කරගත් තිදෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි . 27 June 2023
සරසවි සිසුන්ට මහපොළ දෙන්න මුදල් වෙන් කරයි විශ්ව විද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාරය ගෙවීම සඳහා මහපොළ භාරකාර අරමුදලින් රුපියල් කෝටි 31ක මුදලක් ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 27 June 2023
‘අස්වැසුම’ අභියාචනා ලක්ෂය පනී ‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්රමයේ ප්රතිලාභ ලාභීන් සම්බන්ධයෙන් අභියාචනා ලක්ෂයක් පමණ අද (27) දිනය වන විට ලැබී ඇති බවත් ඒ අතර විරෝධතා 6,000 ක පමණ ද ඇති බවත් සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පැවසීය. 27 June 2023
සුදු මැස්සා මට්ටු කරන්න ’’චණ්ඩියෙක්’’ දිවයින පුරා පොල් වගාවට දැවැන්ත තර්ජනයක් එල්ල කර ඇති සුදු මැස්සා ගේ හානිය වැලැක්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජෛව විද්‍යාත්මක විසඳුමක් ලෙස Encarsia guadeloupae නැමැති පරපෝෂිතයා හඳුන්වා දී තිබේ. 27 June 2023
ඡන්දෙ නොතැබුවාට එරෙහි ජාජබ පෙත්සමේ විරෝධතා විසිවෙයි පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි මාර්තු 9 වැනිදා නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) ප්‍රතික්ෂේප කළේය. 27 June 2023
බැංකු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය 1988 අංක 30 දරණ බැංකු පනතට යෝජිත සංශෝධන ඉදිරිපත් කිරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 27 June 2023
සූදු ක්‍රීඩා නියාමන අධිකාරියක් එයි සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 27 June 2023
විදේශවල ඇති ලක් උරුම නැවත ගෙනෙන්න යයි විදේශයන් සතුව ඇති ලංකාවේ සංස්කෘතික උරුමයන් නැවත ලංකාවට ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 27 June 2023
කැනඩාවේ අධ්‍යාපන වීසා දෙන බව පවසා වංචා කළ 6ක් අල්ලයි කැනඩාවේ අධ්‍යාපන වීසා ලබා දෙන පවසා මුදල් වංචා කළ සැකකරුවෙක් සහ සැකකාරියන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන අංශය කියයි. 27 June 2023
ආගමික අපහාස හොයන්න කමිටුවක් ආගමික නිදහස අහිමි කිරීම හා ආගමික කරුණු විකෘති කිරීම පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 27 June 2023
ගජමුතු විකුණන්න බැරිවෙයි:4ක් දැලේ ගජමුතු දෙකක් රුපියල් කෝටි එකහමාරකට අලෙවි කිරීම සඳහා ගැනුම්කරු පැමිණෙන තුරු මහනුවර නගරයේ රැඳී සිටිසැකකරුවන් 04 දෙනෙකු ගජමුතු දෙකද සමග මහනුවර දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 27 June 2023
‘මහාවංශය’ ලෝක උරුමයක් වෙයි ‘මහාවංශය’ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය පියවර ගෙන තිබේ. 27 June 2023
ගැමියෝ හඟුරන්කෙත පොලිසිය වටලති:පොලිසියෙන් වෙඩි හඟුරන්කෙත පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු විමට උත්සහ කළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය අහසට වෙඩි තබා ඇත. කලහකාරීන් 200ක් පමණ පිරිසක් පොලිසියේ ගේට්ටුකඩාගෙන පොලිසිය ඇතුළුවීමට උත්සහ දරූ බව පොලිසිය කියයි. 27 June 2023
සමෘද්ධි දෙන්න විස්තර හොයන්න ගියාම දියණියගෙන් ඇත්ත එළියට අස්වැසුම සහනාධාර නාමලේඛනයේ නම ඇතුළත් වී නැතැයි අභියාචනයක් ඉදිරිපත් වූ සමෘද්ධිලාභී පවුලක තොරතුරු සොයා බැලීමේ දී සැමියා වඩු වැඩපළක් පවත්වාගෙන යන කාර්මිකයකු වන බවටත් බිරිය දිවයිනේ ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක ඉහළ පෙළේ නිලධාරිනියක බවට හෙළිවීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ඊයේ වාර්තා විය. 27 June 2023
අදත් තැනින් තැනට වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 June 2023
සෞඛ්‍යයයේ වාහන 1794ක් ආගිය අතක් නෑ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794 ක් අස්ථානගතවී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 27 June 2023
කෝටිපති ව්‍යාපාරිකයකු ගැන සී.අයි.ඩී විමර්ශන වංචා කිරීමේ සහ කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණ කිහිපයක චෝදනා එල්ලවී ඇති කෝටිපති ව්‍යාපාරිකයකු පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. 26 June 2023
රත්නපුර ප්‍රා.සභා හිටපු සභාපතිගේ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල මහතා ඝාතනය කළ සමයේදී කඩයකට රුපියල් 50,000ක අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් රත්නපුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුදත් දිසානායක මහතා ඇතුළු 6 දෙනකුට රත්නපුර මාහධිකරණයෙන් නියම කළ බරපතළ වැඩ සහිත පස් වසරක සිර දඬුවම අනුමත කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන් විසින් ගොනු කරන ලද අභියාචනා පෙත්සම ඊයේ (26) නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේය. 26 June 2023
ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ විවාදයට අවශ්‍ය නම් දෙදිනක් දෙන්නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පාර්ලිමේන්තු විවාදය සඳහා අවශ්‍ය නම් දින දෙකක් වුව ද ලබාදීමට හැකියාව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නේය. 26 June 2023
වැඩබලන ඕ.අයි.සී - අයි.පී එක්ක බීලා මාට්ටු කළුතර දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පොලිස් ස්ථානයක ස්ථානාධිපති වරයා නිවාඩු ගොස් සිටියදී එහි වැඩ බලන ස්ථානාධිපතිවරයකු රාජකාරියේ නිරත වෙමින් එහි දූෂණ මර්දන අංශ භාර පොලිස් පරීක්ෂකවරයකු සමග එක්ව පොලිස් බැරැක්කයේ ඉකුත් දිනෙක රාත්‍රියේ මත්පැන් පානය කරමින් සිට ඇතැයි වාර්තාවේ. 26 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026