මත්කුඩු සමග විදෙස් ජාතිකයන් අටක් මුහුද මැදදි අල්ලයි මාලදිවයින සාගර කලාපයේ සිට මෙරට මුහුදු සීමාව ඔස්සේ යාත්‍රා කරමින් තිබූ ධීවර යාත්‍රාවක් සෝදිසි කර එම යාත්‍රාවේ තිබූ හෙරොයින් ග්‍රෑම් 926ක තොගයක් සමග ඉරාන ජාතිකයන් හය දෙනෙකු සහපකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 29 June 2023
සබ්මැරීනයේ සිටි අයගේ සිරුරු කොටස් හමුවෙලා ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට යද්දී පිපිරී විනාශ වුණු ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ නමැති ඇමෙරිකන් සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ කොටස් මෙන්ම එහි ගමන් කළ පස් දෙනාගේ ශේෂයන් ද හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 29 June 2023
තරුණියකගේ ඡායාරූප සිද්ධියකට දකුණු නිර්වේලි හි යුද්දයක් තරුණියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හැරියේ යැයි කියන සිද්ධියක් මුල් කරගනිමින් එම නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හළ බව කියන තරුණයාගේ නිවෙස පන්සීයක ගෙන් පමණ සමන්විත පිරිසක් විසින් වටලාපහර දෙමින් සිටියදී පොලීසිය අහසට වෙඩි තබා දැඩි පරිශ්‍රමයක් දරා තත්ත්ව පාලනය කළ බව අච්චුවේලී පොලීසිය පවසයි. 29 June 2023
ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් දේශීය ව්‍යාපාර රැකෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් දේශිය ව්‍යාපාරිකයින් සුරක්ෂිත වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 29 June 2023
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක් ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් අනුමත කර තිබේ. 29 June 2023
වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 16 කින් ඉහළට යයි ශ්‍රී ලංකා වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මස සියයට 16.6 කින් වර්ධනය වී ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 29 June 2023
සබරගමුවට - මධ්‍යම පළාතට වැසි සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 June 2023
නරිටා ගිය ගුවන් යානය යළි කටුනායකටම බස්සයි ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක හදිසියේ ඇති වූ, කාර්මික දෝශයක් හේතුවෙන් යළි කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇත. 29 June 2023
‘අස්වැසුම’ අභියාචනා ලක්ෂ 4 ට ආසන්න වෙයි ‘අස්වැසුම’ සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ගෙන් අභියාචනා ලක්ෂ 4 කට සහ විරෝධතා 6,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පැවසීය. 29 June 2023
වෙරි මරගාතෙ රාජකාරි කළ පී.සී ගේ වැඩ තහනම් ගම්පහ රෝහලේ පොලිස් මුරපොළේ බීමතින් රාජකාරී කරමින් සිටි පොලිස් සැරයන්වරයකු ගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි. 29 June 2023
සිංහරාජයෙන් ශාඛ ඉස්සූ විදේශකයන් තුනක් රිමාන්ඩ් වලංගු බලපත්‍රයක් නොමැතිව සංහරාජ වනාන්තරයෙන් ලබාගන්නා ලද ජිවි හා අජිවි සතුන් සහ ශාක කොටස් රැගෙන යාමට උත්සාහ කරන ලද ඉරාන ජාතිකයන් තිදෙනකු සහ ශ්‍රි ලාංකිකයකු නෙළුව වනජිවි නිලධාරින් අද සවස අත් අඩංගුවට ගෙන උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් සිව් දෙනා ලබන මස 05 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය. 28 June 2023
5000 නෝට්ටු 30ක් සමග තුනක් මාට්ටු ව්‍යාජ රුපියල් 5000 නොට්ටු 30ක් සමග සැකකරුවන් තිදෙදෙනකු අකුරැස්ස පොලිසිය විසින් අද සවස අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 28 June 2023
විදුලි ගාස්තු සංශෝධන අවසන් තීරණය 30 වැනිදා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව අවසන් තීරණය මේ මස 30 වැනිදා (සිකුරාදා) ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (28) පැවසීය. 28 June 2023
බුද්ධ දේශනාව ලොවට ගෙන යන්න කාර්යාලයක් බුදුන් වහන්වසේ දේශනා කළ උතුම් වූ බුද්ධ දර්ශනය ලොවටම ගෙන යාමේ වැඩ පිළිවෙල ක්‍රමවත්ව සහ විධිමත් වූ ක්‍රියාවලියකට අනුව කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදී බෞද්ධ සබඳතා පිළිබඳ කාර්යාංශයක් ස්ථාපිත කළේය. 28 June 2023
අමතර පන්ති නිසා රජරට දරුවන් අතරමං වෙලා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ගණිතය හා විද්‍යා විෂයයන්වලින් එහි ප්‍රතිඵල අනුව උතුරු මැද පළාතට හිමිව ඇත්තේ නවවෙනි ස්ථානයට පත්ව ඇති බව උතුරු මැද පලාත් ගණිතය විෂය බාර අධ්‍යක්ෂිකා ජිනාදරි තේනුවර මහත්මිය සඳහන් කළාය, 28 June 2023
දියණියගේ පෙම්වතා නගරය මැද දන ගස්සලා ත්‍රිරෝද රථ රියදුරකු ගේ දියණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියැයි කියන පවසමින් පාසල් සිසුවකුට කිතුල් පොල්ලක් පෙන්වා මරණ තර්ජනය කර ඌරපොල බුදු මැදුර අසල සෑහෙන වෙලාවක් දණගස්වා තබන ලදැයි කියමින් සිසුවාගේ මව පැමිණිල්ලක් කළ බව අත්තනගල්ල පොලීසිය පවසයි. 28 June 2023
ජූනි මස තේමිල සියයට 40කින් පහළට ශ්‍රී ලංකාවේ තේ මිල ජූනි මස මැද භාගයේදී සියයට 40 කින් පමණ පහත වැටී ඇතැයි නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී ඇත. 28 June 2023
ගිලන් රථයක් ලොරියේ හැපී ගිලන් වේ බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ දෝව ප්‍රදේශයේ දී ගිලන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් ගිලන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 28 June 2023
බදු දැලෙන් රිංගූ මත්පැන් නිෂ්පාදන හල්වලට රතු නියෝග බදු අය කර ගැනීමේදී මතුවන නෛතික ගැටලු කඩිනමින් විසඳීම සඳහා විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීම ඇතුළු විශේෂ යෝජනා මාලාවක් නුදුරේදීම ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 28 June 2023
අනියම් බිරියගේ අත වෙන්වෙන්න කපාදමලා අනියම් බිරිදගේ අත වෙන්වෙන්න කපාදැමූ බව කියන පුද්ගලයකු අද (28) අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි . 28 June 2023
පාතාලයන්ට හොර පාස්පෝට් හැදූ ප්‍රා.ලේකම් නිලධාරීහු මාට්ටු මෙරට විවිධ අපරාධ සිදුකර විදේශගතවීමට මාන බලන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධ කරුවන්ට ව්‍යාජ තොරතුරු ඇතුළත් ගුවන් ගමන් බලපත්‍ර සකසා දුන් බව කියන වව්නියාව සහ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරියෙක් සහ නිලධාරිනියක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 28 June 2023
ණය යෝජනාවට කැබිනට් අනුමැතිය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 28 June 2023
සහනාධාරයට නම දාගෙන සල්ලි පොලියට දෙන පිරිසකුත් ඉන්නවා සහනාධාරයට නම දාගෙන මාස හයකට අවුරුද්දකට පසු ඒ මුදල් පොලියට දෙන පිරිසකුත් ඉන්න බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. සමෘද්ධි සහනාධාර ක්රමයේ විවිධ ප්‍රශ්න තිබූ බව හැමදෙනාම දන්නා බව කී රත්නප්‍රිය මහතා ලක්ෂ දාහතක පිරිසක් සමෘද්ධි සහනාධාරය ලැබු අතර ඒ අතර සමෘද්ධි සහනාධාරය නොලැබිය යුතු පිරිසක් සිටින බවද සඳහන් කළේය. 28 June 2023
පේරාදෙණිය රෝහලේ දී ඇසිඩ් ප්‍රහාරයක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයෙ සිටි පුද්ගලයකු තවත් පුද්ගලයකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා පස් දෙනකු තුවාල ලබා ඇතැයි පේරාදෙණිය පොලිසිය කියයි. 28 June 2023
විද්‍යුත් විදුලි බිල්පත 1 වැනිදා සිට කඩදාසි විදුලි බිල්පත වෙනුවට විද්‍යුත් බිල්පතක් හෙවත් ඊ බිල්පතක් නිකුත් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලබන ජූලි මස 1 වැනිදා සිට ආරම්භ කරන බව විදුලිබල මණ්ඩලය පවසයි. 28 June 2023
ගයා අල්විස් දිවි ගමනට සමු දෙයි සම්මානනීය ලේඛක ගීපද රචකයකු සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු මෙන්ම ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයකු වූ ගයා අල්විස් මහතා අද දහවල් හදිසියේ අභාවප්‍රාප්ත විය. 28 June 2023
කැලණිවැලි යළි හරි කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථාතත්ත්වයට පත් ව ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහතා ලංකාදීපයට පැවසීය. ඒ අනුව අද පස්වරු 2.00 ට කැළණිවැලි දුම්රිය යථා පරිදි ධාවනයට පියවර ගත් බව ඒ මහතා ප්‍රකාශ කළේය. 28 June 2023
මැතිසබා මහලේකම්වරියගෙන් මන්ත්‍රීවරුන්ට ලිපියක් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාව විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව අනිද්දා (1) රැස් වන බව පාර්ලිමේන්තු මහලේකම් මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊයේ (28) ලිපියකින් දැනුම් දුන්නාය. 28 June 2023
රත්තරන් මිලේ සුළු වෙනස්කම් ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල මේ දිනවල එකම පරාසයක පවතින බවත් මිල සුළු ඉහළ සහ පහළ යෑම් දිනෙන් දින දැකිය හැකි බවත් දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 28 June 2023
අයි.පී. අනතුරින් මරුට මාකුඹුර අධිවේගී පිවිසුමට ආසන්නයේදී ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් හෝමාගම පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අද උදෑසන මියගිය බව පොලිසිය කියයි. 28 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026